Tuesday, February 12, 2019

දරුවන් වෙනුවෙන්


දරුවන් වෙනුවෙන් 2

අපේ ගෙදර සමිතිය


අපේ දරුවෝ හැමදාම මේ විදියට ඉන්නවද 
නෑ නේ 🧒 
තව ටිකක් ලොකු වෙනකොට එයාලගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා 💭 

ලොකු දරුවන් ඉන්න දෙමව්පියන්  එයාලා මොනවා ගැනද හිතන්නේ 
අපේ දුව හෝ පුතා ප්‍රේම සම්බන්ධයක් ඇති
කරගනියි 😍 
වෙනත් සම්බන්ධයක් ඇතිකරගනියිද ⚣ 
මත් ද්‍රව්‍ය වලට මත්පැන් වලට පුරුදු වෙයිද  
එයාලට අන්තර් ජාලය නිසා එන ප්‍රශ්න තියෙනවා ද
අපිට එයාල ගෙ වෙනස් කම් අදුර ගන්න පුළුවන් වෙයි ද
ඒවා නේද හිතන්නේ
මමත් එහෙම හිතනවා එයාලා ලොකු වුනාම මටත් එයාලගේ වෙනස් කම් අදුරගන්න පුළුවන් වෙයිද කියලා
ඒ වෙනුවෙන් දැන්ම ඉදන් කරන්න පුළුවන් මොනවද කියලා

අපි එයාලත් එක්ක සම්බන්ධය වැඩි දියුණු කර ගත්තොත් කොහොමද 

එතකොට අපිට එයාල ගේ වෙනස්‌කම්  අදුන ගන්න පහසු වෙනවා නේද 

කොයි වෙලාවටද අපි එයාලත් එක්ක සම්බන්ධතාවය වැඩි කරගන්නේ

ගෙදර හැමෝම එකතු වෙලා ඉන්න වෙලාවට 
නැත්නම් එයාලත් එක්ක වෙන් වෙන්ව කාලය ගත කරන වෙලාවට තමයි මේ දේවල් කරන්න පුළුවන් 

අපිට ගෙදර හැමෝටම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් තියෙන්නේ මොනවද
එකට කන්න පුළුවන් 
එකට තේ බොන්න පුළුවන් 🍵 
වදින්න පුළුවන් 🛐 
විනෝද ගමන් යන්න පුළුවන් 

ඔය දේවල්වලට අමතරව අපි ගෙදර සමිතියක් පටන් ගත්තා තවම සමිතියේ මුල් කාලය
පළමු මාසය
සතියකට සැරයක් හැම ඉරිදාවකම දවල් කෑමෙන් පසුව
මේ වෙලාවට මට නම් හරි නිදිමතයි
ඒත් ඒක යටපත් කරගෙන පටන් ගන්නවා 
දවසට එක සභාපති කෙනෙක් 
එදා දවසේ එයා තමයි මෙහෙයවන්නේ
හැමෝම සිංදු කියනවා
කථා පවත්වනවා
ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් කරනවා
එයාලා ආස දේවල් යෝජනා කරනවා
අවසානයේ උදේ හදපු cake එකක් හරි snacks හරි එක්ක තේ බොනවා 

මෙච්චර කල් ඒ දේවල් තමයි කලේ

ඉස්සරහට drama කරන්න 
අපේ අඩුපාඩු කතා කරන්න ඒ කියන්නේ චෝදනා වශයෙන් නෙවෙයි යෝජනා වශයෙන්. 
සැලසුම් සකස් කරන්න 
සමිතිය යොදා ගන්න හිතාගෙන ඉන්නේ 


අපි න්‍යාය පත්‍රය ක් ලියන්නේ නෑ 
හැබැයි අපේ සමිතිය video 📹 කරනවා
එයාලා ඒ 📹 videos ආයෙ ආයෙ බලනවා
මේ සතියේ ඉදන් යෝජනා ලියන්න හා diary එකක් තියාගන්න බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වෙනවා 


මට හිතුන දේ තමයි අක්කා ගේ යම් වෙනස්කම් මල්ලී ට තේරෙන්න පුළුවන් මට නොදැනුන අවස්ථාව ක වුනත් මේ වෙලාවට

දරුවන් තුන් දෙනෙක් ඉන්න කොට එක් අයෙක් වෙන් වෙන්න තනි වෙන්න පුළුවන් නේ
ඒක යම් තාක් දුරකට මගහරවා ගන්න පුළුවන් 

හැමෝගෙම සම්බන්ධතාව ය වැඩි කරගන්න පුළුවන්

ගෙදර හැමෝටම අධිකාරි බලයක් ලැබෙනවා
චූටිම එක්කෙනා ත් වැදගත් කෙනෙක් වෙනවා 

දරුවන් ට ඉදිරිපත් වීමේ හැකියාවක් ඇතිවෙනවා

අනිවාර්යයෙන්ම හැමෝම විනෝද වෙනවා 

👪 පවුල් වෙනුවෙන් දරුවන් 🚸 වෙනුවෙන් අපි ඇත්තටම හැමෝටම දැනෙන කාලයක් ගත කරනවා
ලිපිය ලියන්න ආරාධනා කලේ කමනි සිරිවර්ධන මහත්මිය 
චුට්ටිගේ ලෝකය
පූර්ණිමා ලක්මාලි 




love is giving







මොකක්ද ඒ
ඇයි ඒ තදට දැනෙන්නේ
මටත් පුංචි වගේද
මොකද කරන්නේ
අම්මාට කියනවා
ඒත් කොහොම ද
පුංචි ත් හැංගුව නිසානේ ඔක්කොම වුනේ
හෙට උදේම අම්මාට කියනවා
නින්ද යන්නේ නෑ
මොනවා කරන්නද
FB එකට යනවා
ඒත් සතුටක් නෑ
විරාජ් ට call කරනවද
නෑ ඕන නෑ හරියට දැනගන්න කම් එයාට call කරන්නේ නෑ
රෑ තිස්සෙම නින්දක් නෑ
අම්මා නැගිටලා ද කොහෙද
"අම්මේ..."
"මොකද මේ කවදාවත් නැතුව උදේ පාන්දරම
ඇඳේ අනිත් පැත්තෙන් ද බැස්සේ"
"නින්ද ගියේ නෑ
අම්මාට කියන්න දෙයක් තියෙනවා "
"ඇයි මේ "
මං ඔක්කොම අම්මා ට කිව්වා 
අපි දෙන්නා ම ඇඬුවා 

මගේ පුංචි මීට අවුරුදු 5 කට ඉස්සෙල්ලා නැතිවුනා
එයාට කන්න අප්පිරියා වුනා. ඇස් කහ වෙන්න ගත්තා 

අවසානයේ පරීක්‍ෂණ ගොඩාක් කරලා පියයුරු පිළිකාව ක් අක්මාව ට හා පිට කොන්ද ට පැතිරිලා කියලා තමයි හොයාගත්තේ
අපේ පුංචි ඒ කාලයේ ගොඩක් දුක් වින්දා 
එයාලාට පියයුරු වල ගැටිත්ත දැනිලත් ඒක ගණන් අරගෙන නෑ
කොන්ද කැක්කුම ත් මල්ලී වඩාගෙන ඉන්න නිසා කියලා නිකම් ඉදලා
ඒ වෙලාවෙ අපිට කිව්වේ පියයුරු පිළිකා ව මුලින් හදුන ගත්තා නම් සනීප කරන්න පුළුවන් කියලා 
පියයුරු පිළිකා වලින් පස්සේ හොඳින් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා කියලා 

