Saturday, May 19, 2018

ගර්භනී සමය පලවන ත්‍රෛමාසිකය

☺මම  අද ලියන්න  ඔයාලා ගේ කුසේ වැඩෙන බබා කොහොමද වැඩෙන්නේ ඒ කාලේ අපි මොනවද කරන්න  ඕන  කියලා

😇මුලින්ම  කියන්න ඕන විවාහ වුන ගමන් කෙනෙක් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඒ බව දන්වන්න ඕන
😇බබෙක් බලාපොරොත්තුව ඉන්න කෙනෙක් folic acid ගන්න ඕන
😇සමබල ආහාර වේලක් ගන්න ඕන

🌹අපි කියනවා බබා මාස දහයක්  නැත්නම් සති හතලිහක් කුසේ ඉන්නවා  කියලා ඒත් මේ සති ගණන් කරන්නේ අන්තිම මාස් ශුද්ධිය පටන් ගත් දවසේ ඉදන්

🌸පලවන සති දෙක
1,2 සති

මේ කාලයේ මාස් ශුද්ධිය ඇතිවී ම ,ඩිම්බ මේරිම හා ඩිම්බ මෝචනය ට සුදානම් වීම සිදුවෙනවා
👍folic acid දිගටම ගන්න
👍සමබල ආහාර වේලක් ගන්න

🌸3  සතිය
නියමිත කාලයේ දින28 කින් මාස් ශුද්ධිය වන කෙනෙක්ට  ඩිම්බ මෝචනය  සති තුනේදී සිදුවෙනවා
ඩිම්බ කෝෂ වලින් පිටවන ඩිම්බය  පැලෝපියන් නාලයේ දි ශුක්‍රාණුව හා  එක්වී යුක්තානුව බවට පත්වෙනවා
මේ යුක්තානුව බෙදෙන්න අරගන්නවා  ඒකට අපි කියන්නේ  කළලය කියලා කළලය ගර්භාෂය ට ගොස් තැන්පත් වෙනවා
සුභ පැතුම්  දැන් ඔයා ගැබ්ගෙන
මේ සතිය තුල කෝරියම,කළලාවාරය, කළලාවාරික තරලය සෑදි කළලයට ආරක්ෂාව සපයනවා
මේ අවස්ථාවේ කළලය ඉදිකටු තුඩක් පමණ වෙනවා

🌸හතර වන සතිය
මේ අවස්ථාවේ කලලය කොටස්
දෙකකට බෙදෙනවා එක කොටසක්  වැදෑමහ බවට පත් වෙනවා .මේ වැදෑමහ ඔයාවයි බබාවයි සම්බන්ධ කරලා බබාට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා වැදෑමහෙන් තමයි hcG කියන හෝර්මෝන ය ශ්‍රාවය වෙන්නේ
ඒ වගේම අනෙක්  කොටස ස්ථර තුනකට  බෙදෙනවා
බහිෂ් චර්මය මෙයින් බබාගේ ස්නායු පද්ධතිය. ,සම, කෙස්, නියපොතු ,ක්ෂීර ග්‍රන්ථි,දහඩිය ග්‍රන්ථි වගේ දේවල් හැදෙනවා
මධ්‍ය චර්මය බබාගේ හදවත රුධිර සංසරණ පද්ධතිය. ,  අස්ථි කොටස් කාඨිලේජ වගේ දේවල් හැදෙන්නේ  මේකෙන් තමයි

අන්තෝ චර්මයෙන් පෙනහළු  වගේම  ආහාර මාර්ගයේ වගේ තැන්වල ඇතුලත පටල සකස් කරනවා

🌸පස් වන සතිය

දැන්  ඔයාලා ඉන්නේ මාස් ශුද්ධිය ප්‍රමාද වෙලා  සතුටෙන්  වගේම  බයෙන්
මූත්‍රා පරීක්ෂණ ය ගෙදරදීම කරගන්න පුළුවන්
උදේ පාන්දර කරනවනම්  වැඩිය හොදයි
මේක සමහර වෙලාවට positive නොවෙන්නත් පුළුවන්
දුක් වෙන්න එපා  තව සතියක් කල් දෙන්න
positive  වුනාද සුභ පැතුම්   මුලින්ම  ගමේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න
ගමේ  clinic එකේ register වෙන්න
clinic  එන්න කියන දවසට යන්න  මේ සායනයේදි ඔයාගේ උස බර මනිනවා
හිමෝග්ලොබින් , රුධිරයේ සීනි මට්ටම , සමාජ රෝග. , රුධිර වර්ගය පරික්ෂා  කරනවා ළඟම ඇති රෝහල වෙත යොමු කරනවා
බලමු කුසතුලට ගිහිල්ල මෙන්න ඉන්නවා ඉස්ගෙඩියෙක් වගේ 
හදවතත් වැඩ කරනවා
ඇස් කන් අස්ථි කොටස්  හැදෙන්න පටන් අරගෙන

