Sunday, May 27, 2018

පෞද්ගලික අංශය මගින් ලබාදෙන එන්නත්

🍁🍁🍁පෞද්ගලික අංශයෙන් ලබාගත හැකි එන්නත්

💜Varicella Zoster vaccine
  chicken pox නැත්නම් පැපොල රෝගය වලක්වා ගැනීම සඳහා මෙම එන්නත දෙනු ලබයි
🍂මාස 12 සිට මාස 15 අතර කාලයේ එක එන්නතකුත් අවුරුදු 4 සිට 6දක්වා දෙවන එන්නතත් ලෙස විදිය යුතුයි
🍂මාස 12 -15 අතර කාලයේ මෙම එන්නත ලබා නොදුන් අවුරුදු 12 ට අඩු දරුවෙකුට පලවන එන්නතින් මාස තුනකට පසුව දෙවන එන්නත දෙන්න ඕන
🍂අවුරුදු 12 න් පසුව සති 6 සිට10ක් ඇතුලත එන්නත් දෙකක් වශයෙන් ලබාදිය යුතුයි
🍂මෙම එන්නත පෞද්ගලික  අංශයෙන් එන්නත් ලබාගන්න  කෙනෙක්නම් අනෙත්  එන්නත්  එක්කම.එක දවසේ තැන් දෙකකට වෙන වෙනම ලබාගන්න පුළුවන්
🍂එහෙම  නැත්නම්  අනෙක් එන්නතකින් මාසයකට වත් පරතරයක් සහිතව ලබාගත යුතු යි

💜Influenza vaccine
  මේ දවස්වල  වැදගත් වන තවත් එන්නතක්
🍂මෙම එන්නත මාස හයෙන් අඩු බබාලට දෙන්නේ නෑ
🍂මාස හයේ සිට අවුරුදු තුන දක්වා සාමාන්‍ය අයට දෙනවා වගේ බාගයක් තමයි දෙන්නේ
🍂අවුරුදු නවය දක්වා මීට පෙර මෙම එන්නත ලබාදුන්  නැති දරුවන් ට මාසයක පරතරය සහිතව එන්නත් දෙකක් ලෙස ලබාදිය යුතුයි
🍂අවුරුදු නවයෙන් පසුව එක එන්නතක් පමණක් ලබාදිය හැකියි
🍂ඒවුනත් මෙහි ආරක්ෂාව පවතින්නේ අවුරුද්දයි
වසරක් පාසා මෙම එන්නත  ලබාගත යුතුයි
🍂මෙය බොහෝ දුරට වැදගත් වන්නේ ප්‍රතිශක්තිය අඩු වැඩිමහළු පුද්ගලයන්ට හා දීර්ඝකාලීන  රෝග තත්ත්වයන් තියන පුද්ගලයන් සඳහා යි

💜pneumococcal vaccine
   පොඩි අයට විදින්නේ  pneumococcal conjugate vaccineඑක
🍂මේ vaccine එක 2, 4, 6 යන මාස වලදී අනිත් එන්නත් එක්කම විදින්න ඕන
🍂එතකොට අනෙක් එන්නත ත් පෞද්ගලික අංශයෙන්ම ලබාගත යුතුයි
🍂මේ කාලයේදි විදින්න බැරිවුනොත්
මාස  7න් පසුව පලවන එන්නත විද්දොත් ආය සති 4කින් දෙවන එන්නතත් බබාට  අවුරුද්දෙන් පස්සේ තුන්වන එන්නතත්  විදිය යුතුයි
🍂අවුරුද්දෙන් පසුව පලමු එන්නත විදිනවනම් මාස දෙකකට පසුව තවත් එන්නතක් විදිය යුතුයි
🍂අවුරුදු 2 සිට 5 දක්වා එක එන්නත ක් ප්‍රමාණවත්
මෙයින් ලැබෙන ප්‍රතිශක්තිය අවුරුදු තුනකට  ප්‍රමාණවත්.
🍂flu   කියන තත්වයන් පවතින කාලවලට වැදගත්ම එන්නත මෙයයි
🍂මේමගින් secondary infection වලක්වනවා
💞💞life saving

💜Rota virus එන්නත

අවුරුදු  තුනට අඩු බබාලා ට පාචනය හා විජලනය හැදෙන්න ප්‍රධාන හේතුව මේ Rota virus එක කියලයි සැළකෙන්නේ.
නමුත්  ලංකාවේ මේ නිසා වන මරණ සංඛ්‍යාව නම් අනෙක් රටවල් එක්ක බලනකොට ගොඩාක් අඩුයි
මේ සදහා එන්නත් වර්ග දෙකක් තියෙනවා
ලංකාවේ තියෙන්නේ live attenuated oral vaccine එකක් මුඛයෙන් දෙන්නේ
🍂සති හයට වැඩි බබාලට දෙන්න පුළුවන්
🍂සති හතරකට පස්සේ ආය දෙන්න ඕන
🍂සාමාන්‍යයෙන් දෙන්නේ මාස දෙකේදී  හා හතරේදි අනෙක්  එන්නත් සමග

💜Hepatitis A එන්නත

මේ ආහාර මගින් ඇතිවන හෙපටයිටිස් සදහා දෙනු ලබන එන්නතයි
🍂අවුරුදු දෙකට වැඩි අයට දෙන්නේ.
🍂පලවන එන්නත දීලා මාස හයේ මාස දොලහ දක්වා තව එන්නතක් දෙන්න ඕන
මීට පෙර රාජ්‍ය අංශය මගින් දෙනු ලබන එන්නත් ගැන සදහන්  කලා infantrix hexa ගැන එහි සදහන් හවසට link එක දාන්නම්
චුට්ටිගේ ලෝකය 🌼🌻🌼

Saturday, May 26, 2018

රාජ්‍ය අංශයෙන් ලබාදෙන එන්නත්

🍁🍁🍁රාජ්‍ය අංශයෙන් ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත්🍁🍁🍁

💚අපේ රාජ්‍ය අංශයේ රෝහල් වල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් ලබාදෙන එන්නත් වගේම
💚පෞද්ගලික අංශය මගින් ලබාදෙන 
එන්නත් කිහිපයකුත් තියෙනවා.

💚අපි මුලින්ම බලමු රාජ්‍ය අංශයෙන් ලබාගත හැකි එන්නත් මොනවද කියලා

💜BCG එන්නත 
         බබා ඉපදිලා පැය 24  ක් ඇතුලත මේ එන්නත ලබා දෙනවා
TBනැත්නම් ක්ෂය රෝගය වලක්වා ගැනීමට මේ එන්නත ලබාදෙනවා
හැබැයි මේ එන්නත නිසා Primary TB කියන පෙනහළු වලට ඇතිවන තත්ත්වය වැලකෙන්නේ නෑ
TB meningitis  හා milliary TB කියන තත්ත්වය න් වලක්වා ගන්න පුළුවන් 


💜OPV, Pentavalant and IPV

             2,4 යන මාස වලදී මේ එන්නත් ලබාදෙනවා
6 වන මාසයේදී OPV, Pentavalant යන එන්නත් දෙක ලබාදෙනවා 

💜18වන මාසයේදී OPV සමග DTP ලබාදෙනවා (ඉස්සර ඉදන්ම  දෙන TRIPLE එක)

💜අවුරුදු  5 දී OPV හාDT ලබාදෙනවා 

💜අවුරුදු 12දී aTD ලබාදෙනවා

💛පෝලියෝ බිංදු හා පෝලියෝ විදින එන්නත
පෝලියෝ බිංදු වලින් පෝලියෝ බෝවීම  වලක්වනවා
පෝලියෝ විදින එන්නත මගින් පෝලියෝ රෝගය සෑදීම  වලක්වනවා 
පෝලියෝ දැන ට ලංකාවේ  වාර්තා  නොවුනත්  කලාපයේ අනෙක්  රටවල්වල  පවතින නිසා මේ එන්නත් ලබාගන්න  ඕන

💛Pentavalant එන්නත
 ගලපටලය , කක්කල් කැස්ස , පිටගැස්ම , හෙපටයිටිස් B  සහ Haemophyllus influenza type b වලින් දරුවන්ට ඇතිවන නියුමෝනියා හා meningitis රෝග වැලැක්වීමට යොදා ගනී

💛පෞද්ගලික අංශයේ infantrix  hexa යන නමින් පෝලියෝ ත් එකතු කරලා ඉහත සඳහන් ඉතිරි රෝගත් වැලැක්වීම  සදහා  එක එන්නතක් ලෙස මාස දෙක  හතර  හය හා දහ අටේදි  ලබාදෙන වා

💜DTP 
ගලපටලය, පිටගැස්ම, කක්කල් කැස්ස යන රෝග වැලැක්වීමට 

💜DT
ගලපටලය  හා පිටගැස්ම රෝග වැලැක්වීමට 

💜aTD
 පිටගැස්ම හා ගලපටලය සදහා 

මේ එන්නත් වලින් අවුරුදු දහයක ආරක්ෂාවක් තමයි ලැබෙන්නේ . 

පිටගැස්ම එන්නත 
    💕💕💕💕වැදගත්ම දේ  තමයි පිටගැස්ම එන්නත , මේ එන්නත්  නියමිත පරිදි ලබා දී ඇත්නම්  මේ එන්නත් අතර තුර කාලයේදිවත් අවුරුදු  12දී දෙන පිටගැස්ම එන්නතින් අවුරුදු 10 ක් යනතුරු සාමාන්‍ය තුවාලයක් සදහා පිටගැස්ම එන්නත ලබාදිය යුතු නැහැ.
නමුත්  contaminated තුවාලයකට පිටගැස්ම එක එන්නතක්  ලබාදිය යුතුයි 

මේ එන්නත් නියමිත පරිදි  ලබාදී නැත්නම් සාමාන්‍ය  තුවාලයකට වුවත් පිටගැස්ම එන්නත පලවන දවසේ නැවත සති 4 කින් මාස 6 කින් අවුරුදු 5 කින්  හා අවුරුදු  10 කින් ලබාදිය යුතුයි
💞💞💞ගර්භනී කාන්තාවන් සදහා පලවන ගර්භනී අවධියේදී සති12 න් පසුව පලමු එන්නත ත් එයින් සති 6  සිට 8 දක්වා දෙවන එන්නතත් ලබාදෙයි
දෙවන  , තුන්වන හා හතරවන ගර්භනී අවස්ථා සදහා එන්නත් එක බැගින්   සති12  න් පසුව ලබාදෙයි
ඊට පසු ගර්භනී අවස්ථා සදහා පිටගැස්ම එන්නත  අවශ්‍ය වන්නේ නැත
පොඩි කාලයේ පිටගැස්ම සදහා එන්නත් හයම ලබාගත් කෙනෙකුට අවුරුදු 10ක් නම් අන්තිම පිටගැස්ම එන්නතට එක එන්නත ක් ලබාදුන්නම ඇති.

💜හෙපටයිටිස් B එන්නත
      2, 4, 6 යන මාස වල විදින මෙම එන්නත මගින් ජීවිත කාලයටම අවශ්‍ය  ප්‍රතිශක්තිය ලබාදෙනවා 
නමුත්  පුද්ගලයන් මත වෙනස් වන නිසා හෙපටයිටිස්  B ආසාදනයක් වෙන්න පුළුවන්  අවස්ථාවක ශරීරයේ ප්‍රතිදේහ ප්‍රමාණය  අනුව නැවත එන්නත ලබා දිය යුතුයි 
මේ එන්නත 2003 වර්ෂයෙන් පසුව උපන් බබාලට පමණයි ලබාදුන්නේ. 
මෙම එන්නත ඕනම වයසක කෙනෙකුට විදින්න පුලුවන්
පලමු එන්නතින් මාසයකට පසුව දෙවන එන්නතත් මාස හයකට පසුව තෙවන එන්නතත්  වශයෙන්.
හෙපටයිටිස් B ආසාදනය වන්නේ ශරීරයේ පවතින තරල මගින්
 රුධිරය මගින් 
අනාරක්ෂිත  ප්‍රජනන ක්‍රියා මගින් 
විදින කටු මගින් 
ලෝකයේ  සමහර ප්‍රදේශවල මේ රෝගය බහුලව වාර්තා වෙනවා 
එම ප්‍රදේශවල ට යාමට පෙරත් ඉහත ආකාරයේ  දෙයක් සදහා hepatitis B ආසාදිත පුද්ගලයෙකුට  නිරාවරණය  වුනොත් හෝ හෙපටයිටිස් Bආසාදිත මවක් බිහිකල දරුවෙකු  සදහා 0,1,2 මාස වලදී හා අවුරුද්දේදී මෙම එන්නත ලබාදිය යුතුය 

💜Haemophyllus influenza B vaccination 
2, 4, 6 යන මාස වලදී මෙම එන්නත  ලබාදෙනවා 
ඉහත සඳහන් බැක්ටීරියාව නිසා  කුඩා දරුවන්ට  ඇතිවන නියුමෝනියාව හා meningitis රෝග වැලැක්වීමට 
පලවන අවුරුද්දේ මග හැරුන බබෙකුට දෙවන අවුරුද්දේ එක එන්නතක් ලබාදුන්නම ඇති