ඒත් අපේ පුංචි සෑහෙන දුක් වින්දා
මේ දැන් මතක් කරන කොටත් ඒ දැනුන වේදනාව ආයෙ ආයෙ මට දැනෙනවා වගේ
පුංචි නම් මාස හයක් විතර තමයි ජීවත් වුනේ 
පුංචි ට එතකොට අවුරුදු 40ක් වත් නෑ 
මල්ලීට අවුරුදු 3යි

අනේ ඔයා දැනගත්ත ගමන් ප්‍රතිකාර ගත්තනම්
ඔයා තාමත් ඉන්නවා නේ

ඒ කාලයේ අපිට උපදෙස් ලැබුණා මාසයකට සැරයක් ස්වයං පියයුරු පරීක්ෂා වක් මාසයක් ගානේ කරන්න
අවුරුදු තුනකට සැරයක් clinic එන්න
අම්මාට වාර්ෂිකව mammogram කරන්න 
අපි කලාද
නෑ අම්මත් නෑ මාත් නෑ
කවදාවත් මට මාස් ශුද්ධිය හැදුන දවසට හිතනවා මේ සැරේ නම් කරනවා කියලා සතියෙන් අමතක යි
අම්මාට නම් මම මතක් කලා
ඒක ඉතින් කරුමේ කියලා  එයත් නිකම් ඉන්නවා

Phone එක ring වෙනවා
විරාජ් ....
Cut කරනවා
සනීප කරන්න පුළුවන් වුනත් මොකටද පිළිකාවක් හැදුන කෙනෙක් කසාද බැඳගන්නේ
එයා කැමති වුනත් එයාගේ ගෙදර අය කැමති වෙන්නේ නෑ නේ
ආයෙත් call කරනවා
මොන කරදරයක් ද Phone එක off කරනවා

Office එකට call කරලා නිවාඩු ගත්තා 
විරාජ් ව හම්බ වෙන්නෙත් නෑනේ එතකොට. 


හවස අම්මත් එක්ක ගියා doctor ගාවට. 
Scan එකකට ලියලා දුන්නා
අම්මාට ත් mammogram කරන්න කිව්වා 

එයාලා කියපු විදිහට නම් බයවෙන්න දෙයක් නෑ 
ඒත් විදලා ශයිල පරීක්ෂණයක් කරන්න ඕන කිව්වා 
ඔක්කොම ඉවර වෙලා ගෙදර යනකොට විරාජ් ගෙදර. තාත්තා මොනවා කිව්වද දන්නේ නෑ 
මම දැක්කේ නෑ වගේ ගෙදරට ගියා
අම්මා ත් ආවා කාමරය ට
"ඇයි විරාජ් එක්ක කතා කලේ නැත්තේ" 
"මට බයයි අම්මේ"
"බයවෙන්න දෙයක් නෑ කිව්වනෙ"
"ඒත් මට බයයි
Report එනකම් කියන්න බෑ නේ "
"ඒ වුනාට ගිහිල්ලා කතා කරන්න මම තේ හදාගෙන එන්නම්"
"තාත්තා කිව්වා ඔයාට බෙහෙත් ගන්න ගියා කියලා ඇයි මට කතා කලේ නැත්තේ 
Phone එකත් off කරලා"
මම බුම්ම ගෙනම හිටියා
"මොකද බුම්ම ගෙන" 
"ඒක තමයි ලෙඩේ"
"ඒක නම් ඉතින් හැමදාම තියෙන එකනෙ හදිස්සිය බෙහෙත් ගන්න ඕන නෑනේ
ඇත්තටම මොකටද හදිසියේ බෙහෙත් ගන්න ගියේ"
"ඒඩ්ස් වලට"
"බයේ බෑ එහෙනම් මම යන්නම් "
මට ඇත්තටම ඇඩුනා 
විරාජ් ලොකු අසනීපයක් හැදුනොත් ඔයා මාව ඇත්තටම දාලා යනවද
"අනේ පිස්සියේ විහිළු වට නේ කිව්වේ" 
"විහිළු නෙවෙයි විරාජ්" 
මම එයාට විස්තර කිව්වා
"ඇයි ඔයා බොරුවට බය වෙන්නෙ "
"පුංචි දුක් විදපු හැටි මම ඇස් දෙකෙන් දැක්කා
බාප්පා මල්ලී ත් එක්ක දුක් විදින හැටි
ඇයි මම ඔයා වත් දුකකට ඇදලා ගන්නේ"
"ඔයාට මුකුත් වෙන්නේ නෑ සැහැල්ලු වෙන් ඉන්න" 

අද reports ගන්න තියෙන දවස
විරාජ් ආවා මාත් එක්ක 
අපි reports පෙන්නන්න ගියා 
"මේකෙත් තියෙන්නේ fibroadenoma කියලා 
පිළිකාවක් නෙවෙයි කියලා
මොකද කරන්නේ මාස හයකින් ආයෙ බලනවද"
"Operation කරන්න බැරිද"
"පුළුවන්" 

කාලය ගෙවිලා ගියා
අම්මා ගෙත් mammogram එක normal 
මගෙත් operation එක කලා
හැම දේකදිම මම ළඟ හිටපු විරාජ් අද මගේම වුනා. 

"ඔයාටත් අපේ බාප්පා වගේ වෙයිද දන්නේ නෑ" 
"බාප්පා වගේ නෙවෙයි මම 
මම ගානට පරීකෂා කරන්නම් කෝ" 

පූර්ණිමා ලක්මාලි 
චුට්ටිගේ ලෝකය 
















Monday, February 11, 2019

pregnancy? anger?

ඔයා දැන් බබෙක්  හම්බ වෙන්න  නේද ඉන්නේ
ඔයාට නිතරම තරහ යනවද
ඔව් නේද ඉස්සර ට වඩා තරහ යනවා 
husband  කාල බෝම්බයක්  එක්ක ඉන්නවා වගේ නේද
අඩන්නත් හිතෙනවා නේද

ඇයි එහෙම වෙන්නේ 
 1 .  ඔයාගේ  හෝමෝන වෙනස් වීම් නිසා 
       මේ හෝර්මෝන  ඔයා ඉස්සර ට වඩා සංවේදී  කෙනෙක්  කරලා 
ඒ නිසා ඔයාට දුක හිතෙනවා තරහ යනවා

2 .ආතතිය Stress 
ඔයාට වෙනදා  තරම් වැඩ කටයුතු කරන්න බැහැ නේද 
ඒත් ඒ ඔයා ගේ දේවල් ඔයා කරගන්න ඕන 
මහන්සිය වැඩියි 
වැඩි ඉවරයක් නෑ
විවේකයක් නෑ 
ඇඟට අපහසුයි
 ඉතින් පොඩි දේටත් තරහ යනවා

3.බය නිසා

ඔයා බයෙන් නේද ඉන්නේ
බබාට මොනවා හරි වෙයිද
මට බබා ලැබෙන්න  ගිහින් අමාරු වෙයිද
මට බබාට බලා ගන්න පුළුවන්ද 
තනියම කරගන්න පුළුවන්ද 
ඒවා හිත හිතානේ ඉන්නේ 
ඉතින් බය වෙනවා 
බවත් එක්කම  ආතතිය ඇවිත් තරහ ගස්සනවා නේද

4.  බලාපොරොත්තු
අපි හිතනවා බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා අනිත් අය අපිට උදව් කරන්න ඕන 
හරී අපිට ආදරය  කරන්න ඕන
ඒත් ඉතින් එයාලටත් වැඩ තියෙනවනේ 
ඒ බලාපොරොත්තු බිඳ වැටෙන කොට අපිට තරහ යනවා.