🌸සයවන සතිය

දැන් ඔයාට චුට්ටක් අමාරු යිනේ වමනේ ඔක්කාර ගතියක්  එනවනේ 
බඩත් යාන්තම් කකියනවා නේද
සමහර වෙලාවට යෝනි මාර්ගයෙන් රුධිර බිංදුවක් විතර පිටවෙන්න  පුළුවන්
ගොඩක් වමනය යනවනම්
වමනය  සමග ලේ පිටවෙනවනම්
ඇස් කහ වෙනවනම්
රුධිරය වැඩිපුර වහනය වෙනවනම්
බඩ ගොඩක්  රිදෙනවනම් ළඟම ඇති රෝහල වෙත හෝ නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු වෙතට යොමු  වෙන්න ඕන
පොඩි ඔක්කාර යක් වමනයක් නම් උදේ පාන්දර  නම් නාන්න
උදේ  ඇදෙන් නගිටින්න පෙර cream cracker වගේ බිස්කට් එකක් කන්න
ගෙදර වැඩ කරන්න  අතුගාන්න .
දවල්ට නිදාගන්න එපා

දැන් බබාගේ මුහුණ  පෙනහළු හැදෙන්න  පටන් අරගෙන අත් කකුල්නුත් හැදෙන්න අරන්

🌸සත්වන සතිය
තන පුඩුත් චුට්ටක් රිදෙනව නේද
ඒත් ඉතින් කොයිතරම් දෙයක්ද කුස තුල චූටි පැටියෙක් හැදෙනවා නේ
දැන් එයා ඉස්සෙල්ලා සතියට වඩා දිග ඇරිලා අඟලක්  විතර වෙලා
උරහිස් දණිස් වැලමිට අක්මාව වකුගඩු ඇස් පිහාටු  වගේ දේවල්  හැදෙන්න පටන් අරන්

🌸අටවන සතිය
දැන් ඔයාලා   clinic ගිහිල්ලා ඇති නේද
නැත්නම්  මේ සතියේ යනවා නේද
පියයුරු චුට්ටක්  ලොකු වෙලාද
නින්ද ත් හරියට නෑ නේද
මොනවා තිබ්බත් සමබල ආහාර වේලක් ගන්න
චූටිය ගේ දැන්  ඇඟිලි ත් හැදෙන්න පටන් අරන්
මූණත් ටිකක්  හැදිලා කන් එහෙමත් එලියට එන්න අරන්
දැන් වළිඟයත් නෑ

🌸නවවන සතිය

බඩ පපුව දැවිල්ල තියනවා නේද
චුට්ට චුට්ට වැඩි වේල් ගණනක්  ආහාර ගන්න
මිරිස් තෙල් තුනපහ වැඩි කෑම කන්න එපා
වැඩි වාර ගණනක් මූත්‍රා පිට කරන්න ඕන ද
ඒ වුනත් වතුර ගොඩක් බොන්න
නැත්නම් මූත්‍ර ආසාදන හැදෙන්න පුළුවන් මූත්‍ර දාන්න  ඕන වුන ගමන් මූත්‍ර පිටකරන්න
බබා දැන් ලොකු මිදි ගෙඩියක් තරම් බබෙක් වගේ පේනවා ඔක්කොම සන්ධි හැදිලා
හදවතත් කුටීර වලට බෙදිලා
අත් ගුලි කරගෙන ඉන්නවා

🌸දහවන සතිය වන විට ගොඩක් අවයව හැදිලා හැබැයි  mature වෙන්න ඕන

🌸සති 12

උදරය චුට්ටක් ඉදිරියට නෙරා ඇවිත්
මුල්ම scanඑකට ලෑස්ති වෙන්න දින වැරදි නම් දැන ගන්නත් පුළුවන්
පලවන බබා නෙවෙයි නම් ඇදුම් මාරුකරන්නත් කාලේ හරි
දැන් පලවන trimester  එක ඉවරයි