💜MMR එන්නත
සරම්ප, කම්මුල් ගාය , රුබෙල්ලා යන රෝග වලින් වැලකීමට මෙම එන්නත මාස 9 දී හා අවුරුදු 3 අවසානයේදි ලබාදෙනවා
ඊට අමතරව අවුරුදු 13 ත් 44 ත් අතර ගර්භනී නොවන කාන්තාවන්ට ලබාදිය යුතුය 

💜JE එන්නත
අවුරුද්ද පිරුණු  බබාලට එක එන්නතක් ලෙස ලබාදෙයි

💜HPV එන්නත
   හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම දැරියන්ට අනාගත පරපුරේ ගැබ්ගෙල පිළිකා වැලැක්වීමට මාස හයක් ඇතුලත එන්නත් දෙකක් වශයෙන්  ලබාදෙයි














  

  

Monday, May 21, 2018

බෝ නොවන රෝග හා තෙල් භාවිතය

බෝ නොවන රෝග ගැන කතා කරන්න හිතුවා
cholesterol, heart attack, fatty liver, අංශභාගය මේ දේවල් ගැන

🍀fatty liver( අක්මාවේ තෙල් තැන්පත් වීම) සහ cholesterol

මේක ගොඩක් අයට තියන problemඑකක්
group එකෙත් දැනුවත්ව ඉන්න අයත් ඉන්නවනේ
නොදැනුවත් අය ඊට වඩා ඇති

🍀cholesterol කියන්නේ heart disease , stroke (අංශභාගය) කියන දේවල් වලට මූලික හේතුවක්

🍀ඒ වගේම non alcoholic liver disease කියන එක fatty liver ඉදන් අක්මාවේ පිලිකාව දක්වාම යන්න පුලුවන්
✔ගත යුතු❌ නොගතයුතු ආහාර එකිනෙකට සමාන නිසා එකටම ලියන්න හිතුවා

❌🍗☕saturated fats කපා හරිමු
සන්තෘප්ත මේදයෙන් LDL කොලෙස්ටරෝල් වැඩි වේ. ඔබේ මුළු දෛනික කැලරිවලින් සියයට 7 කට වඩා ගන්නා සංතෘප්ත මේදය අඩු විය යුතුයි(ඔබ දිනකට කැලරි 2000 කන්න නම්, මෙම සංතෘප්ත මේද 15.5 ට වඩා අඩු ග්රෑම් වේ.) 🌞සංතෘප්ත මේදය අඩංගු ආහාර වන්නේ full cream milk හා කිරි නිෂ්පාදන, බටර්, රතු මස්, චොකලට් සහ ෆාම් ඔයිල් වගේ දේවල්

❌🍟🍩Trans fats නුත් අයින් කරමු
එළවළු තෙල් සඳහා හයිඩ්රජන් එකතු වූ විට trans fats නිර්මාණය වේ. මේවා කල්තබා ගැනීමමේ හැකියාව වැඩියි. නමුත් සංතෘප්ත මේදවලටත් වඩා මේවා හානිකරයි.  මෙම මේද පමණක් LDL කොලෙස්ටරෝල් වැඩිකරනවා වගේම හිතකර HDL කොලෙස්ටරෝල් අඩුකරන නිසා. බොහෝ විශේෂඥයන්  මුලුමනින් ම trans fats වලින් වැළකී සිටීම සුදුසුයි කියලා තමයි කියන්නේ
🌞trans fat වඩාත්ම අඩංගු ආහාර වන්නේ මාජරින්, කෙටි ආහාර, සැකසූ ආහාර හා  fried foods වගේ දේවල්, පොල් තෙල් නැවත නැවත පාවිච්චියෙදිත් මේ trans fats හැදෙනවා.

❌🍮සීනි පිටි අධික ආහාර වලින් වැලකෙන්න ඕන ඒවානම් ඉතින් දන්නවනේ

✔🐡ආහාර වේලට  අසංතෘප්ත මේද (polyunsaturated හා monounsaturated)  එකතු කරගනිමු
polyunsaturated හා monounsaturated මේද දෙකම ඔබ ඔබේ ආහාර වේලට සංතෘප්ත හා trans fats වෙනුවට  භාවිතා කරන විට, ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගත හැකියි.

🌽තල, සෝයා, ඉරිඟු සහ සූරියකාන්ත-බීජ තෙල් වල-  polyunsaturated fats අඩංගු වේ.
ඔමෙගා 3, polyunsaturated fats වර්ගයසැමන්, ටූනා මැකරල් වැනි මාළු වර්ගවල දක්නට ලැබේ. ඔලිව්, කැනෝලා, සූරියකාන්ත හා රටකජු තෙල්,අලිගැටපේරවලmonounsaturated මේද අඩංගු වේ

✔සෞඛ්ය සම්පන්න ආහාර වේලක් සමග, නිතිපතා ශාරීරික ක්රියාකාරකම් කිරීම ලේ වල කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීම සඳහා උදව් වෙනවා.

✔🍎🍏කෙඳි සහිත ආහාර වැඩියෙන් කමු.
කෙඳි සහිත ආහාර වැඩියෙන් අනුභව කිරීම ඉතාමත් හොඳ දෙයක්, එයින්LDL කොලෙස්ටරෝල් අඩු කර ගත හැකියි. කෙසේද? එය බඩවැල් තුළ LDL අවශෝෂණය කර ගැනීම අඩු කරයි.
කෙදි සහිත ආහාර වන්නේ oatmeal,බෝංචි ඇට, ඇපල්, පෙයාර්ස්, බාර්ලි සහ පොලොස්වගේ දේවල්.

✔🍌ශාක sterols නුත් cholesterol අඩුකරනවා. එළවළු, ඇට වර්ග, බීජ, ධාන්ය වර්ග, රනිල කුලයට අයත් බෝග හා එළවළු තෙල්, බොහෝ පලතුරුවල මේවා තියනවා.

cholesterol තියන කෙනෙක් නම් කොහොමත් පොල් තෙල් වෙනුවට ඉහත සදහන් තෙල් වර්ග පාවිච්චි කරන්න
පොල් blend කරලා කිරි ගන්න එපා
දෙවන තුන්වන කිරි පාවිච්චි කරන්න
මේ දේවල් තියනවනම් (cholesterol, heart disease and අංශභාගය, දියවැඩියාව ,අධි රුධිර පීඩනය)  නියමිත කාලවලදි check up& regular treatment ගන්න ඕන.

සුදුළූණූ,කුරුදු, කරපිඅංචා ,ගොරකා වගේ දේවල් වැඩිපුර කෑමට එකතු කරගන්න

බෝනොවන රෝග හා ලුණු භාවිතය

ගොඩක් දවසක ඉදන් හිතන් හිටියා බෝ නොවන රෝග ගැන කථා කරන්න
මේ ලිපිය මම ලියන්නේ  harward university එකේ web site එකේ පලවූ ලිපියක් උදව් කරගෙන
මේකෙන් කියලා තියෙන්නේ ලුණු ,සෝඩියම් භාවිතය ගැන
අවුරුදු 50 ට වැඩි අයට
දියවැඩියාව
අධි රැධිර පීඩනය තියෙන අයට ලුණු කොහොමත් හොද නෑ

වැඩිපුර සෝඩියම් ගත්තොත් ඒක තනුක කරන්න ලේවල වතුර වැඩියෙන් තියාගන්නවා එතකොට heart එකට වැඩ වැඩි වෙනවා මේ නිසා blood pressure වැඩි වෙනවා, heart attack ,අංශ භාගය ,වකුගඩු රෝග ඇතිවෙනවා
ඊට අමතරව පිළිකා, osteoporosis වගේ රෝග වලටත් මේක හේතු වෙනවා

කොහොමද අපි ලුණු අඩු කරන්නේ
රුධිර පීඩනය වැඩි වෙන්න පටන් ගන්නේ  පොඩි කාලේ ඉදලමයි. ඒනිසා ලුණු අඩු කරන්න ඕනෙත් චූටි කාලේ ඉදලමයි
අවුරුද්දට අඩු බබාලට කොහොමත් ලුණු සහිත ආහාර දෙන්න එපා
හැබැයි මේ ලොකු අපිත් ලුණු භාවිතය අඩු කරන්න ඕන

සකස් කල ආහාර වලින් වැලකෙන්න ඕන
ලුණු රස නැති සකස් කල ආහාරවලත්ලොකු සෝඩියම් level එකක් තියනවා
මේවලට අයිති වෙනවා crackers ,චීස්,ටින්කල ආහාර, breakfast cereal, (ගොඩක් අය cerealගැන අහනවා මේකෙන් උත්තරයක් ලැබෙයි කියලා හිතනවා),restaurant foods

ලුණු චුට්ටක් (30%)අඩු වුනාට අපේ taste buds වලට ඒක දැනෙන්නේ නෑ
අපේ home made foods වල ලුණු චුට්ට චුට්ට අඩු කලොත් ගෙදර අය ලුණු අඩුයි කියලා කියන එකක් නෑ මේකනම් මං අද කලා no complaints.
citrus වලිනුත් මේ taste buds ම stimulate වෙනවා දෙහි , දාලා සලාද හදලා දෙන්න
පොටෑසියම් වැඩි ආහාර ගන්න ඕන නැවුම් එලවලු ,පලතුරු වගේ දේවල්
healthy fats, තෙල් වර්ග ගන්න
USA වල ඉන්න අය සෝඩියම් වැඩියෙන් ගන්න ආහාර 10ක් ඒ ලිපියේ සදහන් කරලා තිබ්බා
පාන් රෝලස්,  pizza,චීස්,chips, popcorn,සුප් වර්ග, sandwiches,  සකස් කල මස් වර්ග, pasta dishes ලංකාවේ නම් කරවල වගේදේවල් නුත් එකතු කරන්න පුලුවන්

Saturday, May 19, 2018

😷මේ දවස්වල  පවතින දරුවන්ට මාරාන්තික වූ උණ රෝගය  adenovirus ආසාදනය ක් ලෙස සදහන්  වන්නේ

😷Adenovirus එකකින් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වගේම ලොකු
 නියුමෝනියා තත්ත්වයක් වුනත්  ඇති වෙන්න පුළුවන්  mild to severe  infection

😷මේ වයිරස් එක නම් බොහොම සැර වයිරස් එකක්  වෙන්න ඕන virulent

😷adenovirus ආසාදනය  නිසා  ඇතිවන රෝග ලක්ෂණ වන්නේ

🍀සාමාන්‍ය හෙම්බිරිස්සාව
🍀උණ
🍀උගුර  කැක්කුම

🍁🍁Bronchitis ඒකියන්නේ අපේ පෙනහළු වල ඇතුලේ තියෙන පෙනහළු වලට වාතය ඇතුළු වන නාල ආසාදනය වීම
මේ නිසා මේ නාල ඇතුලේ සෙම පිරෙනවා වගේම මේ නාල හැකිළීමකට ලක් වෙනවා අපේ ශ්වසන පද්ධතිය ම block වෙනවා
🍁එතකොට  කැස්ස  හා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවෙනවා wheezingවගේ
අහන්න ලැබුණු විදියට මේ  දවස්වල තියන Adenovirus එකෙන් ඇතිකරන්නේ මේ වගේ තත්ත්වයක්
මේ තත්ත්වය නියුමෝනියා දක්වා  වර්ධනය වෙනවා
මේ තත්ත්වය තමයි භයානකම 🍁🍁

🍀පාචනය
🍀ඇස් ලෙඩ
🍀උදර වේදනාව
🍀මූත්‍රා  ආසාදන මේ වයිරස් එක මගින්  ඇතිකරනවා

🍁🍁වැඩිහිටි  කෙනෙක් ට ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව නිසා දරුවෙකුට bronchitis හැදෙන්න  පුළුවන්

🍂මේ වයිරසය අත් ඇල්ලීමෙන්
🍂වාතය මගින් කැස්සෙන් කිවිසුම් මගින්  පැතිරෙන්න පුළුවන් 
🍂 සමහර වේලාවට ආහාර හා වතුර මගින් බෝවෙන්න පුළුවන්

☝මේ දිනවල පවතින  උණ හෙම්බිරිස්සාව දැනුවත් වෙන්න ☝

🌻දකුණු පළාතේ මේ දිනවල උණ හෙම්බිරිස්සාව කැස්ස  නිසා දරුවන්  මිය යන බව අද පුවත්පත් වල දකින්න තිබුනා
🌻අනෙකුත්  පලාත් වලත් මේ තත්ත්වය  තියෙන්න  පුළුවන්
🌻මේ තත්ත්වය වෛරස්  ආසාදනයක්  බවයි සදහන්  වෙන්නේ
🌻බොහෝ වෛරස් ආසාදන සදහා  නියමිත ප්‍රතිකාරයක්  නැහැනේ
🌻ඒ නිසා  වලක්වා ගැනීම  තමයි වැදගත්
🌼උණ හෙම්බිරිස්සාව  තියනවනම්  ඉක්මනින්  ප්‍රතිකාර කරන්න 
🌼උණ හෙම්බිරිස්සාව  තියනවනම් පාසල් යවන්න එපා
🌼පාසලේ සිට  නිවසට  පැමිණි වහාම ඇදුම් මාරු කරවන්න
🌼ඇඟ සෝදවන්න
🌼නිරන්තරයෙන් අත් සෝදන්න
🌼අත් නොසෝදා නහය කට ඇස් අල්ලන්න  එපා කියන්න
🌼වැඩිහිටි  ඔබට හෙම්බිරිස්සාව  තියනවනම්  දරුවන්ගෙන් තරමක්  ඈත්වි සිටින්න අපහසුයි තමයි දරුවන්ට  මාරාන්තික වයිරසය ඔයාලට පොඩි හෙම්බිරිස්සාව ක් විතරක්  වෙන්න පුළුවන්
🌼සෙනඟ ගැවසෙන ස්ථාන වලින්  ඈත්ව සිටින්න
🌼හොදින්  ජලය පානය කරන්න
🌼සමබල ආහාර වේලක් ගන්න
🌼ප්‍රතිශක්තිය  පවත්වා ගන්න
🌼කැස්ස වෙලාවට කිබුහුම් යන වෙලාවට කට නාසය tissue  වලින්  වසන්න
🌼ටිෂූ  නිසි පරිදි  බැහැර  කරන්න
🌼කැස්ස  හෙම්බිරිස්සාව  තියන අයගෙන්  ඈත්වී සිටින්න
🌼ගර්භනී  අයත්  ප්‍රවේශම් වෙන්න
http://www.mawbima.lk/print20170621MB20171230.php?id=13489#.WvqO5jV3ZiM.facebook