මේ තරහ කොහොමද ඔයාට  බබාට බලපාන්නේ 

තරහ ගියාම මොකද වෙන්නේ 
ඔයාගේ හයිපොතැලමස පිටියුටරියට කියනවා ගහන්න  හරි දුවන්න  හරි ලෑස්ති වෙන්න  කියලා
ඉතින්  පිටියුටරිය මොකක්ද  කරන්නේ කෝටිසෝල් නිපදවනවා  
ACTH නිපදවනවා 
Adrenal ග්‍රන්ථිය  adrenalin හදනවා
මේවා ඔයාගේ රුධිර පීඩනය වැඩි කරනවා 
සීනි වැඩි කරනවා
හෘද ස්පන්දනය වැඩි කරනවා
ඔයාගේ අතපය වලට ලේ ගමනා ගමනය වැඩි කරලා අනෙක්  තැන් වලට ලේ ගමනාගමනය  අඩු කරනවා 

බබාට  මොකද වෙන්නේ 
බබාට  ලේ ගමනාගමනය  අඩුවෙනවා 
බබාට ඔක්සිජන්  හා පෝෂණය  අඩුවෙනවා
බබා  උපත්  බර අඩු දරුවෙක්  වෙන්න පුළුවන් 
නොමේරූ  දරු උපතක්  වෙන්න පුළුවන් 
එයා යම් යම්  අඩුපාඩු  සහිතව ඉපදෙන්න පුළුවන්. 
මල දරු උපතක් වුනත් වෙන්න පුළුවන් 
මොලයේ වර්ධනය  අඩුවෙන්න පුළුවන් 

ඔය ඔක්කොම  නැතුව අංග සම්පූර්ණ බුද්ධිමත්  දරුවෙක්  බිහිවුණා  වුනත් එයා කොයි වෙලෙත් තරහ යන නිතර ආතතියෙන්  පෙලෙන දරුවෙක්  වෙන්න තියෙන අවධානම
 වැඩියි

ඒ වගේම  එයා ට අධික රුධිර පීඩනය, දියවැඩියාව,  හෘද රෝග එන්න තියෙන අවධානමත් වැඩියි. 

ඔයා බබාට ආදරෙයි නේ 
ඉතින් මොකද  කරන්නේ 

වැඩ කරන්න 
වෙලා තියෙන වෙලාවට බබාට කොට්ට උරයක් මහන්න
එයාට ඇඳුම්  මහන්න
එයා ට පේන්න එල්ලන්න පුළුවන්  උපකරණ හදන්න  ඒවායේ ලස්සන බලන්න 
කාමරය හැඩ කරන්න
අළුත්  කෑම අළුත් දේ අත්හදා  බලන්න
පෞද්ගලික  පිරිසිදු  කම ගැන  සැලකිලිමත් වන්න 
අත් කකුල් cream ගාලා massage කරන්න
මූණට  yogurt  ටිකක්  වගේ ස්වාභාවික  pack  එකක් දාන්න
ආස දෙයක් පුළුවන් නම් හදාගෙන කන්න
ආගමික ස්ථාන වලට යන්න
සිල් ගන්න ඔයා දැන් බබෙක්  හම්බ වෙන්න  නේද ඉන්නේ
ඔයාට නිතරම තරහ යනවද
ඔව් නේද ඉස්සර ට වඩා තරහ යනවා 
husband  කාල බෝම්බයක්  එක්ක ඉන්නවා වගේ නේද
අඩන්නත් හිතෙනවා නේද

ඇයි එහෙම වෙන්නේ 
 1 .  ඔයාගේ  හෝමෝන වෙනස් වීම් නිසා 
       මේ හෝර්මෝන  ඔයා ඉස්සර ට වඩා සංවේදී  කෙනෙක්  කරලා 
ඒ නිසා ඔයාට දුක හිතෙනවා තරහ යනවා

2 .ආතතිය Stress 
ඔයාට වෙනදා  තරම් වැඩ කටයුතු කරන්න බැහැ නේද 
ඒත් ඒ ඔයා ගේ දේවල් ඔයා කරගන්න ඕන 
මහන්සිය වැඩියි 
වැඩි ඉවරයක් නෑ
විවේකයක් නෑ 
ඇඟට අපහසුයි
 ඉතින් පොඩි දේටත් තරහ යනවා

3.බය නිසා

ඔයා බයෙන් නේද ඉන්නේ
බබාට මොනවා හරි වෙයිද
මට බබා ලැබෙන්න  ගිහින් අමාරු වෙයිද
මට බබාට බලා ගන්න පුළුවන්ද 
තනියම කරගන්න පුළුවන්ද 
ඒවා හිත හිතානේ ඉන්නේ 
ඉතින් බය වෙනවා 
බවත් එක්කම  ආතතිය ඇවිත් තරහ ගස්සනවා නේද

4.  බලාපොරොත්තු
අපි හිතනවා බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා අනිත් අය අපිට උදව් කරන්න ඕන 
හරී අපිට ආදරය  කරන්න ඕන
ඒත් ඉතින් එයාලටත් වැඩ තියෙනවනේ 
ඒ බලාපොරොත්තු බිඳ වැටෙන කොට අපිට තරහ යනවා.

මේ තරහ කොහොමද ඔයාට  බබාට බලපාන්නේ 

තරහ ගියාම මොකද වෙන්නේ 
ඔයාගේ හයිපොතැලමස පිටියුටරියට කියනවා ගහන්න  හරි දුවන්න  හරි ලෑස්ති වෙන්න  කියලා
ඉතින්  පිටියුටරිය මොකක්ද  කරන්නේ කෝටිසෝල් නිපදවනවා  
ACTH නිපදවනවා 
Adrenal ග්‍රන්ථිය  adrenalin හදනවා
මේවා ඔයාගේ රුධිර පීඩනය වැඩි කරනවා 
සීනි වැඩි කරනවා
හෘද ස්පන්දනය වැඩි කරනවා
ඔයාගේ අතපය වලට ලේ ගමනා ගමනය වැඩි කරලා අනෙක්  තැන් වලට ලේ ගමනාගමනය  අඩු කරනවා 

බබාට  මොකද වෙන්නේ 
බබාට  ලේ ගමනාගමනය  අඩුවෙනවා 
බබාට ඔක්සිජන්  හා පෝෂණය  අඩුවෙනවා
බබා  උපත්  බර අඩු දරුවෙක්  වෙන්න පුළුවන් 
නොමේරූ  දරු උපතක්  වෙන්න පුළුවන් 
එයා යම් යම්  අඩුපාඩු  සහිතව ඉපදෙන්න පුළුවන්. 
මල දරු උපතක් වුනත් වෙන්න පුළුවන් 
මොලයේ වර්ධනය  අඩුවෙන්න පුළුවන් 

ඔය ඔක්කොම  නැතුව අංග සම්පූර්ණ බුද්ධිමත්  දරුවෙක්  බිහිවුණා  වුනත් එයා කොයි වෙලෙත් තරහ යන නිතර ආතතියෙන්  පෙලෙන දරුවෙක්  වෙන්න තියෙන අවධානම
 වැඩියි

ඒ වගේම  එයා ට අධික රුධිර පීඩනය, දියවැඩියාව,  හෘද රෝග එන්න තියෙන අවධානමත් වැඩියි. 