💛💚💜අපි දැන් බලමු  ඒ කාලයේ අපි අවධානය යොමු කලයුතු දේවල්

👹ectopic pregnancy ගර්භාෂයෙන් පිටත කලලය තැන්පත් වීම👹
සති හයෙන් පසුව ඔයාලට  උදරයේ කැක්කුමක් එනවනම්
රුධිර වහනයක් වෙනවනම්
ඒ ගර්භාෂයෙන් පිටත සිදුවූ ගැබ්ගැනීමක් නිසා  විය හැකියි
පැලෝපියන් නාලයේ ගැබ් ගැනීම්  නිසා පැලෝපියන් නාලයේ පුපුරා  අභ්‍යන්තර රුධිර වහනය ක් සිදුවී ජීවිතය පවා අවධානම්  වෙන්නත් පුළුවන්
ඒ නිසා සති හයෙන් පසුව ඔයාලට  උදරයේ කැක්කුමක් එනවනම්
රුධිර වහනයක් වෙනවනම් නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු වෙතට හෝ ළඟම රෝහල වෙත යොමු වෙන්න ඕන ස්කෑන් පරීක්ෂණ යක් , හා රුධිරයේ බීටාhcg පරීක්ෂණ යක් මඟින් මේ තත්ත්වය හදුනා ගන්න පුළුවන් මේ තත්ත්වය සදහා විවිධ හේතු තියනවා
ඉක්මනින් හදුනගත්තොත් පැලෝපියන් නාලයේ ශල්‍යකර්ම යක් නොකර වැඩේ ගොඩ දාගන්න පුළුවන් හැබැයි ectopic pregnancy එකකින් පස්සෙ මාස හය ක් වෙනකම් බබෙක් බලාපොරොත්තු වෙන්න එපා

👹මුල් මාස තුනේ ඇතිවන ගබ්සාවීම්👹

මුල් මාස තුනේ ඇතිවන රුධිර වහනය ක් කොන්දේ කැක්කුමක් බඩේ කැක්කුමක් දුඹුරු පැහැති ශ්‍රාවයක් ගබ්සා වීමක් නිසා වියහැකියි
මෙයට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ  ජානමය ප්‍රශ්න
ඊට අමතරව ආසාදන. , දියවැඩියාව. , මානසික ආතතිය. , හදිසි අනතුරු නිසා වෙන්න පුළුවන්
ලිංගික එක්වීම මේකට හේතුවක් නෙවෙයි
මේ වෙලාවේ දිත් ප්‍රසව හා නාරි රෝග පිලිබද වෛද්‍ය වරයෙකු වෙතට හෝ රෝහලකට යොමු විය යුතු යි
සමහර වෙලාවට බබා හොදට ඉන්නවා වෙන්නත් පුළුවන්
සමහර වෙලාවට බබා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා වෙන්නත් පුළුවන්
සමහර වෙලාවට කලලයේ කොටස් ඉතුරුවෙලා  තියෙන්නත් පුළුවන්
කොටස් ඉතුරුවෙලා තියනවනම්  ERPC කියන සැත්කම මගින් මේ කොටස් ඉවත් කරනවා
missed  miscarriage කියලා දෙයක් තියනවා මේ අවස්ථාවේ දී කලලය
ගර්භාෂය තුල මිය ගිහින්
දුඹුරු පැහැ ශ්‍රාවයක් පිටවෙන්න පුළුවන් scan එකකින් පස්සෙ  අදුරගන්නත් පුළුවන්
මේ අවස්ථාවේ කළලය බෙහෙත් දැමීම මගින් හෝ D&E යන සැත්කම මගින් ඉවත් කරනවා ගබ්සාවීමකින් මාස තුනක් යනකම්  නැවත බබෙක් බලාපොරොත්තු වෙන්න එපා

👹molar pregnancy👹

ගොඩක් වමනය යනවනම්
   තද දුඹුරු හෝ ලා රතු පැහැශ්‍රාවය ක් පිටවෙනවනම්
මේ තත්ත්වය වෙන්නත් පුළුවන් මේ වාගේ අවස්ථාවක දි නාරි රෝග පිලිබද වෛද්‍ය වරයෙකුට හෝ රෝහලකට යොමුවෙන්න ඕන
මේ අවස්ථාවේ  ගර්භාෂය normal pregnancy එකට වඩා ලොකු යි
scan පරීක්ෂණ යක්මඟින් හා serum beta hcG පරීක්ෂණ ය මඟින් මේ  තත්ත්වය හදුනා ගන්න පුළුවන්
suction evacuation නම් සැත්කම මගින් මේ කොටස් ඉවත් කරනවා මේකේ තියන නරකම දේ මේක පිළිකාවක් වගේ වර්ධනය වෙන්න පුළුවන්
ගර්භාෂයේ මැද කොටස් වලට ගියොත් ගර්භාෂය අයින් කරන්න ඕන
ඒ වගේම      molar pregnancy එක හෝ ගර්භාෂය අයින් කලාට පස්සෙත් serum beta hcG   normal  වෙන්නේ නැත්නම් පිළිකා මර්ධන ඖෂධ වර්ග දෙන්න ඕන
molar pregnancy එකකින්  පස්සෙ  serum  beta hcG  මාස හය සිට අවුරුද්දක් කාලයක් යනකම් මනිනවා
ඒ වනතුරු නැවත  බබෙක් බලාපොරොත්තුවෙන්න එපා

No comments:

Post a Comment