මේ photoඑක ස්වසන පදධතිය හා සම්බන්ධ  වයිරස්  ආසාදන වැලැක්වීම  ගැන පමණයි
මේ වයිරස් එක H1N1නෙවෙයි
👪👪👪2nd trimester  එක ගැන කථා කරමු නේද
💑💑මේ කාලයේ ගොඩක්  වැදගත් දේවල් වෙනවා
💑දෙවන තුන් මාසය කියන්නේ සති 13 සිට  සති 28දක්වා කාලය
❤මේ කාලය තුල ඔයාලට බබාගේ චලනය  දැනෙන්නට පටන් ගන්නවා
💛පලවන බබා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට මේ සදහා  සති 20  -22 වගේ කාලයක් ගත වන අතර කෙට්ටු දෙවන තුන්වන බබා හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට සති16  වෙනකොට දැනෙන්නට ගන්නවා වෙනස් වෙන්න පුළුවන්

💛ඔයාලා මෙච්චර දවස් folic acid ගත්තනේ
දැන් යකඩ. , කැල්සියම්, විටමින් සී ගන්න පටන් ගන්න
💛මේවා සායනවලදි ලබාදෙනවා
💛යකඩ විටමින් සී එකට ගන්න
රෑ කෑමෙන් පැයකට පමණ පසුව ගන්න
යකඩ පෙති වලට මල් බද්ධය , මල කළු පැහැ වීම වගේ දේවල් හැදෙනවා
මල බද්ධය අපහසු මට්ටමට එනවානම් වෛද්‍ය උපදෙස්
ලබා ගන්න

💛කැල්සියම් වෙනම ගන්න උදේට ගන්න
ත්‍රීපෝෂත් සායනයේදි. ඔයාලට ලැබෙනවා
පණු බෙහෙත් ගන්නත් ඕන

💜ඔයාලට සති16 වෙනකොට පිට ගැස්ම ධූලකාභය විදිනවා
💜පලවන බබා නම් තව සති හයකින් තව සැරයක් විදිනවා

💖සති 13

මේ වෙනකොට බබාගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය පටන් අරන් බබා බබාගේ වටේ තියන තරලය පානය කරලා  මූත්‍රා වගේ පිටකරනවා
බබාගේ ඇඟ පුරා තුනී ලෝම හැදිලා

💖සති14

දැන් උදරය ටිකක් ලොකුයි නේද
ඇල්ලූවොත් බුද්නය අහුවෙනවා
මොකටද තද කරගෙන ඉන්නේ
ඇදුම් මාරුකරන්න
දැන් පැටියා චන්ඩියෙක්
ගර්භාෂය හූරනවා
අක්මාවෙන් පිත  නිපදවන්නත් පටන් අරන්
ප්ලීස් රුධිර සෛල නිපදවන්නත් පටන් අරන්

💖සති15

ඔයාට දැන් කොහොමද
නින්ද යන්නේ නැද්ද
නිතර නිතර මූත්‍ර පිටකරන්න ඕනද 
කොයිවෙලෙත් බඩ පපුව දැවිල්ල ද
වම් ඇලයට නිදාගන්න
චුට්ට චුට්ට කන්න
තෙල් මිරිස් තුනපහ අඩුකරන්න
බබාගේ අස්ථිවල දැන් කැල්සියම් තැන්පත් වෙන්න පටන්ගෙන

💖සති 16

දැන් ඔයා ලස්සනම කාලේ .බඩේ ඉන්න චූටි පැටියා ඔයාව ලස්සන කරලා
මූණ පිරිලා
තෙල් පෑදිලා හම දිලිසෙනවා
තෙල් සහිත සමක් ඇති කෙනෙක් නම් තෙල් ගතිය අඩුකරන cleanser එකක් පාවිච්චි කරන්න
පිට ගැස්ම ධූලකාභය මේ කාලයේ ඔයාට විදින්න ඕන
බබාගේ හම මේ කාලයේ හරිම තුනීයී
විනිවිද පෙනෙන හමක් තියෙන්නේ

💖සති 17 සිට 20 දක්වා

දැන් ඔයාලට අප්‍රිය ගතිය එහෙම නෑනේ
හොද සමබල ආහාර
පාන ගන්න
ටික ටික වැඩි වාර ගණනක් ගන්න
සති 18 සිට 20 කාලයේ anomaly scan
කරන්න ඕන 
දෙවන මාස 3 කරන මේ scanඑක බබාගේ ආබාධ හා අසාමාන්‍යතා හදුනා ගැනීම ට කරන්නේ
ඔයාලට ඉතින් දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්නත් පුළුවන්
.  යෝනි මාර්ගයේ ශ්‍රාවය න් වැඩි  වෙනවා. තෙත ගතියක් දැනෙනවා. නිතරම පිරිසිදුව ඉන්න

💖සති 20 සිට 24 දක්වා

මේ කාලය තුල ඔයාලට බබාගේ චලනය දැනෙන්නට පටන් ගන්නවා
ඒ වගේම  උදරය චුට්ටක් විතර කසන්නට පටන් ගනියි
බබත් තව චුට්ටක්  ලොකු වෙයි
දිවේ රස නහර  හැදෙන්නේ මේ කාලයේ දී යි

💖සති 24 සිට 28 දක්වා

මේ කාලයේ glucose tolerance test  කියන පරීක්ෂණය කරන්න ඕන
විශේෂයෙන් ස්ථූල මව්වරුන් පවුලේ දියවැඩියාව තියන අය
බබා ප්‍රමාණය ට වඩා වැඩී ඇත්නම්  අනිවාර්යයෙන්ම මේ පරීක්ෂණය  කරන්න ඕන
කොහොමත් ඔයාලගේ ගර්භාෂයේ වර්ධනය සායනයේදි බලනවනේ
මූත්‍රා  බලනවා  සීනි සහ ඇල්බියුමින් සදහා
රුධිර වහනය ක් , වතුර යාමක් ආසාදන යක් නැත්නම් ලිංගික එක්වීමේදි ගැටලුවක් නෑ

💕💕💕💕දැන්  තමයි වැදගත්ම දේ කතා කරන්නේ
මේ කාලයේ ඔයාලට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්
ඒවා ගැන දැනුවත් වීම වැදගත්💕💕💕💕

💛💛ගර්භනී සමයේ අධි රුධිර පීඩනය

ගර්භනී සමයේ අධි රුධිර පීඩනය කොටස් දෙකකට බෙදෙනවා
1එකක් සති 20  ට පෙර ඇතිවන රුධිර පීඩනය -මෙම තත්ත්වය ඇතිවෙන්නේ කොහොමත් රුධිර පීඩනය තියන කෙනෙකුට

2 සති 20 න් පසුව  ඇතිවන රුධිර පීඩනය
මේ තත්ත්වය තමයි ගර්භනී සමයේ ඇතිවන රුධිර පීඩනය කියලා කියන්නේ

මේ තත්ත්වය ඇතිවෙන්න ඇතිවීමට නිශ්චිත හේතුවක් කියන්න බෑ
වැදෑමහ ගර්භාෂය ට සති වීමේදී සිදුවන සංකූලතා නිසා මේ තත්ත්වය ඇතිවෙන බව තමයි විශ්වාස කරන්නේ

👍අවුරුදු 35 ට වැඩි අයට
👍අවුරුදු 18 ට අඩු අයට
👍දියවැඩියාව තියන අය ට
👍පවුලේ කෙනෙකුට අධිරුධිර පීඩනය හෝ දියවැඩියාව තියනවනම්
👍වකුගඩුවල ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න තියෙනවනම්
👍පෙර අවස්ථාවක මේ තත්ත්වයට පත්ව ඇත්නම්
👍පලවන බබා නම්

ඔයාලට මේ තත්ත්වයට ගොදුරු වීමේ අවදානම  වැඩියි

☝මේ කාලය තුල ඔයාල කොහොමත් සායනයට මාසයකට සැරයක් යනවනේ
☝එතකොට ඔයාලගේ රුධිර පීඩනය බලනවා
ඒ අවස්ථාවේ මේ තත්ත්වය  හදුනා ගන්න පුළුවන්
☝මේ අවස්ථාවේ  ඔයාලා ගේ  රුධිර පීඩනය 140/90ට වැඩිනම්
ඔයාලා ව රෝහලේ සායනයට හෝ නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකුට යොමු කරනවා
👆රුධිර පීඩනය 160/100ක්  වගේ   නම් රෝහල් ගත වෙන්න ඕන
👆මේ කාලයේ වෛද්‍ය උපදෙස් නිසිලෙස පිළිපදින්න ඕන
👆ඔයාටයි බබාටයි දෙන්නටම මේ තත්ත්වය බලපානවා
👆බබාගේ වර්ධනය  අඩුවන නිසා  සති 28, 32, 36   ස්කෑන් පරීක්ෂණ කරනවා
👆මේ සදහා දෙන ඖෂධ වලින් බබාට කිසිම හානියක් නෑ

👆භයානකම අවස්ථාව තමයි මේ සමග මූත්‍ර සමග  ප්‍රෝටීන පිට කිරීම
👆මේ තත්ත්වය ට pre eclampsia කියලා කියනවා
👆මේ අවස්ථාවේ දී අනිවාර්යයෙන්ම රෝහල් ගත කරනවා
👆ගර්භනී අවස්ථාවේ ඇතිවන රුධිර පීඩනය මවගේ වකුගඩුවල ට බලපැම නිසා තමයි මේ දේ වෙන්නේ
👆මේ තත්ත්වය ගර්භ වලිප්පුව නැත්නම් eclampsia  කියන මට්ටමට ආවොත් ඒ කියන්නේ මවගේ මොලයට බලපෑවොත් මවගේ මරණය වුනත් සිදුවෙන්න පුළුවන්
👆බබාගේ වර්ධනය අඩාල වෙලා ගර්භාෂය තුල බබා මිය යන්නට පුළුවන්
👆👆👆මේ වෙලාවේ දි අම්මා ගේ ජීවිතය තමයි අංක එක
👆අම්මගේ බඩේ කැක්කුමක්  ඇස්වල පෙනීමේ අපහසුවක් ඇස් කහ පැහැති වීමක්
ඒ වගේම රුධිරයේ පට්ටිකා අඩුවීමක්  අක්මාවේ එන්සයිම වල වෙනස් වීමක් වෙනවනම්  අම්මා ට Hydralazine, mgso4 යන ඖෂධ වර්ග ලබා දී, බබාගේ පෙනහළු වර්ධනය සඳහා ස්ටිරොයිඩ් ලබාදී බබා බිහි කිරීමට කටයුතු කරන වා
👆අම්මා ගේ අවධානම අඩු අවස්ථාවල ඩොප්ලර් පරීක්ෂණය කරමින් බබාට රුධිර ගමනාගමනය බලනවා
👆බබාකුස තුල වර්ධනය වෙන්න පුළුවන් අවසාන අවස්ථාව වෙනකම් බබාව බේරගන්න බලනවා
👆කලාතුරකින් කෙනෙකුට ප්‍රසූතියෙන් පසුවත් ගර්භ වලිප්පුව ඇතිවෙන්න පුලුවන්
👆කොයිවෙලාවකවත්  අධි රුධිර පීඩනය තියන මවක් වෛද්‍ය උපදෙස් වලට අවනත නොවී ඉන්න එපා

👆ගර්භනී සමයේ අධි රුධිර පීඩනය දරු ප්‍රසූතියට සති6 කට පසුව සාමාන්‍ය වෙනවා
👆ඊට පසුව ත් රුධිර පීඩනය වැඩිනම් කායික රෝග පිලිබද වෛද්‍ය වරයෙකුට යොමුවෙන්න