ඔයා බබාට ආදරෙයි නේ 
ඉතින් මොකද  කරන්නේ 

වැඩ කරන්න 
වෙලා තියෙන වෙලාවට බබාට කොට්ට උරයක් මහන්න
එයාට ඇඳුම්  මහන්න
එයා ට පේන්න එල්ලන්න පුළුවන්  උපකරණ හදන්න  ඒවායේ ලස්සන බලන්න 
කාමරය හැඩ කරන්න
අළුත්  කෑම අළුත් දේ අත්හදා  බලන්න
පෞද්ගලික  පිරිසිදු  කම ගැන  සැලකිලිමත් වන්න 
අත් කකුල් cream ගාලා massage කරන්න
මූණට  yogurt  ටිකක්  වගේ ස්වාභාවික  pack  එකක් දාන්න
ආස දෙයක් පුළුවන් නම් හදාගෙන කන්න
ආගමික ස්ථාන වලට යන්න
සිල් ගන්න 
භාවනා කරන්න 
බබා වෙනුවෙන්  කාට හරි උදව්වක් කරන්න 
දෙයක් දෙන්න

 චුට්ටිගේ ලෝකය  



Monday, January 28, 2019

 දුව ව දාලා රැකියාවට යන මුල්ම  දවස. 
එයාට මාස දහයක්. 
රජයේ සේවයේ වැටුප් රහිත  නිවාඩු ත් එක්ක මාස 10ක් ඉන්න පුළුවන්  එකත් කොච්චර  ලොකු දෙයක්  ද 
ඒත් ඉතින් යන්න වෙනවනේ 
සෝමලතා දැන්  මාසයක් විතර දුවව බලා ගත්තනේ එයාට දැන් දුවව හුරුයි.
දුවටත්  එයාව හුරුයි.
"හැමදාම  ගෙදර ඉන්න බෑනේ" ඒ සමන් .
අපි යමු නේද
මම චූටි දුවව ඉඹලා සෝමලතා ට දුන්නා. 
office ආවට තාමත් එක හිතකින් වැඩ කරන්න  බෑ.
හැමවෙලේම  දුවව මතක් වෙනවා. 
දවල්ට  කෑවෙත් නෑ.
call ගත්ත හැම වෙලාවෙම  සෝමලතා  බබා හොඳින්  ඉන්නවා  කිව්වත් අනේ මන්දා  හිතට කිසිම සහනයක් නෑ.
හවස් වෙනකොට  කිරි තදවෙලා. 
ගෙදර යනකොට මට පණ නෑ.
යනකොට ම බබා අඬා ගෙනම ඇඟට ආවා.
මොනවා  කරන්නද  wash එකක්  දාන්නෙ ම නැතුව කිරි දුන්නා. 
සෝමලතා  මම ආපු ගමන්  බබාව දීලා ගියා.
සමන් wash දාලා ඇවිත් දුවව ගත්තා .
මමත් wash දාලා ඇවිත් අපි දෙන්නත් එක්ක  බබාව තියාගෙන ගෙදර වැඩකලා.
බබාට කිව්වා. 
එයාව wash  දාලා  නිදිකෙරෙව්වා
ඒත් එයා වෙනදා වගේ  නිදියන්නේ නෑ
නින්ද යා ගෙන  එන කොට බයවෙලා  වගේ ඇහැරෙනවා. 
මම අද ළඟ හිටියේ නැති නිසා වෙන්න ඇති 
සමනුත්  කිව්වේ  එහෙමයි. 
ඒ සතියම ඒ විදිහට ගෙවිලා ගියා. 
සෝමලතා  කියන්නේ  බබා දවල් දවසේ හොදට ඉන්නවා හොඳට කනවා කියලා. 
සමහර වෙලාවට  එහා ගෙදර සන්ධ්‍යා  ඇන්ටි ත් ඇවිල්ලා  බලලා යනවා කියලා.
සති අන්තයේ  ඉතින්  ගෙදරනේ.
දවල් ට කාලා බබාත් එක්ක අපි දෙන්නත් මිදුලට වෙලා හිටියා. 
අද බබා බලා ගන්න  එක්කෙනා ආවේ නැද්ද ඒ සන්ධ්‍යා  ඇන්ටි
නෑ ඇන්ටි  නිවාඩු දවසට එන්නේ නෑ
එහෙමද එතකොට  ඔයාලා ට හැමදාම  වැඩ වගේ නේද 
මොනවා කරන්නද  ඇන්ටි අපිට හම්බවෙන පඩියෙන්  එයාට පඩි ගෙවා ගන්න පුළුවන්  වෙන්නත් එපායැ සති අන්තයේ  ඉන්න කෙනෙක්  ගන්නවනම්  තව ගාණක්  දෙන්න  වෙනවා
ඔව් ඔව් ඒකත් එහෙම තමයි අද කාලේ එක්කෙනෙක්  හම්බ කරලත් බෑනේ 
ඒක  නෙවෙයි  මම ආවේ  මට හැමදාම  බබා හයියෙන් අඬනවා ඇහෙනවා 
මම ඉතින්  මේ පැත්තට පොඩ්ඩක්  ඔළුව දානවා  
දවස් දෙකක්  එයා බබාට හයියෙන්  කෑ ගහනවා ඇහුනා. 
තාම බබාට හරි චූටියිනේ. 
රිද්දනවද දන්නේ නෑ. 
මගේ පපුව පිච්චිලා ගියා.
එක පාරටම මට හෝ ගාලා ඇඩුනා 
නෑ දුව මට ඔයාට නොකියා ඉන්න බෑනේ 
මමත් නිතර නිතර  ඇවිත් බලන්නම්  හෙමිහිට  තව කවුරු හරි කෙනෙක්  හොයන්න 
"සන්ධ්‍යා  ඇන්ටි  ලොකු උදව්වක්  ඔයා  කිව්වේ නැත්නම්  කවුරු කියන්නද මේ පැටියට කියන්න බෑනේ . "
සමන් ඇන්ටි ට එහෙම  කිව්වා. 
ඒ සති අන්තයේ  අවසානයේ මම හිතුවා රැකියාවෙන් අයින් වෙන්න. 
සමන් ටත් වෙන දෙයක්  හිතා ගන්න  බැරිවුණා. 
ඒත් තව මාසයක් ගෙවන්න ඕන නේ .
ඉතුරු නිවාඩු  ටිකත් අතර මැදට ගන්නවා 
සඳුදා  උදේම මම අස්වීමේ ලියුම භාර දුන්නා 
කාගෙන්වත් ඇහුවේ නෑ.
"නිරූපා මිස් අද දවසෙත්  හොදට හිතන්න
අපරාදෙ නේ"
ඒ ප්‍රාදේශීය  ලේකම්  තුමා.
ඔයාලට කියන්න බැරිවුනා මම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ ලිපිකාරිණියක්.
"නෑ සර් තීරණයේ වෙනසක්  නෑ"
මෙන්න  office  එකේ හැමෝම ටික  වෙලාවකින් මගේ මේසය වටේ.
"ඇයි නිරූපා ටික කාලයක්  විතරයි ඇද ගන්න තියෙන්නේ ඊට පස්සේ  බබා day care දාන්න  පුළුවන්  මොන්ටිසෝරි  දාන්න පුළුවන් "
"ඔයා ට ගෙදර ඉදලා එපා වෙයි" 
"ඉස්සරහට තව වියදම්  වැඩියිනේ"
"එක පඩියෙන්  කොහොමද  වැඩ කරගන්නේ
හදිසි වෙන්න එපා"
"දු ලොකු වුනාම  වුනත් එයාට හොදයිනේ.ඔයා රස්සාවක්  කරන එක  "

