Saturday, May 26, 2018

රාජ්‍ය අංශයෙන් ලබාදෙන එන්නත්

🍁🍁🍁රාජ්‍ය අංශයෙන් ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත්🍁🍁🍁

💚අපේ රාජ්‍ය අංශයේ රෝහල් වල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ලබාදෙන එන්නත් වගේම
💚පෞද්ගලික අංශය මගින් ලබාදෙන 
එන්නත් කිහිපයකුත් තියෙනවා.

💚අපි මුලින්ම බලමු රාජ්‍ය අංශයෙන් ලබාගත හැකි එන්නත් මොනවද කියලා

💜BCG එන්නත 
         බබා ඉපදිලා පැය 24  ක් ඇතුලත මේ එන්නත ලබා දෙනවා
TBනැත්නම් ක්ෂය රෝගය වලක්වා ගැනීමට මේ එන්නත ලබාදෙනවා
හැබැයි මේ එන්නත නිසා Primary TB කියන පෙනහළු වලට ඇතිවන තත්ත්වය වැලකෙන්නේ නෑ
TB meningitis  හා milliary TB කියන තත්ත්වය න් වලක්වා ගන්න පුළුවන් 


💜OPV, Pentavalant and IPV

             2,4 යන මාස වලදී මේ එන්නත් ලබාදෙනවා
6 වන මාසයේදී OPV, Pentavalant යන එන්නත් දෙක ලබාදෙනවා 

💜18වන මාසයේදී OPV සමග DTP ලබාදෙනවා (ඉස්සර ඉදන්ම  දෙන TRIPLE එක)

💜අවුරුදු  5 දී OPV හාDT ලබාදෙනවා 

💜අවුරුදු 12දී aTD ලබාදෙනවා

💛පෝලියෝ බිංදු හා පෝලියෝ විදින එන්නත
පෝලියෝ බිංදු වලින් පෝලියෝ බෝවීම  වලක්වනවා
පෝලියෝ විදින එන්නත මගින් පෝලියෝ රෝගය සෑදීම  වලක්වනවා 
පෝලියෝ දැන ට ලංකාවේ  වාර්තා  නොවුනත්  කලාපයේ අනෙක්  රටවල්වල  පවතින නිසා මේ එන්නත් ලබාගන්න  ඕන

💛Pentavalant එන්නත
 ගලපටලය , කක්කල් කැස්ස , පිටගැස්ම , හෙපටයිටිස් B  සහ Haemophyllus influenza type b වලින් දරුවන්ට ඇතිවන නියුමෝනියා හා meningitis රෝග වැලැක්වීමට යොදා ගනී

💛පෞද්ගලික අංශයේ infantrix  hexa යන නමින් පෝලියෝ ත් එකතු කරලා ඉහත සඳහන් ඉතිරි රෝගත් වැලැක්වීම  සදහා  එක එන්නතක් ලෙස මාස දෙක  හතර  හය හා දහ අටේදි  ලබාදෙන වා

💜DTP 
ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස යන රෝග වැලැක්වීමට 

💜DT
ගලපටලය  හා පිටගැස්ම රෝග වැලැක්වීමට 

💜aTD
 පිටගැස්ම හා ගලපටලය සදහා 

මේ එන්නත් වලින් අවුරුදු දහයක ආරක්ෂාවක් තමයි ලැබෙන්නේ . 

පිටගැස්ම එන්නත 
    💕💕💕💕වැදගත්ම දේ  තමයි පිටගැස්ම එන්නත , මේ එන්නත්  නියමිත පරිදි ලබා දී ඇත්නම්  මේ එන්නත් අතර තුර කාලයේදිවත් අවුරුදු  12දී දෙන පිටගැස්ම එන්නතින් අවුරුදු 10 ක් යනතුරු සාමාන්‍ය තුවාලයක් සදහා පිටගැස්ම එන්නත ලබාදිය යුතු නැහැ.
නමුත්  contaminated තුවාලයකට පිටගැස්ම එක එන්නතක්  ලබාදිය යුතුයි 