💕💕💕💕ගර්භනී සමයේ දියවැඩියාව

👆ගොඩක්  අයට තියෙනවා
👆මේකත් අධි රුධිර පීඩනය වගේම කොටස් දෙකකට බෙදෙනවා
👆ගර්භනී තත්ත්වයට පෙර සිට පවතින දියවැඩියාව හා
 👆ගර්භනී බව නිසා ඇතිවන දියවැඩියාව
ඔයාට කොහොමත් දියවැඩියාව තියනවනම් pregnancy එකට ඉස්සෙල්ලා ඒ තත්ත්වය පාලනය කරගන්න ඕන
😒සාමාන්‍ය කෙනෙකුට නම් folic acid 1mg ඇති ඒත් ඔයාට මදි . ඔයා folic acid 5mg  ගන්න ඕන 😒ප්‍රසූත දිනය ස්කෑන් පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගැනීම අනිවාර්යයි
😒anomaly scan එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕන
😒ඊට අමතරව සති 28, 32, 36 ස්කෑන් පරීක්ෂණ කරන්න ඕන
😌 සමහර වෙලාවට අපි දන්නේ නෑ අපිට දියවැඩියාව තියනවද කියල
😌කොහොමත් මුල් සති 12 ඇතුලත සීනි සදහා රුධිර පරීක්ෂණ ක් කරනවා සායනයේදි මූත්‍ර පරීක්ෂණ ය ත් කරනවා
😌ගර්භණී සමය තුල ඇතිවන දියවැඩියාව සාමාන්‍යයෙන් ඇතිවන්නේ සති16 න් පසුව
😌oral glucose tolerance test කියන පරීක්ෂණය සති 24 ත් 28 ත්  අතර කරන්නේ මේ තත්ත්වය හදුනා ගන්න

👍ඔයා ස්ථූල නම්
👍පවුලේ කෙනෙකුට දියවැඩියාව තියනවනම්
👍මීට පෙර ලොකු බබෙක් ,අසාමාන්‍යතා ඇති බබෙක් බිහිකලානම්
👍ඔයා සායනයේදි කරපු මූත්‍ර  පරීක්ෂණ යේදී සීනි තියනවා කිව්වා නම්
ඔයා මේ පරීක්ෂණය කරන්නම ඕන

😔ගර්භනී සමයේ දියවැඩියාව  නිසා අධි රුධිර පීඩනය සෑදීමට අවධානමකුත් තියනවා
😔ඒ වගේම බබාගේ ශරීරයේ අසාමාන්‍යතා ඇතිවෙන්න පූළුවන්
😔බබා කුස තුල මිය යන්න පුළුවන්
😔බබා ලොකු වෙන්න පුළුවන්
😔ප්‍රසූතියේදී ගැටලු ඇතිවෙන්න පුළුවන්
😔බබා වටා ඇති තරලය වැඩි වීමෙන් කළලාවාරය බිදෙන්නත් පුළුවන්
ඒ අවස්ථාවේ cord prolapse කියන  තත්ත්වය ඇති වුනොත් මල දරු උපතක් වුනත් වෙන්න පුළුවන්
☝ඒ නිසා වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්න
ආහාර පාලනය කිරීම, metformin හා ඉන්සියුලින්  විදීම මගින් මේ තත්ත්වය  පාලනය කරනවා ප්‍රසූතියෙන් පසුව ප්‍රතිකාර නවත්වනවා
☝සති 6 කට පසු නැවත රුධිර පරීක්ෂණ යක් කරනවා
ඒ පරීක්ෂණ යේ සීනි වැඩිනම් කායික රෝග පිලිබද වෛද්‍ය වරයෙකුට යොමුවෙන්න ඕන
ඔයාට අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැලදුන නම් ඊලග ගැබිනි කාලයේ ඔබේ වෛද්‍ය වරයා දැනුවත් කරන්න ඕන

මේ ලිපිය ගොඩක් දිග වැඩියි නේද
දෙවන තුන් මාසයේ  ඇතිවන ගබ්සා වීම්
රුධිර වහනයන් අපි  අලුත් ලිපියකින් කථා කරමු
https://m.facebook.com/story.php?story_fbid=146938852715930&id=133679454041870

ගර්භනී සමය පලවන ත්‍රෛමාසිකය

☺මම  අද ලියන්න  ඔයාලා ගේ කුසේ වැඩෙන බබා කොහොමද වැඩෙන්නේ ඒ කාලේ අපි මොනවද කරන්න  ඕන  කියලා

😇මුලින්ම  කියන්න ඕන විවාහ වුන ගමන් කෙනෙක් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඒ බව දන්වන්න ඕන
😇බබෙක් බලාපොරොත්තුව ඉන්න කෙනෙක් folic acid ගන්න ඕන
😇සමබල ආහාර වේලක් ගන්න ඕන

🌹අපි කියනවා බබා මාස දහයක්  නැත්නම් සති හතලිහක් කුසේ ඉන්නවා  කියලා ඒත් මේ සති ගණන් කරන්නේ අන්තිම මාස් ශුද්ධිය පටන් ගත් දවසේ ඉදන්

🌸පලවන සති දෙක
1,2 සති

මේ කාලයේ මාස් ශුද්ධිය ඇතිවී ම ,ඩිම්බ මේරිම හා ඩිම්බ මෝචනය ට සුදානම් වීම සිදුවෙනවා
👍folic acid දිගටම ගන්න
👍සමබල ආහාර වේලක් ගන්න

🌸3  සතිය
නියමිත කාලයේ දින28 කින් මාස් ශුද්ධිය වන කෙනෙක්ට  ඩිම්බ මෝචනය  සති තුනේදී සිදුවෙනවා
ඩිම්බ කෝෂ වලින් පිටවන ඩිම්බය  පැලෝපියන් නාලයේ දි ශුක්‍රාණුව හා  එක්වී යුක්තානුව බවට පත්වෙනවා
මේ යුක්තානුව බෙදෙන්න අරගන්නවා  ඒකට අපි කියන්නේ  කළලය කියලා කළලය ගර්භාෂය ට ගොස් තැන්පත් වෙනවා
සුභ පැතුම්  දැන් ඔයා ගැබ්ගෙන
මේ සතිය තුල කෝරියම,කළලාවාරය, කළලාවාරික තරලය සෑදි කළලයට ආරක්ෂාව සපයනවා
මේ අවස්ථාවේ කළලය ඉදිකටු තුඩක් පමණ වෙනවා

🌸හතර වන සතිය
මේ අවස්ථාවේ කලලය කොටස්
දෙකකට බෙදෙනවා එක කොටසක්  වැදෑමහ බවට පත් වෙනවා .මේ වැදෑමහ ඔයාවයි බබාවයි සම්බන්ධ කරලා බබාට අවශ්‍ය පෝෂණය ලබාදෙනවා වැදෑමහෙන් තමයි hcG කියන හෝර්මෝන ය ශ්‍රාවය වෙන්නේ
ඒ වගේම අනෙක්  කොටස ස්ථර තුනකට  බෙදෙනවා
බහිෂ් චර්මය මෙයින් බබාගේ ස්නායු පද්ධතිය. ,සම, කෙස්, නියපොතු ,ක්ෂීර ග්‍රන්ථි,දහඩිය ග්‍රන්ථි වගේ දේවල් හැදෙනවා
මධ්‍ය චර්මය බබාගේ හදවත රුධිර සංසරණ පද්ධතිය. ,  අස්ථි කොටස් කාඨිලේජ වගේ දේවල් හැදෙන්නේ  මේකෙන් තමයි

අන්තෝ චර්මයෙන් පෙනහළු  වගේම  ආහාර මාර්ගයේ වගේ තැන්වල ඇතුලත පටල සකස් කරනවා

🌸පස් වන සතිය

දැන්  ඔයාලා ඉන්නේ මාස් ශුද්ධිය ප්‍රමාද වෙලා  සතුටෙන්  වගේම  බයෙන්
මූත්‍රා පරීක්ෂණ ය ගෙදරදීම කරගන්න පුළුවන්
උදේ පාන්දර කරනවනම්  වැඩිය හොදයි
මේක සමහර වෙලාවට positive නොවෙන්නත් පුළුවන්
දුක් වෙන්න එපා  තව සතියක් කල් දෙන්න
positive  වුනාද සුභ පැතුම්   මුලින්ම  ගමේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න
ගමේ  clinic එකේ register වෙන්න
clinic  එන්න කියන දවසට යන්න  මේ සායනයේදි ඔයාගේ උස බර මනිනවා
හිමෝග්ලොබින් , රුධිරයේ සීනි මට්ටම , සමාජ රෝග. , රුධිර වර්ගය පරික්ෂා  කරනවා ළඟම ඇති රෝහල වෙත යොමු කරනවා
බලමු කුසතුලට ගිහිල්ල මෙන්න ඉන්නවා ඉස්ගෙඩියෙක් වගේ 
හදවතත් වැඩ කරනවා
ඇස් කන් අස්ථි කොටස්  හැදෙන්න පටන් අරගෙන

🌸සයවන සතිය

දැන් ඔයාට චුට්ටක් අමාරු යිනේ වමනේ ඔක්කාර ගතියක්  එනවනේ 
බඩත් යාන්තම් කකියනවා නේද
සමහර වෙලාවට යෝනි මාර්ගයෙන් රුධිර බිංදුවක් විතර පිටවෙන්න  පුළුවන්
ගොඩක් වමනය යනවනම්
වමනය  සමග ලේ පිටවෙනවනම්
ඇස් කහ වෙනවනම්
රුධිරය වැඩිපුර වහනය වෙනවනම්
බඩ ගොඩක්  රිදෙනවනම් ළඟම ඇති රෝහල වෙත හෝ නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු වෙතට යොමු  වෙන්න ඕන
පොඩි ඔක්කාර යක් වමනයක් නම් උදේ පාන්දර  නම් නාන්න
උදේ  ඇදෙන් නගිටින්න පෙර cream cracker වගේ බිස්කට් එකක් කන්න
ගෙදර වැඩ කරන්න  අතුගාන්න .
දවල්ට නිදාගන්න එපා

දැන් බබාගේ මුහුණ  පෙනහළු හැදෙන්න  පටන් අරගෙන අත් කකුල්නුත් හැදෙන්න අරන්

🌸සත්වන සතිය
තන පුඩුත් චුට්ටක් රිදෙනව නේද
ඒත් ඉතින් කොයිතරම් දෙයක්ද කුස තුල චූටි පැටියෙක් හැදෙනවා නේ
දැන් එයා ඉස්සෙල්ලා සතියට වඩා දිග ඇරිලා අඟලක්  විතර වෙලා
උරහිස් දණිස් වැලමිට අක්මාව වකුගඩු ඇස් පිහාටු  වගේ දේවල්  හැදෙන්න පටන් අරන්

🌸අටවන සතිය
දැන් ඔයාලා   clinic ගිහිල්ලා ඇති නේද
නැත්නම්  මේ සතියේ යනවා නේද
පියයුරු චුට්ටක්  ලොකු වෙලාද
නින්ද ත් හරියට නෑ නේද
මොනවා තිබ්බත් සමබල ආහාර වේලක් ගන්න
චූටිය ගේ දැන්  ඇඟිලි ත් හැදෙන්න පටන් අරන්
මූණත් ටිකක්  හැදිලා කන් එහෙමත් එලියට එන්න අරන්
දැන් වළිඟයත් නෑ

🌸නවවන සතිය

බඩ පපුව දැවිල්ල තියනවා නේද
චුට්ට චුට්ට වැඩි වේල් ගණනක්  ආහාර ගන්න
මිරිස් තෙල් තුනපහ වැඩි කෑම කන්න එපා
වැඩි වාර ගණනක් මූත්‍රා පිට කරන්න ඕන ද
ඒ වුනත් වතුර ගොඩක් බොන්න
නැත්නම් මූත්‍ර ආසාදන හැදෙන්න පුළුවන් මූත්‍ර දාන්න  ඕන වුන ගමන් මූත්‍ර පිටකරන්න
බබා දැන් ලොකු මිදි ගෙඩියක් තරම් බබෙක් වගේ පේනවා ඔක්කොම සන්ධි හැදිලා
හදවතත් කුටීර වලට බෙදිලා
අත් ගුලි කරගෙන ඉන්නවා

🌸දහවන සතිය වන විට ගොඩක් අවයව හැදිලා හැබැයි  mature වෙන්න ඕන

🌸සති 12

උදරය චුට්ටක් ඉදිරියට නෙරා ඇවිත්
මුල්ම scanඑකට ලෑස්ති වෙන්න දින වැරදි නම් දැන ගන්නත් පුළුවන්
පලවන බබා නෙවෙයි නම් ඇදුම් මාරුකරන්නත් කාලේ හරි
දැන් පලවන trimester  එක ඉවරයි

💛💚💜අපි දැන් බලමු  ඒ කාලයේ අපි අවධානය යොමු කලයුතු දේවල්

👹ectopic pregnancy ගර්භාෂයෙන් පිටත කලලය තැන්පත් වීම👹
සති හයෙන් පසුව ඔයාලට  උදරයේ කැක්කුමක් එනවනම්
රුධිර වහනයක් වෙනවනම්
ඒ ගර්භාෂයෙන් පිටත සිදුවූ ගැබ්ගැනීමක් නිසා  විය හැකියි
පැලෝපියන් නාලයේ ගැබ් ගැනීම්  නිසා පැලෝපියන් නාලයේ පුපුරා  අභ්‍යන්තර රුධිර වහනය ක් සිදුවී ජීවිතය පවා අවධානම්  වෙන්නත් පුළුවන්
ඒ නිසා සති හයෙන් පසුව ඔයාලට  උදරයේ කැක්කුමක් එනවනම්
රුධිර වහනයක් වෙනවනම් නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු වෙතට හෝ ළඟම රෝහල වෙත යොමු වෙන්න ඕන ස්කෑන් පරීක්ෂණ යක් , හා රුධිරයේ බීටාhcg පරීක්ෂණ යක් මඟින් මේ තත්ත්වය හදුනා ගන්න පුළුවන් මේ තත්ත්වය සදහා විවිධ හේතු තියනවා
ඉක්මනින් හදුනගත්තොත් පැලෝපියන් නාලයේ ශල්‍යකර්ම යක් නොකර වැඩේ ගොඩ දාගන්න පුළුවන් හැබැයි ectopic pregnancy එකකින් පස්සෙ මාස හය ක් වෙනකම් බබෙක් බලාපොරොත්තු වෙන්න එපා