හැමෝගෙම  වචන බොඳවෙලා මට මගේ චූටි දුව අඬන ශබ්ද ය විතරක් ඇහෙන්න  ගත්තා. 
"මම තීරණය  කරලා ඉවරයි "
මට ආයෙත්  ඇඩුනා

ඔය  කාලේ  මම හරියට කල්පනා කලා අනාගතය ගැන 
ඒ කාලයේ තමයි Facebook  එකේ ලිපියක් දැක්කේ ආහාර බෝතල් කිරීම ගැන 
එයා කියලා තිබුනා විදිහට මමත් අපනයන සංවර්ධන  මණ්ඩලය ට ගියා. 
ඒ දැනුමත් තවත් අන්තර්ජාලය තුලින් ලබාගත් දැනුමත් ආශ්‍රයෙන් කොහොමත් මට උරුම වෙලා තියෙන ඉවීමේ හැකියාවෙන්  හා ආසාවෙන් ප්‍රයෝජනයක්  ගන්න  හිතුනා . 
මම කලේ මුලින්ම  හැදුවා පොලොස් අච්චාරුවක් බෝතල් දෙකක් දිනය ගහලා අරන් තිබ්බා.  තව දෙක තුනක් හිතවත් යාළුවෝ  දෙතුන් දෙන්නෙකුට  ගෙනිහින්  දුන්නා.
ඊළඟ සතියේ සීනි සම්බෝලයක් හැදුවා.
ඒකටත් ඒ දේම කලා.
"නිරූ පොලොස් අච්චාරුව නම් මරු .
අපේ හබී  බෝතලේ නොකාපු ටික විතරයි. 
කට්ටිය ගේ ප්‍රතිචාරත් එක්ක මම දිරිමත් වුනා."

 මාසය අවසානයේ  මම ගෙදර නැවතුනා. 
හැමෝගෙම  විරෝධතා මැද මම ගෙදර නැවතුනා. 
මම මගේ  business  එක පටන් ගත්තම එයාල ගේ කටවල් වැහෙයි
ටික දවසක්  ඔහේ ගෙවිලා ගියා.
කෑම අසුරන වැඩෙත් මග හැරිලා  ගියා. 
ගෙදර නැවතිලා  මාසයක්ම ගියා.

නිරෝෂා call කලා.
එයා මගේ  office  එකේ යාලුවෙක්. 
"මමයි වරුණියි චාමරියි   අද වරුවෙන් ඔයාව බලන්න එන්න හිතුවා  අපි කන්නේ නැතුව එන්නේ 
ඔයා ගේ රස බත් මුලේ  රස බලන්න  වුනේ නෑනේ කාලෙකින්."

මාර වැඩේ මේ හදිසියට මොනවා හදන්නද
කිරට උයන්න නම් එළවළු  තියෙනවා 
මාළු ත් තියෙනවා 
හදිසියේම මට පොලොස් අච්චාරුව යි සීනි සම්බෝලයයි මතකෙට ආවා මේ වෙනකම්  මතක් වුනේම නෑ  නේ.
ඇරලා බැලුවම තාම සුවඳයි. කරපිංචා  එනසාල් කුරුඳු හොඳටම  දැම්මනේ. 
හොඳට තියෙනවා. 
ඉතින්  ලේසියෙන්  කෑම වේල සකස් කරගත්තා.
"ෂා නිරූ ගේ කෑම නම් කියලා වැඩක්  නෑනේ,
ඔයා අන්තිම දවස්වල මේවා හදලා අපිට ගෙනත් දුන්න නේ"
 "ඒ මතක් වෙන්න තියාගන්න නේ
"කොහෙ තියා ගන්නද සතියක් යන්නඉස්සෙල්ල බඩට යනවනේ"

"රස නම් මතක තියාගන්න පුළුවන්" 

"ඒ දවස් වල හදපුවා තමයි ඔය"
"හොඳට තියෙනවනේ අළුත්  වගේ "
"business  එකක්  පටන් ගන්න  හිතුවේ"
" ඒක නම් නියමයි ඔන්න අපි තමයි මුල්ම  customers  ලා මුලින්  ගන්න අයට discount 
ඇත්තටම  උදේ office  යන්න බත් බඳින කොට ලේසියිනේ.  "
"අපි කාලා හරි help කරන්න ම්."
එදා සමන් එනකම් මම හිටියේ ඇඟිලි  ගැන ගැන
"අද නිරෝෂා  ලා ආවානේ.
දවල් කෑමටත් එක්ක  "
"ඔයා කොහොමද  බබා ත් එක්ක කරගත්තේ"
ඇයි හිනා වෙන්නේ බබත් එක්ක කොහොමද  උයා ගත්තේ
ඔයාට මතකද අර පොලොස් අච්චාරුව යි සීනි සම්බෝලයයි 
පුස් අල්ලලා ද දන්නේ නෑ බලන්නත් බැරි වුනා 
නෑ ඒක හොඳටම තියෙනවා 
අද එයාල ට කෑම දෙනකොට  මම ඒවත් දුන්න සුවඳට රසට තිබ්බා. 
එහෙමද රෑට කමු . 
සමන් ..මට ආයෙත් කෑම බෝතල් කරන අදහස් ආවා 
ඔයා ආසනම් මම උදව් කරන්නම් 
හා අපි කරමු


දැන් බබාට අවුරුදු තුනක්   වුනා.
දැන් මට ආයෙත්  බබෙක් ලැබෙන්න ඉන්නේ.
ඔයාලා  කවුරු හරි මම බෝතල් කරපු කෑම කාලා තියෙනවද නෑනේ
කොහෙ කන්නද