මේ එන්නත් නියමිත පරිදි  ලබාදී නැත්නම් සාමාන්‍ය  තුවාලයකට වුවත් පිටගැස්ම එන්නත පලවන දවසේ නැවත සති 4 කින් මාස 6 කින් අවුරුදු 5 කින්  හා අවුරුදු  10 කින් ලබාදිය යුතුයි
💞💞💞ගර්භනී කාන්තාවන් සදහා පලවන ගර්භනී අවධියේදී සති12 න් පසුව පලමු එන්නත ත් එයින් සති 6  සිට 8 දක්වා දෙවන එන්නතත් ලබාදෙයි
දෙවන  , තුන්වන හා හතරවන ගර්භනී අවස්ථා සදහා එන්නත් එක බැගින්   සති12  න් පසුව ලබාදෙයි
ඊට පසු ගර්භනී අවස්ථා සදහා පිටගැස්ම එන්නත  අවශ්‍ය වන්නේ නැත
පොඩි කාලයේ පිටගැස්ම සදහා එන්නත් හයම ලබාගත් කෙනෙකුට අවුරුදු 10ක් නම් අන්තිම පිටගැස්ම එන්නතට එක එන්නත ක් ලබාදුන්නම ඇති.

💜හෙපටයිටිස් B එන්නත
      2, 4, 6 යන මාස වල විදින මෙම එන්නත මගින් ජීවිත කාලයටම අවශ්‍ය  ප්‍රතිශක්තිය ලබාදෙනවා 
නමුත්  පුද්ගලයන් මත වෙනස් වන නිසා හෙපටයිටිස්  B ආසාදනයක් වෙන්න පුළුවන්  අවස්ථාවක ශරීරයේ ප්‍රතිදේහ ප්‍රමාණය  අනුව නැවත එන්නත ලබා දිය යුතුයි 
මේ එන්නත 2003 වර්ෂයෙන් පසුව උපන් බබාලට පමණයි ලබාදුන්නේ. 
මෙම එන්නත ඕනම වයසක කෙනෙකුට විදින්න පුලුවන්
පලමු එන්නතින් මාසයකට පසුව දෙවන එන්නතත් මාස හයකට පසුව තෙවන එන්නතත්  වශයෙන්.
හෙපටයිටිස් B ආසාදනය වන්නේ ශරීරයේ පවතින තරල මගින්
 රුධිරය මගින් 
අනාරක්ෂිත  ප්‍රජනන ක්‍රියා මගින් 
විදින කටු මගින් 
ලෝකයේ  සමහර ප්‍රදේශවල මේ රෝගය බහුලව වාර්තා වෙනවා 
එම ප්‍රදේශවල ට යාමට පෙරත් ඉහත ආකාරයේ  දෙයක් සදහා hepatitis B ආසාදිත පුද්ගලයෙකුට  නිරාවරණය  වුනොත් හෝ හෙපටයිටිස් Bආසාදිත මවක් බිහිකල දරුවෙකු  සදහා 0,1,2 මාස වලදී හා අවුරුද්දේදී මෙම එන්නත ලබාදිය යුතුය 

💜Haemophyllus influenza B vaccination 
2, 4, 6 යන මාස වලදී මෙම එන්නත  ලබාදෙනවා 
ඉහත සඳහන් බැක්ටීරියාව නිසා  කුඩා දරුවන්ට  ඇතිවන නියුමෝනියාව හා meningitis රෝග වැලැක්වීමට 
පලවන අවුරුද්දේ මග හැරුන බබෙකුට දෙවන අවුරුද්දේ එක එන්නතක් ලබාදුන්නම ඇති

💜MMR එන්නත
සරම්ප, කම්මුල් ගාය , රුබෙල්ලා යන රෝග වලින් වැලකීමට මෙම එන්නත මාස 9 දී හා අවුරුදු 3 අවසානයේදි ලබාදෙනවා
ඊට අමතරව අවුරුදු 13 ත් 44 ත් අතර ගර්භනී නොවන කාන්තාවන්ට ලබාදිය යුතුය 

💜JE එන්නත
අවුරුද්ද පිරුණු  බබාලට එක එන්නතක් ලෙස ලබාදෙයි

💜HPV එන්නත
   හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම දැරියන්ට අනාගත පරපුරේ ගැබ්ගෙල පිළිකා වැලැක්වීමට මාස හයක් ඇතුලත එන්නත් දෙකක් වශයෙන්  ලබාදෙයි














  

  

No comments:

Post a Comment