👹මුල් මාස තුනේ ඇතිවන ගබ්සාවීම්👹

මුල් මාස තුනේ ඇතිවන රුධිර වහනය ක් කොන්දේ කැක්කුමක් බඩේ කැක්කුමක් දුඹුරු පැහැති ශ්‍රාවයක් ගබ්සා වීමක් නිසා වියහැකියි
මෙයට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ  ජානමය ප්‍රශ්න
ඊට අමතරව ආසාදන. , දියවැඩියාව. , මානසික ආතතිය. , හදිසි අනතුරු නිසා වෙන්න පුළුවන්
ලිංගික එක්වීම මේකට හේතුවක් නෙවෙයි
මේ වෙලාවේ දිත් ප්‍රසව හා නාරි රෝග පිලිබද වෛද්‍ය වරයෙකු වෙතට හෝ රෝහලකට යොමු විය යුතු යි
සමහර වෙලාවට බබා හොදට ඉන්නවා වෙන්නත් පුළුවන්
සමහර වෙලාවට බබා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා වෙන්නත් පුළුවන්
සමහර වෙලාවට කලලයේ කොටස් ඉතුරුවෙලා  තියෙන්නත් පුළුවන්
කොටස් ඉතුරුවෙලා තියනවනම්  ERPC කියන සැත්කම මගින් මේ කොටස් ඉවත් කරනවා
missed  miscarriage කියලා දෙයක් තියනවා මේ අවස්ථාවේ දී කලලය
ගර්භාෂය තුල මිය ගිහින්
දුඹුරු පැහැ ශ්‍රාවයක් පිටවෙන්න පුළුවන් scan එකකින් පස්සෙ  අදුරගන්නත් පුළුවන්
මේ අවස්ථාවේ කළලය බෙහෙත් දැමීම මගින් හෝ D&E යන සැත්කම මගින් ඉවත් කරනවා ගබ්සාවීමකින් මාස තුනක් යනකම්  නැවත බබෙක් බලාපොරොත්තු වෙන්න එපා

👹molar pregnancy👹

ගොඩක් වමනය යනවනම්
   තද දුඹුරු හෝ ලා රතු පැහැශ්‍රාවය ක් පිටවෙනවනම්
මේ තත්ත්වය වෙන්නත් පුළුවන් මේ වාගේ අවස්ථාවක දි නාරි රෝග පිලිබද වෛද්‍ය වරයෙකුට හෝ රෝහලකට යොමුවෙන්න ඕන
මේ අවස්ථාවේ  ගර්භාෂය normal pregnancy එකට වඩා ලොකු යි
scan පරීක්ෂණ යක්මඟින් හා serum beta hcG පරීක්ෂණ ය මඟින් මේ  තත්ත්වය හදුනා ගන්න පුළුවන්
suction evacuation නම් සැත්කම මගින් මේ කොටස් ඉවත් කරනවා මේකේ තියන නරකම දේ මේක පිළිකාවක් වගේ වර්ධනය වෙන්න පුළුවන්
ගර්භාෂයේ මැද කොටස් වලට ගියොත් ගර්භාෂය අයින් කරන්න ඕන
ඒ වගේම      molar pregnancy එක හෝ ගර්භාෂය අයින් කලාට පස්සෙත් serum beta hcG   normal  වෙන්නේ නැත්නම් පිළිකා මර්ධන ඖෂධ වර්ග දෙන්න ඕන
molar pregnancy එකකින්  පස්සෙ  serum  beta hcG  මාස හය සිට අවුරුද්දක් කාලයක් යනකම් මනිනවා
ඒ වනතුරු නැවත  බබෙක් බලාපොරොත්තුවෙන්න එපා

Sunday, May 13, 2018

💗Third trimester  
💗තුන්වන ත්‍රෛමාසිකය 2

❤❤බබාට  හා මවට අවශ්‍ය දේවල් ❤

💓ඔයාට  දැන් හදිසි  අවස්ථාවකදී බබා බිහිකලොත් ජීවත් කරවන්න පුළුවන් 
ඒනිසා  අවශ්‍ය  දේවල් ලෑස්ති කරගන්න 
  💓ඔයාට බබාට ඔයාට දරු ප්‍රසූතියෙන් පසුව අවශ්‍ය  දේවල් , රෝහල ට ගෙන යා යුතු  දේවල්  ලෑස්ති  කරගන්න 
💓මේ දේවල්  අපි කොටස්  කිහිපයකට බෙදමු
💕දරුවාට අවශ්‍ය දේවල්
💕මවට අවශ්‍ය දේවල් 
💕රෝහලට ගෙන යා යුතු දේවල් මවට
💕රෝහලට ගෙන යා යුතු දේවල් බබාට
💕සූතිකාගාරයට ගෙන යායුතු  දේවල්
💕ශල්‍යාගාරයට ගෙන යා යුතු  දේවල් 

❤දරුවාට අවශ්‍ය  දේවල් 

🌝නැපි 
Napkins ගන්න එක   තමයි අමාරුම වැඩේ චූටි බබෙකුට දවසට නැපීස් 30 ක් විතර යනවා 
වැස්ස දවසට වේල ගන්නත් අමාරුයි
අනිත් බබාලා ඉක්මනින්ම  ලොකු වෙනවා නේ 
පලවන මාසයේ 1 kgඑකක් විතර බර වැඩිවෙනවා
20×20 නැපීස් 20 ක්
24×24 නැපීස්  50 ක් විතර ගන්න 

🌝නැපි කටු ( safety  pins ) පැකට් 1
🌝පෙකණි කටුව
🌝ගවුම්( ළදරු  ඇඳුම් ) 12
🌝බබා පිසදමන රෙදි 36×36 කපු 3
🌝 රබර් ෂීට් (cot sheet) 3
🌝ළදරු  සබන්
🌝සබන් පෙට්ටියක් 
🌝ළදරු  ප්ලැනල් සූට් මේස් තොප්පි  කට්ටල 2යි
🌝ප්ලැනල්  36×36 12 ක්
🌝ළදරු  මදුරු දැල්
🌝Baby බෑග්  එකක් 
🌝රෙදි වනන රැක් එකක්
🌝Bathඑකක්
🌝Bath net
🌝Bath sheet එකක්
🌝කොට්ට උර
🌝කොට්ට පොඩි 6 ක්විතර
🌝රෝලින් pillow 3ක්
🌝Cot එකක්

❤මේවයින්  රෝහලට ගෙනයා යුතු දේවල්

🌝20×20 නැපීස් 20 
🌝ගවුම්( ළදරු  ඇඳුම් ) 12
🌝බබා පිස දමන රෙදි 36×36 කපු 2
🌝ළදරු  සබන්
🌝සබන් පෙට්ටියක් 
🌝ළදරු  ප්ලැනල් සූට් මේස් තොප්පි  කට්ටල 1යි
🌝ප්ලැනල්  36×36 3 ක්
🌝ළදරු  මදුරු දැල් 1යි
🌝නැපි කටු 2 ක්
🌝පෙකණි කටුව


❤මවට අවශ්‍ය දේවල්

🌝බෙඩ් ජැකට් 5 ක්
🌝චීත්ත ලා පැහැති 5ක්
🌝සුදු චීත්තයක්
🌝සුදු bed jacket එකක් 
🌝සුදු මේස් ජෝඩුවක් 
🌝ලූප් සහිත  pads පැකට් 3ක්
🌝සුදුbed sheet 4ක්
🌝සුදු රෙදි  පටි( ඉනට බැදීමට හා කොණ්ඩය  බැදීමට)
සබන්
🌝දත් බුරුසුවක්
🌝දන්තාලේප 
🌝පනාවක්
🌝තුවායක් 
🌝උණු වතුර බෝතලයක් 
🌝වස්ති බෝතලයක් 
🌝පොඩි බිස්කට් පැකට්ටුවක් 
🌝තේ කොළ, සීනි,කිරිපිටි 
🌝පොඩි බෝල් එකක්
🌝කෝප්පයක් 
🌝පිඟානක්
🌝රබර් සෙරෙප්පු 
🌝ෂොපින් කවර 3ක්
🌝Pads
🌝Breast pads
ඕන නම් රෝහලටත් ගෙනයන්න 
🌝Feeding cups සහිත බ්‍රෙසියර් 3ක්
🌝ඉදිරිපස අරින්න  පුළුවන්  blouse

❤රෝහලට ගෙනයා යුතු දේවල් 

🌝ගර්භණී සටහන් පත සහ අනෙක් ගර්භණී වාර්තා
🌝වෙනත් අසනීප හා ශල්‍යකර්ම  පිළිබඳව  වාර්තා ඇත්නම් එම වාර්තා
🌝බෙඩ් ජැකට් 5 ක්
🌝චීත්ත ලා පැහැති 5ක්
🌝සුදු චීත්තයක්
🌝සුදු bed jacket එකක් 
🌝ලූප් සහිත  pads පැකට් 3 ක්
🌝සුදුbed sheet 4ක්
🌝සුදු රෙදි  පටි( ඉනට බැදීමට හා කොණ්ඩය  බැදීමට)
🌝සබන්
🌝දත් බුරුසුවක්
🌝දන්තාලේප 
🌝පනාවක්
🌝තුවායක් 
🌝උණු වතුර බෝතලයක් 
🌝වස්ති බෝතලයක් 
🌝පොඩි බිස්කට් පැකට්ටුවක් 
🌝තේ කොළ, සීනි,කිරිපිටි 
🌝පොඩි බෝල් එකක්
🌝කෝප්පයක් 
🌝පිඟානක්
🌝රබර් සෙරෙප්පු 
🌝ෂොපින් කවර 3ක්
🌝මවගේ උප්පැන්න සහතිකය  හා හැදුනුම්පත 

❤සූතිකාගාරයට ගෙන යා යුතු දේවල්

💜මවට

🌝බෙඩ් ජැකට් 1 ක්
🌝චීත්ත ලා පැහැති 1ක්
🌝ලූප් සහිත  pads පැකට් 2 ක්
🌝සුදු රෙදි  පටි( ඉනට බැදීමට )1ක්

💜හදිසි අවස්ථාවකදී  සූතිකාගාරයෙන් ශල්‍යාගාරයට යන්න වුනොත් 
🌝සුදු චීත්තයක්
🌝සුදු bed jacket එකක් වෙනම බෑගයකට දමාගන්න 

💛බබාට


🌝20×20 නැපි 2
🌝ගවුම්( ළදරු  ඇඳුම් ) 1
🌝බබා පිස දමන රෙදි 36×36 කපු 1
🌝ප්ලැනල් 1
🌝ළදරු  ප්ලැනල් සූට් මේස් තොප්පි  කට්ටල 1යි
🌝පෙකණි  කටුව 

සැලසුම් කල සිසේරියන් සැත්කමේදි මව සුදු bed jacket ,  සුදු චීත්ත  වාට්ටුවේ දි ඇදගෙන නේ යන්නේ
බබාට අවශ්‍ය  දේවල් ගෙනයන්න ඕන

රෙදිපිළි  සියල්ලම  සෝදා මැදගන්න
සියල්ලම වෙන වෙනම  බෑග් වලට දමා අසුරා ලේබල් කරන්න 




Saturday, May 12, 2018

💗Third trimester 
💗තුන්වන  ත්‍රෛමාසිකය 1💗
❤❤❤බබාගේ චලනය ❤❤❤
💕දැන්  ඔයාලා ටිකෙන් ටික  ළං වෙනවා ඔයාලාගේ ගර්භණී  සමයේ අවසන්  කාලයට
💕බබත් ඇතුලේ  කොයි වෙලාවේ එළියට  එන්නද කියලා ඇති නේද
💕දැන්  හදිසියේ ඔයාගේ බබා  එළියට  ගත්තොත්  ජීවත්  කරන්න පුළුවන්
💕ඒ නිසා දැන්  ඔයාලට  කරන්න  දේවල් තියෙනවා
💕දැන්  තමයි වැඩ තියෙන්නේ
💕මෙච්චර කල්  විටමින්  යකඩ කැල්සියම්
ගත්තා
සායනයට සහභාගි වුනා විතරයි නේ

🌞දැන් ඔයා බබාගේ චලනය ගැන අවධානයෙන් සිටිය යුතුයි
🌞ඔයාලට  සති 16 සිට  22  දක්වා  කාලයේ දැනෙන්නට පටන් ගත්   චලනය දැන් හොඳටම  දැනෙනවානේ