ඔන්න ඔය විදිහට  තමයි බබාට අවුරුද්දක්  වත් වෙන්න ඉස්සෙල්ල මම ආහාර බෝතල් කිරීමේ ව්‍යාපාරයක් අරඹන්න සිහින දැක්කේ 
අපේ රටේ කෑම බෝතල් කරලා පිටරට යවන්න සිහින දැක්කේ.
අපරාදේ  කියන්න බෑ .........
අදත් හිටපු ගමන් ඒ සිහිනය සැරෙන් සැරේට පේනවා.
පූර්ණිමා ලක්මාලි 
චුට්ටිගේ ලෝකය













Friday, January 25, 2019

Valentine gift

උදේ Econ class එක .හවස සිංහල class  එක
මම class යන්න bus stand එකට ගියා.
නිෂානි ත් ඇවිත් හිටියා

නිෂානි තමයි මගේ හොඳම යාළුවා.
නිෂානි ටයි මටයි අපි දෙන්නා වගේම  යාළුවෝ දෙන්නෙක්  පෙම්වතුන්  වුන එක තමයි ලොකුම සතුට.
මගේ නිලංග  අයියයි , නිෂානි ගේ රංග අයියායි. ඒ දෙන්නත් හොඳම යාළුවෝ.
හරියට අපි හතර දෙනා  පතාගෙන ඔතාගෙන  ආවා වගේ.

අපි දෙන්නා  class එක ළඟටත් ආවා. නිලංග  හා රංග වෙනදා වගේ  class එක ළඟ නෑ. වෙනදා මේ වෙලාවට  එයාලා මෙතනට ඇවිත්.
ආ මට කියන්න  අමතක වුනා.
එයාලා අපි වගේ Class එන අය නෙවෙයි
business  කරන අය.
අපිව හම්බවෙන්න තමයි class එක ළඟට එන්නේ.
අපි දෙන්නට හරි තරහයි.
බලන් හිටියේ valentine දවසේ තෑගි ත් අරන් බලන්න  එනකම්.
ඊයේ රෑ වෙනකම් cards හැදුවා. gift box හැදුවා.ගෙදරට හොරෙන්  කොච්චර  අමාරුවෙන් ද ඒවා කලේ.
මෙච්චර මේ හැමතැනම පේන valentine එක මේ දෙන්නට පේන්නේ නෑ.
සර් කියන ඒවා ඇහෙන්නෙත්නෑ.
"මධු, රංග massage  එකක් එවලා. interval එකේ class එකෙන් අපි දෙන්නා ට එළියට එන්නලු. "
"දැන් ද මතක් වෙලා තියෙන්නේ "
කොහොම  හරි interval  එකේදි අපි දෙන්නා  class එකෙන් පැන්නා.
ෂා ඒ දෙන්නා එකම විදියට  ඇදලා.
valentine  කුමාරවරු  දෙන්නෙක්  වගේ.
දෙන්න ගෙම අතේ ලොකු පාර්සල්.
අපිට දුන්නේ නම් නෑ.
ඉක්මනට යමු අද special  film එකක් තියෙනවා  valentine  වලට .
film hall එකත් වැඩි දුරක නෙවෙයි .
අපි පයින්ම  එතනට ගියා.
"මොනවද ඔයා මල්ලේ තියෙන්නේ "
"ඒක surprise  එකක්"
"කමක් නෑ කියන්න එපා"
"තරහද"
"ඇයි පරක්කු වුනේ"
film එක පටන් අරන්. අපි ඉක්මනටම balcony  එකට ගියා.
"ඔය දෙන්නට ඇඳුම්  තෝරන්න  ගිහිල්ලා තමයි පරක්කු  වුනේ"
"මොන ඇඳුම් ද"
"මේ අපි දෙන්නා  ඇදලා තියෙන විදියට එකම විදිහට ඔය දෙන්න වත් අන්දන්න  හිතුනා ඇදලා  යමු චුට්ටක්  ඇවිදින්න ."
"කොහෙද අඳින්නේ"
"ඒකට තැනක්  ලෑස්ති  කරලා තියෙන්නේ
මේ ළඟ film එක බලලා යමු"
මට ඉවසිල්ලක්  නෑ මොන film ද
"අපි දැන් යමු අනේ film  එක ඕන නෑ"
හතර දෙනාම  hall  එකෙන්  එළියට  ආවා.
පාරට එනකොට ම ............
"අයියේ...... එපා "
ඒ මගේ එක කුස උපන්  අයියා .
එයා එතන නිලංග  ට ගහන්න යි ලෑස්තිය.
"නෑ මං මූට ගහන්නේ නෑ මෙතනද class එක යමු කෝ ගෙදර, ..... මගේ නංගී ගෙන් ඈත් වෙලා ඉදින්. "

මාව බයික් එකට නග්ග ගත්ත අයියා කෙළින්ම  ගෙදර ආවා.
"අම්මා ඔයා මෙයාව හුරතල් කරනවා
මෙයා අර නිෂානි ත් එක්ක class යනවා කියලා කොල්ලොත් එක්ක රවුම් ගහනවා.
මට වෙලාවට massage  එක ආවා."
එදා අපේ ගෙදර  ලොකු යුද්ධයක් මගේ Phone එකත් තාත්තා  ගත්තා .
මට නිෂානි ටවත් නිලංග  ටවත් පණිවිඩය ක් දෙන්න  විදිහක් නෑ.
පහුවෙනිදා  ඉස්කෝලේ ගියා.
නිෂා ත්  ඇවිත්.
" මධු මොකද වුනේ
මං ඔයා ගේ Phone  එකට ගන්න  හැදුවා ඒක දිගටම  off කරලා ගෙදරට ගන්න බය හිතුනා"
"දැන් මට Phone එකක් නෑ  තාත්තා  ඒක ගත්තා"
"නිලංග ට නම් හොදටම upset ලැජ්ජාව ඔයා අයියා  කතා කරපු ගමන් ගියානේ ."
"එහෙම නැත්නම්  අයියා එයාට ගහනවනේ"
"මටත් කිව්වා ඔයාත් එක්ක වැඩි ආශ්‍රයක්  එපා කියලා"
එතකොට හැමෝටම වැරදි මම ද
"ඉතින් ඔයත් මාත් එක්ක  තරහයි ද "
"මට රංග කියන දේ අහන්න  වෙනවා
දැන් මම එයාගේ  වෙලා ඉවරයි"
"මොකක් "
ඔය විදිහට  නිලංග, නිෂා, රංග මගෙන් ඈත් වුනා.
ඔක්කොටම  මුල අපේ අයියා තමයි.
මට කියන්න  අමතක වුනා නේ
අපේ අයියා ඉන්නේ campus එකේ මේ දවස්වල එයාට vacation.
එයා මේ දවස් වල මගේ body guard  වෙලා.
කොහොම හරි මගේ යාළුවයි ආදරෙයි දෙකම නැති කලා.

නිෂා හරියට වෙනස් වුනා.
කොයි වෙලෙත් දුකෙන් හිටියේ .
පංතියේ ළමයි කතා වුනේ රංග දැන් නිෂා ව අත හැරලා කියලා.
ඔය අතරේ තමයි ආරංචි  වුනේ රංග ටයි නිලංග ටයි අළුත්  girl  friends  ලා ඉන්නව  කියලා
මම නිෂා එක්ක කතා කරන්න හැදුවත් එයා මාත් එක්ක  කතා කරන්න කැමති වුනේ නෑ.
"ඔයා නිසා තමයි ඔක්කොම "
නිෂා ඉස්කෝලේ  එන එකත් අඩුවුනා.

"මධු ඔයාට ආරංචි ද නිෂා ට බබෙක්  හම්බ වෙලා. "
"නෑ කවුද කිව්වේ"
"අපේ නැන්දා,  පෙරේදා  රෑ නිෂා ලෙඩවෙලා මාමා ගේ wheel  එකෙන් hospital  ගෙනිහිල්ලා  තියෙන්නේ.  මඟදි බබා හම්බ වෙලා. බබෙක්  කිව්වට මී පැටියෙක්  size ලූ
පණ තිබිලා නෑ."
චමරි තව මොන මොනවද කියෙව්වා
මට කලන්තේ වගේ මම එහෙම්මම වාඩි වුනා.
"මොකද මධු "
"නෑ කලන්තේ වගේ  "
"ආ මෙයත් පහුගිය දවස්‌වල  අරයත් එක්කනේ හිටියේ "
"විකාර කතා කරන්න  එපා ........
 පුදුම යාලුවෝ තමයි. "
මට අයියා ව මතක් වුනා .
මගේ අයියාව තුරුලු  කරගන්න  හිතුනා
ඒත් එයා මේ දවස්වල  campus එකේනේ.
ඉස්සර අයියා ගෙදරින් යනකම්  බලන් හිටිය මම දැන් අයියා ගෙදර එනකම්  බලන් ඉන්නවා
නිෂා ඊට පස්සේ  කවදාවත් ඉස්කෝලේ   ආවේ නෑ
අයියා  ගෙදර ආපු දවසට පහු වෙනිදා මම අයියත් එක්ක නිෂා ගේ ගෙදරට ගියා .
එයා ලා ගෙදර අත හැරලා ගිහින්.

මේ වෙනකොට  අවුරුදු  ගණනාවක්  ගිහිල්ලා
මම campus එකේ final year
හැම අවුරුද්දකම  Valentine ළං වෙන කොට  මට නිෂා ව මතක් වෙනවා.
 නිෂා ට වුන දේ මට වෙන්න ගිය දේ තව ගැහැණු  ළමයි කී දෙනෙකුට වෙනවා ඇද්ද
ඒ හැමෝම වෙනුවෙන්  මම ඔයාලට මේක කියන්න හිතුවේ
මට කවදාවත්  ආයේ නිෂා  ව හම්බ වුනේ නෑ
දවස් දෙක තුනකට  සැරයක් FB එකේ නිෂානි දනන්සූරිය search කරනවා .
තාමත් මම හිතනවා කොහෙ හරි තැනක නිෂා ව දකියි කියලා .
අනේ එයා සතුටින්  ඉන්නවා දකින්නයි මට ඕනේ.
නිෂා ..................මේක දැක්කොත් ඔයා මට අනිවාර්යයෙන්ම  කතා කරන්න.
පූර්ණිමා  ලක්මාලි
චුට්ටිගේ ලෝකය


 

.

Thursday, January 24, 2019

මගේ මහත්තයා  මාව දාලා ගියා
මම එයා ත් එක්ක  ආවේ පාසල් නිල ඇඳුම පිටින්.
මට යාන්තම්  අවුරුදු 18 වුනා විතරයි
ඉස්සර  ඉදන්ම මට හමුදාවේ නිල ඇඳුම  දැක්කම පුදුම ආසාවක් තියෙන්නේ
ධනුක මට වඩා අවුරදු තුනක් වැඩිමල්.
ධනුකට ද හමුදා නිල ඇඳුම ට ද දන්නේ නෑ මම කැමති වුනේ .
කොහොම  හරි මම කැමති වුනා.
ලොකු සල්ලිකාරයන් නොවුනත් රජයේ කාර්යාල වල වැඩකරපු මගේ දෙමව්පියන් හා කුලී වැඩ කරන  ධනුක ගේ දෙමව්පියන්  අතර තිබුන පරතරය , මම පාසල් යන සිසුවියක් වීම, රටේ යුද්ධය ක් පවතින  වෙලාවක ධනුක යුද්ධය  හා සම්බන්ධ වීම
මේ හේතු අපේ  ගෙදර ඇති කරපු තත්ත්වය  මම ධනුක ත් එක්ක   "හොරෙන් පැනලා යන්න " හේතුවුනා.
අපි හිටියේ ධනුක ගේ මහගෙදර මයි .
මමත් ඒ ජීවිතයට අනුගත වුනා.
යුද්ධය කාලයේ  ධනුක හිටියේ ඒ ප්‍රදේශවල.
තොරතුරක් නොමැතිව දවස් ගණන් ගෙවෙන කාලයන් අතරතුර මම මගේ  පලවෙනි දරුවා බිහි කලා. ඒ දුවක්.
 කාලය වේගයෙන් ගලාගෙන  ගියා
ලොකු දුව ලැබිලා අවුරුදු දෙකක්  යනකොට  යුද්ධයත්  ඉවර වුනා.
යුද්ධයෙන්  ධනුකට කරදරයක්  නොවුන එකට මම දෙවියන් ට අනේක වාරයක්  පින් දුන්නා.
කාලයක්  යනකොට  මගේ දෙමව්පියන්  අපට සමාව නොදුන්නත් අපිත් එක්ක  සම්බන්ධතා ඇති කරගත්තා.
අපි එහෙ යන්න පටන් ගත්තා.
මගේ එකම අයියත් විවාහ වෙලා එයා ගේ නෝනා ගේ ගම් ප්‍රදේශ ය වුන නුවර පලාතට ගියා.
මට දෙවන වරටත් දරුවෙක්  ලැබුනා
එයත් දුවෙක්.
 චූටි දුවට අවුරුදු  දෙකක් වෙනකොට ධනුක හමුදා වෙන් පැනලා ආවා
අපි හැමෝම  විරුද්ධ වුනා. අපි කිව්වේ  මම එයාගේ  දෙමව්පියන්  හා අක්කලා දෙන්නා
ඒ දෙන්නා  විවාහ වෙලා වෙනම හිටියේ.
  ඒත් එයා හමුදාවෙන් පැනලා එන්න තව කෙනෙක්  හේතු  වෙලා තිබුනා.
ඒ අපේ ගෙවල් වලට හැතැප්ම  දෙකක්  එහායින් හිටපු ආමි එකේ එයත් එක්ක වැඩ  කරලා යුද්ධයෙන් නැතිවුනු චන්දන ගේ නෝනා . සක්කර වට්ටම"
පුතෙකු ත් ඉන්නවා
ආරංචියේ හැටියට තව ළමයෙක්  හම්බ වෙන්න  ඇවිල්ලා.
කාගෙද කියලා පැහැදිලියිනේ.
පැනලා ආව දවසෙන් පස්සේ ධනුක  ගෙදර  ආවේ නෑ
ධනුක ගේ අම්මා යි මමයි එහෙ කීප සැරයක්  ගියත් ඒ හැම වෙලාවෙම  එයාලා කවුරුත්  ගෙදර හිටියේ නෑ
call කලාට ගන්නෙත් නෑ.
කොහෙ හරි  ඈත පලාතකට ගිහිල්ලා  කියලා ආරංචිය  .
දවස් ගාණක්  මම ඇඬුවා .
ගෙයින් එළියට බහින්නේ  නැතුව දවස්  ගාණක්  හිටියා.
අපේ අම්මයි තාත්තයි  මාව එක්කන්  යන්න ආවා.
දරු දෙන්නා ට තාත්තා  වගේම අම්මා ත් නැතිවෙලා වගේ ඉන්න  එපා කියලා ඒ දෙන්නා  මට කියලා  දුන්නා.
 ඒ දෙන්නා  ගේ වටිනාකම  ආදරය  කවදාවත් නැති විදියට   මට එදා දැනුනා.
 මට තවදුරටත්  ධනුක ගේ ගෙදර ඉන්න  බැරිවුනා.
මම අපේ ගෙදර  ආවා .
මම ගෙදර ඇවිත් ටික  දවසකින්  තාත්තා  එක තැන් වුනා.
හිතා ගන්න  බෑ කරදර එක පිට  එක එන එක.
මට තිබ්බ  ලොකුම  හයිය නැතිවුනා.
මට ධනුක ව හොයාගන්න පුළුවන් නම් එයාව මරන්න පුළුවන් කියලා හිතුනා.
දරු දෙන්නා ඔත්පල වුන තාත්තා අසරණ වුන අම්මා  වෙනුවෙන්  මම ජීවත්  වෙන්න ඕන.
හිත හදාගන්න  ඕන
අම්මාත් මට ලොකු හයියක්  වුනා.
මම ධනුක ත් එක්ක ගිය දවස්වල අම්මා  රස්සාවෙන්  අයින් වෙලා  හිටියේ .
මමත් ඉතින් හරියට ඉගෙන ගත්තේ නෑනේ.
ඒත් අම්මායි මමයි උදේ තුනට නැගිටලා  ඉඳිආප්ප  ලැවරියා
 පෑන් කේක්   හදලා කඩවලට දැම්මා
අම්මට දරුවෝ බාර දීලා   මම උදේ හයට කඩවලට ඒවා දාලා මම ගියා කළු  ගඟට වැලි ගොඩ දාන්න
දෙක  හමාරට ගෙදර ඇවිල්ලා
තාත්තා ව නාවලා ගෙදර වැඩ කරනවා
ඔය කාලයේ ධනුක ත් සක්කර වට්ටම ත් ආයේ ගමට ඇවිත් කියලා ආරංචි වුනා .
ආරංචිය හැටියට පොදු සමා කාලයක දී එයා ආයෙත් හමුදාවට සම්බන්ධ  වෙලා.
ඒකයි මෙයාලා ගෙදර එක්ක ඇවිත් තියෙන්නේ.