🌞ඒත් මෙච්චර  කාලයක් අපි ඒක ගණන් කලේ නෑනේ
🌞දෑන් ගණන් කරන්න  පටන් ගන්න ඕන
🌞භ්‍රෑණ චලන සටහන, fetal  movement chart නැත්නම්   kick count chart එක ඔයාලට මේ වෙනකොටත්  clinic එකෙන් ලැබිලා ඇති. නැත්නම්  ඉදිරියට ලැබේවි
🌞ලැබුනේ නැත්නම් ඒ  විදිහට chart එකක්  හදාගන්න
🌞මේ chart එක උදේම  ලකුණු කරන්න පටන් ගන්න මොකද පැය 12ක් ලකුණු කරන්න  තියන නිසා
🌝උදේ මුලින්ම  බබා දඟලන බව දැනුන වෙලාව ලකුණු කරගන්න
🌝එතන ඉදන්  බබා දගලන හැම සැරයක්ම ලකුණු කරන්න
🌝සමහර අවස්ථාවල බබා එක දිගටම දඟලනවා ඒ අවස්ථා එකක්  හැටියට සලකන්න
🌝උදේ පාන්දර  බබාගේ දැඟලීම දැනුන පලවන වෙලාවේ සිට පැය 12ක් ඇතුලත බබා දහ සැරයක් දැඟලිය යුතුයි
🌝🌝එහෙම නැතිවුනොත් ළඟම  රෝහලට යා යුතුයි
🌝චලන දහයකින් පසුව chartඑක ලකුණු  කරන එක නවත්වන්න
🌝ඒත් බබාගේ  චලන ගැන  අවධානයෙන්  ඉන්න
☝බබාගේ  චලනයන්  අඩුවෙන්න හේතු කිහිපයක්  තියෙනවා
👈බබා කුස තුල නිදාගැනීම,
👈මව කාර්යබහුල  වීම නිසා හෝ   
 👈වෙනත් හේතුවක්  මත චලන ගැන අවධානය අඩුවීම
👈බබාට රුධිර  සැපයුම  අඩුවීම
👈ගර්භාෂය  තුල බබා මියයාම 
💓💓බලන අතරතුර  බබා දඟලන්නේ  නෑ කියලා දැනුනොත් ඔක්කොම  වැඩ නවත්වලා  පැය 1/2ක් විතර හාන්සි වෙලා බලන්න
💓දඟලන්නේ  නැත්නම් රෝහලට යන්න
💓රෝහලේදි බබාගේ හෘදය  වස්තුවේ ශබ්දය පටිගත කරන CTG පරීක්ෂණයක්  කරලා බලලා එතනින්  එහාට කරන්න  ඕන දේවල්  තීරණය  කරනවා


Friday, May 4, 2018

බබාට snacks කෙටි ආහාර

මේ දේවල්  මං ගත්තේ  සෞඛය වෛදයය කාර්යාඅංශය නිකුත් කල magazine එකකින් මේකෙන් කියන්නේ snacks ගැන

snacks කෙටි ආහාර

ඒ කියන්නේ  main meals අතරමැදට ගන්නා පෝෂණ ගුණයෙන් අනූන ආහාර හා පානයන්
මේවා ඉක් මනින් හා පහසුවෙන් සකසා ගන්න පුලුවන්විය යුතූයි
චුට්ටන් ගේ කෙටි බඩගින්නට ,  දගලන්න ශක්තිය දෙන්න මේ කෙටි ආහාර දෙන්න ඕන

අපිට දෙන්න පුළුවන් කෙටි ආහාර

යෝගට් ,
 තම්බපු කඩල ,මුඅං ඇට, කවුපි ,
තම්බපු අර්තාපල්, බතල, වැනි අල වර්ග පොල් එක්ක,
ගැඹුරු තෙලේ බැදගත් අර්තාපල්, බතල, අළු කෙසෙල්,
thriposha
 පාන්, බිස්කට් බටර් එක්ක
පලතුරු
අවුරුද්දෙන් පස්සෙනම් හැලප ,වැලිතලප, සව් ,අග්ගලා, කේක් ඕන දෙයක් දෙන්න පුළුවන්

මම මගේ දෙවන බබා පොඩි කාලේ දුන්න දෙයක් දැන් මතක් වුනා .චූටි බබාට දෙන්න මතක් වුනේ නෑ
කඩල ,කවුපි ,මුඅං ඇට ,, බැදලා අරගෙන කුඩු කරලා තියාගෙන thriposha වගේ හදලා දෙනවා නැත්නම් සුප් එකට දාලා දෙනවා

❤❤Menstrual Cycle ❤❤❤❤ ❤❤❤❤මාස් ශුද්ධිය ❤❤

❤❤❤❤Menstrual Cycle ❤❤❤❤
❤❤❤❤මාස් ශුද්ධිය ❤❤❤❤

💚ගොඩක් අය inbox ඇවිල්ලා  අහලා තිබ්බා ඩිම්බ මේරිම ට ඩිම්බ මෝචනය ට දෙන ඖෂධ ගැන
💚මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක්  එක්ක වැඩ කරලා තියෙනවා
ඒ හතර දෙනා හතර විදියකට තමයි වැඩ කලේ
💚මං මේක මුලින්ම ලිව්වේ නැත්තේ ඒකයි
ඔයාලා ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයාට ආවේණික වූ ක්‍රමයක් ඈති මං මේ ලියන දේට වෙනස් ඇති

💚ඖෂධ ගැන කථා කරන්න ඉස්සෙල්ලා අපි මාස් ශුද්ධිය වෙන හැටි කථා කරමුද

💚menstrual cycle එක කොටස් දෙකකට බෙදෙනවා
💛එක කොටසක් follicular  phase  කියලා  💛කියනවා
💛අනෙක් කොටස secretary නැත්නම් luteal phase කියලා කියනවා

💛follicular phase  එක කියන්නේ  මාස් ශුද්ධිය පටන් ගත් දවසේ ඉදන් ඩිම්බ මෝචනය දක්වා කාලය ට
💓එක් එක් පුද්ගලයාගේ මාස් ශුද්ධිය වන කාලය වෙනස් වෙන්නේ මේ කාලය එක් එක් පුද්ගලයාට වෙනස් නිසා මේ කාලය දින 10 සිට 40 දක්වා වෙනස් වෙන්න පුළුවන්
💓අපේ මොලයේ හයිපොතැලමස කියල කොටසක් තියනව
💓මේකෙන්  GnRh  කියලා හෝර්මෝන යක් නිකුත් කරනවා .
💓මේ හෝර්මෝනය නිසා පිටියුටරිය මගින් FSH  follicular stimulating hormone හා LH  හෝර්මෝන නිකුත් කරනවා
💓ඔයාලා ගේ රුධිරයේ මේ හෝර්මෝන තියන ප්‍රමාණය බලලා ඇති.
💓මේ FSH හෝර්මෝනය  follicles වර්ධනය උත්තේජනය කරනවා
💓follicles කියන්නේ ඩිම්බ කෝෂ වල තියන තරල පිරුණු කුහර මේ කුහරවල තමයි නොමේරූ ඩිම්බ තියෙන්නේ
💓මේ හෝර්මෝනය මගින් ඩිම්බ මේරිම වගේම ඊස්ට්‍රජන් ශ්‍රාවයත් උත්තේජනය කරනවා
💓ඊස්ට්‍රජන් මගින් ගර්භාෂයේ ඇතුලත ආස්තරනය ඝනකම්  කරනවා
💓ඒ වගේම ගැබ්ගෙල මගින්  ශුක්‍රාණු වලට ගමන් කිරීමට සුදුසු තරලය ක් නිපදවන්නත් උදව් කරනවා
💓මේ විදියට යනකොට එක follicle එකක් අනික් ඒවාට වඩා ලොකු වෙලා ඒකේ තියන ඩිම්බයත් හොදට මෝරනවා
💓ඊස්ට්‍රජන් දිගටම වැඩිවෙනවා
💓මේ අතර එකපාරටම LH  ගොඩක් වැඩි වෙනවා මේ දෙයට කියනවා LH surge
කියලා
💓මේ LH නිසා ඩිම්බ මෝචනය සිදුවෙලා
💓ඩිම්බය පැලෝපියන් නාලයට ඇතුළු වෙනවා . මේ අවස්ථාවට තමයි ovulation  කියන්නේ
💓ovulation වන කාලය එකිනෙකාට වෙනස්
💓💓💓ඩිම්බයක් පැය 24ක්තියනවා මේ කාලය තමයි pregnant වෙන්න හොදම
ශුක්‍රාණුව දවස් 3 ක් විතර ජීවත් වෙනවා

💛secretary phase

💓ඩිම්බ මෝචනයෙන් පසුව progesterone  කියන හෝර්මෝන ය follicles වලින් නිපදවනවා ඊස්ට්‍රජනුත් තව දුරටත් නිපදවනවා
ගර්භාෂ ආස්තරනය තව ඝන වෙනවා කලලය තැන්පත් වීමට
💓ඩිම්බය සංසේචනය නොවුනොත්  follicles හැකිලෙන්න ගන්නවා
💓ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩුවෙනවා
ගර්භාෂයේ ආස්තරනය ගැලවෙන්න ගන්නවා
💓මේ ක ගැලවිලා යන එකට අපි මාස් ශුද්ධිය කියලා කියනවා
💓💓💓කොච්චර මාස් ශුද්ධීන් දෙකක් අතර කාලය දික්වුනත් secretary phase එක දවස් 12 -16 ක් අතර කාලයක් තමයි තියෙන්නේ
💓💓දිග cycle එකක් තියන කෙනෙකුට දවස් 14 අතර කාලයේ එකතු වුනා කියලා වැඩක් නෑ සරු කාලය ගැන මං ඉස්සෙල්ලා ලිව්වනේ.

💛සංසේචනය ක් වුනොත් කලලය  සතියකින් පමණ ගර්භාෂයේ තැන්පත් වෙනවා
💓ඊට පසුව  තමයි hcG   කියන හෝර්මෝන ය ශ්‍රාවය වෙන්නේ.
💓hcG මගින්  follicles හැකිලෙන්න දෙන්නෙ නැතුව තියාගන්නවා
💓follicles වලින් දිගටම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නිපදවනවා
💓ගර්භාෂ ආස්තරනය තව දුරටත් වර්ධනය වන වා වැදෑමහ හැදෙනකම්ම.

අළුත උපන් බබා නෑවීම

බබාව නෑවීම

අළුත් අම්මා  කෙනෙකු ට අළුත් අත්දැකීමක්
හිතට හයිය අරගෙන කරන්න  ඕන  දෙයක්
මං වගේ  තනියම ඉන්න  කෙනෙක්  බබාව
නාවන්නේ කොහොමද එහෙම කෙනෙක්  ඉන්නවනම්  උපකාරයක් වෙන්න ලියන්නේ

බබා  ලැබෙන්න  ඉස්සෙල්ලම  ඔයාල  නියපොතු කොටට කපන්න
මුදු  වලලු වගේ දේවල්  නැත්නම්  හොදයි කියලා මට හිතෙනවා

මමනම්  බබාව නාවන්න ගත්තේ පෙකණිය  වේලිල  වැටුනට පස්සේ
එතකම් මද රස්නේ උණුවතුර  වලින්  නැපියක් පොගව ලා  උදේ හවස  පිහදැම්මා
සමහර  අයනම්  මුල් ඉදන්ම  නාවනවා

ඔයාලත්  ගෙදර තනියම නම්  ඉන්නේ  ඕන දේ මුලින්ම  ලෑස්ති  කරගන්න

  baby bath tub
තව චූටි බේසමක්
bath sheet  එකක් හරි cot sheet එකක් හරි
හිල් පොල් කට්ට  හෝ පොඩි  කෝප්පයක්
මෘදු  සබන්  හෝ head to toe wash වර්ගයක්
baby towel එකක්

අම්මා  මට කියලා දුන්නේ   bath tub  එක බිම තියලා බංකුවක  වාඩිවෙලා  නාවන්න
ඒත් මට ඒක අපහසු නිසා මම බාත් එක දිගට ටීපෝවක  තියලා ඇදේ  වාඩි වෙලා නෑව්වේ
බිම පැත්තකින් බේසම තියාගත්තා
ඇදේ එක පැත්තකින්  cot sheet  එක එලා ගත්තා
අනෙක් පැත්තෙන් towel එක එලාගත්තා
හරි  ක්‍රමය නම්  උණු වතුර  bath tub   එකේම  නිවෙන්න  තියලා  නාවන්න  ගන්න  එක
ඒත්  මම උනු වතුර  ඇල් වතුරෙන්  නිවලා  ගත්තා
බබාව උකුලේ තියාගන්න
නුහුරු අතින් බෙල්ල  support  කරලා අනෙක් අතින් අතට වතුර  ටිකක් අරගෙන  ඔලුව  අතගාන්න. කෝප්පයකට හරි පොල් කට්ටෙන් හරි වතුර අරන් ඔළුවට  හෙමිහිට  වත් කරන්න
සබන් චුට්ටක් ඔලුවට  ගාල  බේසම ට අල්ලලා  හෝදන්න

ඊට  පස්සෙ  තව වතුර  ටිකක්  ඔලුව ට වත් කරන්න
සමහර අය බබාගේ  ඔලුව  පිහ දානවා
ඒත් මම එහෙම  කලේ නෑ
ඊළඟට  තමයි අමාරුම  කාරිය

මම නම් කලේ බබාව   cot sheet  එක උඩ තියලා වතුර  ටිකක්  ඇඟේ ගාලා  සබන්  හරි baby wash එක හරි  ඇඟේ  ගානවා
බෙල්ලේ  නැවුම් වල කිහිලි  ඉකිලි   අත් කකුල් වල නැවුම් වල හොදට ගාන්න
 ඊළඟට  තමා වැදගත්ම  කොටස
මම දකුණත්  මම මගේ වම් අතින්  බබාගේ බෙල්ල  පිටි පස්සෙන් අත දාලා බබාගේ  වම් බාහුවේ  උඩ කොටස හොදට අල්ලාගෙන අනිත් අතින් බබාගේ කකුල් යටින්  වම් කකුල අල්ලාගෙන බාත් එකෙන්  තියනවා
ඊට පස්සෙ දකුණු අතින් වතුර  අරං බබාව හෝදනව
සති 2ක් විතර ගියාට පස්සෙ කෝප්පෙන්  වතුර  ඇඟට  වත්කරනවා
ඊට පස්සෙ බබාව අරගෙන ටවර් එකේ ඔතලා පිහදානවා
නැවුම් බෙල්ල යට හොදට පිහ දානවා
මේ මම කලවිදිහ

අනේ මගේ චුට්ටට කවන්නේ කොහොමද

අනේ මගේ චුට්ටට කවන්නේ කොහොමද

 ගොඩක්  අයට තියන ලොකුම ගැටලුවක් තමයි චූටි බබාලට කවන එක. ඇත්තටම ඒක ගොඩක් වගකීමෙන් කලයුතු දෙයක් .මෙතන පලවන post දැක්කම මට මේක ලියන්න හිතුනා. මේක මං ලියන්නේ WHO AND UNICEF එකතු වෙලා හදපු GUIDELINE එකකුයි ලංකාවේ FAMILY HEALTH BUREAU කියන ආයතනයෙන් හදපු guideline එකකුයි උදව් කරගෙන.
උපතේ සිට අවුරුදු 2 දක්වාකාලය දරුවෙකුට හරිම වැදගත්.මේ කාලයට කියනවා critical window කියලා.මේ කාලයේ දරුවෙකුට නිසි පෝෂණයක් නොලැබුනොත් දරුවෙකුගේ මානසික ශාරිරික වර්ධනය අඩුවෙනවා.දීර්ඝ කාලිනව බැලුවොත් බබාගේ ඉගෙනුම් කටයුතු, වැඩකිරිමේ හැකියාව වගේ දේවල් අඩු වෙනවා,ගැහැණු දරුවෙක් නම් එයාගෙ දරුවන්ටත් මේක බලපානවා.
බබාට මාස 6 ක් දක්වා මවුකිරි විතරමයි දෙන්න ඕන .මේ පෝෂණය ඒකාලයට හොදටම ඇති.ඒ කියන්නේ සාමානය උපත් බරක් ඇති නියමිත කාලයේ ඉපදුන බබෙකූට.මේකෙන් බබාගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාදන, අසාත්මිකතා,අවම කරනවා.ඒ වගේම බබාගේ චාලක හැකියා වර්ධනය ටත් මේක වැදගත්.
දින 180ක් පිරුන බබාලට තමයි අමතර ආහාර පටන් ගන්න ඕන. ඒත් එක්ක අවුරුදු 2ක් යනකම් මවුකිරි දෙන්න ඕන.අම්මලා රැකියාවට යනකොට මේතත්වය වෙනස් වෙනවා.ලංකාවේ government service එකේ no payleave ගන්න පුලුවන්නේ. කොහොම වුනත් රැකියාවට යායුතු මවක් නම් මාස 4න් දින 120න් අමතර ආහාර පටන් ගන්න පුලුවන්.
අවුරුදු 2 ක් වෙනකම් මවුකිරි දෙන එකේ වැදගත්
1.ඒකාලයේ 70%ක් විටමින්,40%ක් කැල්සියම් මවු කිරි වලන් ලැබෙනවා.
2මොලයේ වර්ධනයට වැදගත්,
3හතිය වගේ දීර්ඝ කාලින අසනීප අඩු කරනවා.
4සථූල තාවය අඩු කරනවා
5ඒ වගේම අසනීප අවස්ථාවක අනෙක් කෑම වලට apetite අඩු වුනත් අම්මගේ කිරි ටික ආසා වෙන් බොන නිසා සනීප වෙන්න ඕන පෝෂණය ඒකෙන් ලැබෙනවා.
මවුකිරි දෙන්න බැරි මොකක් හරි අපහසුතා වක් තියනවනම් බබාලට හදලා තියන formula  සම්පූර්ණ යොදය සහිත කිරිපිටි දෙන්න ඕන.soy වලින් හදලා තියන ඒවත් හොදයි.
කිරි බෝතල් පාවිච්චියත් හොද නෑ.
fresh milk ඇතුලුව වෙන කිසිම කිරි ජාතියක් දෙන්න හොද නෑ.
ගොඩක් අය හිතනවා fresh milkහොදයි කියලා ඒ වුනත් ඒක එහෙම නෙවෙයි
1මේවයේ ගොඩක් ලවණ තියනවා මේ ලවණ ශරීරයට උරා ගන්න බෑ ඒක හේතුවෙනවා වකුගඩුවල ලවණ වැඩිවෙන්න මෙය විජලනය දක්වා හේතුවෙන්න පුලුවන්
2ඒ වගේම ආහාර මාර්ගයේ සැගවුන රුධිර වහනයක් ඇතිකරන්න හේතු වෙනවා කියලත් තිබුනා
3අනිත් දේ ආසාදනයන්

ඊලගට බබාලට කවන එක .ඒක හරිම වගකීමෙන් කරන්න ඕන දෙයක්
එතකොට බබාලගේ ශාරිරික වර්ධනය විතරක් හිතලා මදි ,මානසික වර්ධනය ගැන හිතන්න ඕන
ඒ වෙලාව එයාට සෙල්ලම් කරන වෙලාවක් ,ආදරය කරන වෙලාවක්, ඉගෙන ගන්න වෙලාවක් වෙන්න ඕන
ඒ වෙලාවේදි බබාගේ බඩගින්න ගැන වගේම ඇතිවීම ගැනත් හිතන්න ඕන
කොයි වෙලාවකවත් බල කරන්න එපා
කෑම කන එක එයාලගෙ වැඩක් කරගන්න දෙන්න
බබා කෑම refuseකරනවනම් විවිධ දේ විවිධ විදිහට හදලා දෙන්න
කෑම කවන්න එක තැනක් තියාගෙන ඒ තැන එයාට pleasant තැනක් කරන්න.

කෑම ගබඩා කිරීම , සැකසීම හරිම පිරිසිදුව කරන්න ඕන. කෑම දෙන, සකසන භාජන පිරිසිදුව තියාගන්න ඕන. හැකි සෑම විටම නැවුම්ව ආහාර ලබාදෙන්න ඕන.
අමතර ආහාර පටන් ගන්න කොට තේ හැදි2,3කින් පටන් ගෙන amount එක වැඩි කරන්න ඕන ඒ වගේම දෙන වාර ගණනත් වැඩි කරන්න ඕන
  එතකොට කිරි දීම අඩු කරන්න ඕන .එහෙම නැත්නම් කිරි වලින් එන ශක්තිය නිසා එයාලට කෑමේ උවමනාව අඩුවෙනවා

කෑම පටන් ගන්න කොට මුලින්ම මත්ගාගත් බත් තලපයට මවු කිරි දාලා දෙන්න
මාස6- 8 mashed,  pureed ඒ කියන්නෙ හොදින් අබරලා දෙන්න මාස8 වෙනකොට සියුම් කැබලි අඩංගු වෙනසේ දෙන්න
මාස 9 වෙනකොට අතින් අල්ලගෙන කන ආහාර finger food දෙන්න ඕන
අවුරුද්ද වෙන කොට අපි කන කෑමම එයාලට දෙන්න ඕන අවුරුද්දෙන් පස්සේ අපේ අධීක්ෂණය සහිතව එයාලට තනියෙන් කන එක promote කරන්න ඕන

ස්වශන මාර්ගයේ හිරවෙන්න පුලුවන් කෑම දෙන්න එපා

හැම දවසකම එහෙම නැත්නම් පුලුවන් හැම වෙලාවෙම මස් ,මාලු, බිත්තර කෑම වලට එකතු කරන්න
මස් මාලු නැත්නම් යකඩ බහුල ශාකමය ආහාර දෙන්න ඕන
vit A බහුල එලවලු පලතුරු දෙන්න ඕන
පොල් තෙල් ,පොල්කිරි, unsaltedබටර් එකතු කරලා කෑම හදන්න ඕන. අවුරුද්ද යනකම් සීනි ,ලුණු දෙන්න එපා. අසාත්මිකතා වියහැකි ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕන
තේ, කෝපි ,සීනි සහිත පාන වර්ග දෙන්න එපා.

රෝගී වෙලාවටබබා ආස කෑම වර්ග දෙන්න .මවු කිරි ඉල්ලන සෑම වටම දෙන්න.
සනීප වුනාම වැඩියෙන් ආහාර දෙන්න ඕන.

අළුත විවාහ වූ විවාහ වෙන්න සිටින ඔබටයි මේ

💏ඔයාලා අතර අළුත  විවාහ වූ,
💏විවාහ වෙන්න බලාපොරොත්තු වන,
👪විවාහ වෙලා දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න
 💑 ටික කාලයක් බබාලා පරක්කු අය ඇති
ඔයාල හැමෝටමයි මං මේ ලියන්නේ

💚ඔයාලා  හැමෝම folic acid ගන්නේ නැත්නම් දැන්ම ගන්න පටන් ගන්න
💚රුබෙල්ලා එන්නත ලබා ගන්න
💚පුළුවන් නම් පැපොල (  chickenpox )  සදහාත් එන්නත ලබා ගන්න
💚බබෙක් බලාපොරොත්තුව ඉන්න කෙනෙක් වගේම බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් පූසන්ව ඈත් කරනවා නම් හොදයි
💚පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ගාව තියෙනවා eligible couple registry කියලා ලේඛනයක්
අයත් විවාහ වුන හැම කෙනෙක්ම පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න ඕන
💚මාස් ශුද්ධිය හැදෙන්න දවස මතක තියාගන්න

💏👪පවුල් සැලසුම් කිරීම

ගැබ් ගැනීම පරක්කු කරන්න ඕන නම්  බබෙක් නොලැබූ කෙනෙකුට තියන එකම පවුල් සැලසුම් ක්‍රමය ගිලින පෙති පාවිච්චි කිරීම
💛විවාහ වෙන්න පෙර අන්තිම මාස් ශුද්ධිය පටන් ගත් දවසේ ඉදන් හෝ දවස් 5 ක් ඇතුළත  පෙති පාවිච්චිය පටන් ගන්න ඕන
💛දිනපතා නියමිත වෙලාවක පෙති ගත යුතුයි
💛දවසක් අමතක වුනොත් ඊලග දවසේ ඒ පෙත්තත් ගන්න ඕන
💛කොහොමත් වෛද්‍ය උපදෙස් මත මේ පෙති පටන් ගන්න
💛හෝර්මෝන පෙති 21ක් අවසානයේ යකඩ පෙති 7 ක් තියනවා
💛මේ යකඩ පෙති භාවිත කරන කාලයේ යෝනි මාර්ගයෙන්  රුධිර වහනය පටන් ගන්නවා
💔එහෙම නොවුනොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන
❤බබෙක් බලාපොරොත්තු වෙන කොට මේ පෙති නවත්තන්න
💛පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ගෙන් ගිලින පෙති ලබාගන්න පුලුවන්

💏👪මද සරුභාවය

💜මං මේ topic  එක ටිකක්  විවෘතව කතාකරනවා
💜අවුරුදු කීපයක් නාරි හා ප්‍රසව වාට්ටුවල වැඩකරපු අත්දැකීම් එක්ක

💜මද සරුභාවය කියන්නේ  විවාහක දෙදෙනකු වසරක් තිස්සේ කිසිම පවුල් සැලසුම් ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැතුව සරු කාලයේ එකතු වෙලා ගර්භනී නොවීම

💜1/3 මද සරුභාවය ට  හේතු වෙන්නේ පිරිමි අය
💜1/3 කාන්තාවන්
💜1/3ක් කිසිම  හේතුවක් නැතුව ගැබ් ගන්නේ නෑ  සමහර අය කියන්නේ ඔක්කොම චෙක්කලා ඔක්කොම හොදයි කිව්වා කියලා ඒ අය අයිති වෙන්නේ මේ  1/3 ට

💜අපි මුලින් කථා කරමු මේ 1/3 ගැන
💜මං නාරි හා ප්‍රසව වාට්ටුවල වැඩ කරන දවස්‌වල  අපි මෙහෙම දෙයක් කරනවා
ශුක්‍ර තරලය අරගෙන  කිසිම සකස් කිරීමකින් තොරව කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුළු කරනවා
එයාලා ගැබ්ගන්නවා
කොහොමද එහෙම වෙන්නේ
💜මේ දේ වෙන්න පුළුවන් මොකද  එයාලට ගැටළු තියෙන්නේ ලිංගික එක්වීම පිළිබඳව
💜බබෙක් බලාපොරොත්තුව ඉන්න දෙන්නෙක්  ලිංගික එක්වීමේදි පිරිමියා උඩ ඉන්න විදිහට එකතුවෙන්න ඕන

💜සමහර කාන්තාවන්ට රිදෙන නිසා, බය නිසා මේ දේ හරියට වෙන්නේ නෑ

💜සමහර පිරිමි අයටත් බබෙක්  හදන්න ඕන stress එක නිසාම ප්‍රාණවත් වීම හරියට සිදු නොවෙන්නත්පුළුවන්

💜ඒ වගේම ඉක්මනින්ම ශුක්‍ර තරලය පිට වෙන්නත් පුළුවන්

💜මේ දේවල් ඇත්තටම වෛද්‍ය වරයෙකු හමුවුනත් ඔයාලා  කතාකරන්නේ නෑ
💜මේ වගේ ප්‍රශ්න තියනවා නම් අනිවාර්යයෙන්ම ඒවාට  විසඳුමක් ගන්න ඕන
💜නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙකු හමුවේ මේ ප්‍රශ්න කථා කරන්න
💜මේ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ප්‍රමාණවත් sexual stimulation (පූර්ව ප්‍රජනන ක්‍රියා )
එකක්  නැති නිසා
💜ඒ නිසා  ඉක්මන් වෙන්නේ නැතුව  දෙන්නම සතුටු වෙන්න පුළුවන් මට්ටමට ළඟා වෙනකම් ඉන්න

💏💑අනෙත් එක තමයි සරු කාලය ගැන නොදැනුවත් වීම

💜සරු කාලය එක් එක් පුද්ගලයාට වෙනස් වෙනවා
💜සරු කාලය ගණන්  හදලා ගන්න ඕන
ගණන්  හදන්න ඉස්සෙල්ලා මාස 8 ක් වත් මාස් ශුද්ධිය හැදෙන දවස් ලකුණු කරගන්න
කෙටිම cycle එකේ දිග දින 27ක් නම් ඒකෙන්  18ක් අඩුකරන්න උත්තරය 9 නේ
දිගම cycle එකේ දිග දින 32ක්නම් ඒකෙන් 11 අඩුකරන්න උත්තරය 21 නේ
දින 9 සිට 21කාලය තමයි ඒ පුද්ගලයාට කාලය
සරු කාලයේ දවසක් ඇර දවසක්වත් එකතු වෙන්න ඕන

💜ඔයාලා නියමිත බර පවත්වා ගන්න ඕන
බර වැඩි නම් ආහාරයේ කාබෝහයිඩ්‍රේට්, මේදය අඩුකරන්න
වව්‍යායාමවල නිරත වෙන්න
💜දෙපාර්ශ්වයම මත්පැන් පානය. , මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන්න
💜පිරිමි අය අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් වළකින්න
💜පිරිමි අය තද යට ඇඳුම් අදින් නැතුව සැහැල්ලු කපු ඇදුම් අදින්න
💜කෘෂිකර්ම  කටයුතු  සදහා පාවිච්චි කරන වල්නාශක, පලිබෝධ නාශක වලින් ඈත් වෙන්න
💜වෙනත් අසනීපයක් සඳහා ඖෂධ වර්ග ලබා ගන්න කෙනෙක් නම් වෛද්‍යවරයා සමඟ මේ අවශ්‍යතාවය කථා කරන්න
💟💞💝මේ දේවල් කල් දාන්න එපා මොකද කෙනෙක් ගැබ් ගැනීමේ හැකියාව වසරින් වසර අඩුවෙනවා

💏👪අපි වෛද්‍ය වරයෙකු හමුවෙන්න ඕන කොයි වෙලාවේද

💓සාමාන්‍ය යුවලක් අවුරුද්ද ක් කිසිදු උපත් පාලන ක්‍රම යක් පාවිච්චි කරන්නේ නැතුව සරු කාලයේ එකතු
වෙලා ගැබ් ගත්තේ නැත්නම්

💓අවුරුදු 35 ට වැඩිනම් මාස හය ක් යනකොට ගැබ් ගත්තේ නැත්නම්

💓මාස් ශුද්ධිය නියමිත පරිදි හැදෙන්නේ නැත්නම්
💓මාස් ශුද්ධිය දවස්වල අධික උදර කැක්කුම ක් තියනවනම්
💓ගබ්සා වීම් කීපයක් සිදුවි තියනවනම්
💓දෙදෙනාගෙන් කෙනෙකුට වෙනත් අසනීප තත්ත්වයන් තියනවනම් දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ රෝග වගේ දේවල්
💓ඔයාලා දැනුවත්ව ගර්භාෂයේ , ගැබ්ගෙල ,
ඩිම්බ කෝෂ වල ,පැලෝපියන් නාල වල අසනීපයක් හෝ ශල්‍යකර්මයක් තියනවනම්
💓පිරිමි අය ත් ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වගේ ගැටළු තියනවනම්

💏👪පිරිමි අයට තියන ගැටලු

💓ශුක්‍රතරලයේ ශුක්‍රාණු ප්‍රමාණයෙන්  අඩු වීම නිපදවීමේ අඩුවීම
💓ඒවායේ ක්‍රියාකාරීත්වය අඩු වීම
💓ඒවායේ වෙනස් ස්වරූපය
💓ශුක්‍ර තරලය පිටකිරීම අපහසුවක්
ඒ කියන්නේ අතරමැද block වීමක්
💓💓ඉතින් මුලින්ම  seminal fluid analysis ශුක්‍ර තරලය පරික්ෂා කිරීම කරනවා

💏👪කාන්තාවන්ට ගොඩක් හේතු තියනවා
  💓ඩිම්බ කෝෂ වල හා ඩිම්බ නිපදවීම පිළිබද ගැටළු
            බහුලව දැකිය හැක්කේ poly         cystic ovarian disorder
💓පැලෝපියන් නාලයේ ගැටලු
💓ගර්භාෂය හා ගැබ් ගෙල සම්බන්ධ ගැටලු
💓හෝර්මෝන  සම්බන්ධ ගැටලු

💓💓ඉතින් කාන්තාවන් ගේ මුලින්ම යෝනි මාර්ගය ඔස්සේ කරන scan පරීක්ෂණයක් කරනවා
💓💓හෝර්මෝන  levels බලනවා
ඊට පස්සෙ ප්‍රතිකාර හා ඉදිරි පරීක්ෂණ  කටයුතු  ඒ අනුව කරනවා
වැඩි විස්තර ලියන්නේ නෑ අනිවාර්යයෙන්ම වෛද්‍ය වරයෙකු හමුවේ කරන දේවල් නිසා

ඔයාලා  හොදට හොයල බලන්න මිේ සදහා ප්‍රතිකාර ගන්න කොට ශික්‍ෂණ රෝහලකට තියන සායනයකට හෝ මේ සදහා වඩාත් සුදුසු නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙතට යොමු වෙන්න

👍දරුවෙක් පරක්කු වෙනවනම්  ඒක ලොකු  මානසික ප්‍ර්‍රශ්නයක්නේ
👍ඔය දෙන්නා  ඔයාලා ගේ හැඟීම් හැමවිටම බෙදා ගන්න කථා කරන්න
සතුටෙන් ඉන් න
පොත් කියවන්න
සමබල ආහාර වේලක් ගන්න
ආගමික කටයුතුවල නිරත වන්න
වැඩිහිටි අය ට ත් ලොකු වගකීමක් තියෙනවා
මේ දෙදෙනා ව සතුටෙන් තියන්න

Thursday, May 3, 2018

දරුවන් ගේ රුධිර වර්ගය තීරණය කිරීම හා රෝගම් දීම

රුධිර  වර්ග  හා රෝගම් දීම

👪අම්මගේ හරි  තාත්තාගේ  හරි ලේ වර්ගය නැතුව  බබාලට වෙන ලේ වර්ගයක් තියෙන්න පුළුවන්ද

👪ඇයි සමහර  අම්මා ලට විතරක් රෝගම්  දෙන්නේ
සමහර අම්මා ලට නොදෙන්නේ

💚අපේ ලේ වර්ගය තීරණය  කරන්නේ  chromosome  9 න්
💚වර්ණ දේහ නැත්නම් chromosome තියෙන්නේ  යුගල වශයෙන්

💛ලේ වර්ග හතරක්  තියනවා
💜 A
 💜B
💜 AB
 💜O

💓A ලේ වර්ගය තියන පුද්ගලයගේ රතු  රුධිරාණු  වල A antigen එකත් රුධිර ප්ලාස්මාවේ anti B කියන  antibodies නුත් තියනවා
ඒ වගේම  එයාගේ වර්ණ දේහ දෙකම A ලේ වර්ගය තීරණය කරන වර්ණ දේහ වෙන්නත් පුළුවන්
එහෙම නැත්නම් එක වර්ණ දේහයක් A වර්ගය තීරණය  කරන  අතර  අනෙක්  වර්ණ දේහය O ලේ වර්ගය තීරණය කරන වර්ණ දේහයක්  වෙන්න පුළුවන්
දෙවන අවස්ථාවේදී  A ප්‍රමුඛ  වෙලා ලේ වර්ගය A වෙනවා

💓B ලේ වර්ගය තියන පුද්ගලයගේ රතු  රුධිරාණු  වල B antigen එකත් රුධිර ප්ලාස්මාවේ anti A කියන  antibodies නුත් තියනවා
ඒ වගේම  එයාගේ වර්ණ දේහ දෙකම  Bලේ වර්ගය තීරණය කරන වර්ණ දේහ වෙන්නත් පුළුවන්
එහෙම නැත්නම් එක වර්ණ දේහයක් B වර්ගය තීරණය  කරන  අතර  අනෙක්  වර්ණ දේහය O ලේ වර්ගය තීරණය කරන වර්ණ දේහයක්  වෙන්න පුළුවන්
දෙවන අවස්ථාවේදී  B ප්‍රමුඛ  වෙලා ලේ වර්ගය B වෙනවා

💓ABලේ වර්ගය තියන පුද්ගලයගේ රතු  රුධිරාණු  වල A antigen එකත් B antigen එකත්  යන දෙකම තිියනවා
එයාගේ රුධිර ප්ලාස්මාවේ   antibodies නෑ
ඒ වගේම  එයාගේ වර්ණ දේහ දෙකෙන් එකක්  A ලේ වර්ගය තීරණය කරන අතර අනෙක්ව ර්ණ දේහය  B ලේ වර්ගය තීරණය  කරනවා

💓O ලේ වර්ගය තියන පුද්ගලයගේ රතු  රුධිරාණු  වල කිිසිදු  antigenඑකක් නෑ රුධිර ප්ලාස්මාවේ antiA  anti B කියන  antibodies වර්ග දෙකම තියනවා

ඒ වගේම  එයාගේ වර්ණ දේහ දෙකම O ලේ වර්ගය තීරණය කරන වර්ණ දේහ යි

💜දරුවෙකුට  එක වර්ණ දේහයක් මවගෙන්  ලැබෙන අතර අනෙක් වර්ණ දේහය පියාගෙන්  ලැබෙනවා

💕දෙමාපියන්  දෙදෙනා ටම ඇත්තේ  Aලේ වර්ගය නම් හෝ එක්  අයකු ට Aලේ වර්ගය  හා අනෙක්  කෙනාට Oලේ වර්ගය නම් ඉපදෙන දරුවන්  Aහෝ Oලේ වර්ගයට අයත්  වෙනවා

💕දෙමාපියන්  දෙදෙනා ටම  ඇත්තේ  Bලේ වර්ගය නම් හෝ එක්  අයකු ට Bලේ වර්ගය  හා අනෙක්  කෙනාට Oලේ වර්ගය නම් ඉපදෙන දරුවන්  Bහෝ Oලේ වර්ගයට අයත්  වෙනවා

💕දෙමාපියන්  දෙදෙනා ටම  ඇත්තේ  Oලේ වර්ගය නම් ඉපදෙන දරුවන් සියලුදෙනා Oලේ වර්ගයට අයත් වෙනවා

💕දෙමාපියන්ගෙන් එක් අයෙකු  A අනෙක්  කෙනා B නම් දරුවෝ Aහෝ Bහෝ ABහෝO වෙන්න පුළුවන්

💚A positive  ,B positive  කියලා අහලා  තියෙනවා නේ
රතු  රුධිර  සෛලවල Rhකියලා antigen එකක්  තියනවා
💗මේ antigen එක තියන අයට Rh positive කියලා  කියනවා
💗නැති අයට Rh negative කියලා  කියනවා

💕එතනදිත් දෙමව්පියන්  දෙදෙනාම positve නම් බබා positive හරි negative හරි වෙන්න පුළුවන්
💕දෙදෙනා ම negative  නම්  බබා අනිවාර්යයෙන්ම  negative

💕එක්කෙනෙක් positive  වෙලා  අනෙක් කෙනා negative වුනොත් බබා positive හරි negative හරි වෙන්න පුළුවන්

❤මෙතනදි අම්මා negative වෙලා  බබා positive වුනොත් දරු උපතේදී අම්මාගේ හා බබාගේ රුධිරය  මිශ්‍ර  වන නිසා බබාගේ රුධිරයෙන්  එන Rh antigen එකට අම්මාගේ ශරීරයේ plasma වේ anti Rh antibodies හැදෙනවා
❤එතකොට ඊළඟ pregnancy එකේදි බබා Rh positive බබෙක්  වුනොත් අම්මාගේ  හැදෙන මේ antibodiesබබාගේ රුධිර සෛල විනාශ කරනවා

❤මේ නිසා තමයි Rh negative අම්මලාට රෝගම් දෙන්නේ
 ❤Rh  negative අම්මලා ට විතරයි රෝගම් දෙන්නේ