ඒ දෙන්නා ඉන්න තැනට ගිහිල්ලා  මරන්න  තරම් කේන්තියක්  ආවත් මම ඒ කේන්තිය යටපත් කරගත්තා.

මම එයාලා  ගැන හිතන එක නැවැත්තුවා.

දැන් දුව පාසල් යවන්නන්  කාලේ හරි.
ධනුක  ගේ අම්මා ට කිව්වා ධනුක ට දුවව පාසලට ඇතුළත් කරන්න  උදව්  කරන්න  කියලා
එයා ක්‍රියාන්විතයේ හිටිය  නිසා අපිට දුවව ඉස්කෝලේ  දාන්න පහසු  වුනා.
දුවගේ සෙල්ලම්  ගෙවල් දවස් වල ඉස්කෝලේ ට යන්න වුනා.
ඒ දවස්වල  තමයි මම දැන ගත්තේ සන්ධ්‍යා  මිස් ගේ  cakes and bakes පාඨමාලාව  ගැන .
වැලි ගොඩ දාලා  ඇවිත් තාත්තාව නාවලා
හවස 4.30 class එකට මාත් ගියා.
ඒ මාස තුනේ අවසානයේ කරේ තිබ්බ  මාලේ උකස් කරලා oven එකකුයි  අනිත් උපකරණයි ගත්තා .
උදේට අනිත් දේවල් හදන ගමන් මාළු පාන් බනිස් වර්ගත් හදන්න  ගත්තා.
කේක්  එකක් බේක් කරලා  හවසට කෑලි කපලා। decorate කරලා කඩවලට දාන්න  ගත්තා
ගමේ  ඇතුල් පාරවල් වල කඩවලට විතරයි දාන්න පුළුවන්  වුනේ
පාර අයිනේ කඩවල් වලට ටවුමේ ලොකු බේකරි වලින් කෑම දානවනේ.

කඩවල් වලට කිව්වා  උත්සව අවස්ථා සඳහා  කේක්  නිර්මාණ  භාර ගන්නවා  කියලා
සමහර අය  මට උදව්  කලා.
මමත් ඒවා ලස්සනට පිරිසිදුවට ලාභයට කරලා දුන්නා .
අපේ ගෙදර  තිබුනේ පාර අයිනේ
ඔය කාලයේ තමයි රත්නපුර  වේවැල්වත්ත පාර හදන්න  ගත්තේ .
අපේ ඉඩමෙනුත් කොටසක් ගියා.
ඒක මගේ ජීවිතයට ආශිර්වාදය ක් වුනා.
ඒ ලැබුන වන්දියෙන් අපි කඩයක් හදා ගත්තා.
මම දැන් වැලි ගොඩ දාන්න යන්නේ නෑ.
මගේ ම ලස්සන  පොඩි pastry shop එකක් කරනවා.
තාමත් මම සෑහෙන මහන්සි වෙනවා
තව නංගිලා දෙන්නෙකුත් උදව් වට ඉන්නවා.
ඔය අතරේ තමයි ධනුක  ආයෙත් අපේ ජීවිත වලට එන්න පාර හොයන්න  ගත්තේ.
දෙවන දුව පාසලට දාන වැඩ වලට මට ආයෙත් එයා ගෙන් උදව්  ගන්නත් වුනා නේ.
මට දරුවෝ නිසාවත් ධනුක ට සමාව දෙන්න හිත හදා ගන්න  අමාරුයි.
ඒත් දරුවෝ දෙන්නට තාත්තෙක් ඕන නේ කියන එකත් පැත්තකින් තියෙනවා
ඒ මදිවට අරයා ට ධනුක ගෙන් ළමයි දෙන්නෙක්  ඉන්නවා
ධනුක කියන හැටියට සතුටකින්  නෙවෙයි  එයාලා ඉන්නේ
එයා මෙයා ව රවට්ටලා බබෙක් නේ.
ඒ ත් මට ආයෙත් ඒ ප්‍රශ්නත් එක්ක ගැටෙන්න බෑ
දූල ට තාත්තා  ඕනි තමයි
ඒත් ධනුක ආයේ නිර්මලා ගාවට නොයා ඉඳියි ද
නිර්මලා  නිකම්  ඉඳියි ද
ආයෙත් මම රැවටිලා මේ දේවල් ඔක්කොම  නැති කරගන්නවද
මට ආයෙත් දුක් විදින්න පුළුවන් ද

නෑ මම එහෙම  කරන්නේ  නෑ
මට තව කෙනෙක්  එක්ක රණ්ඩු වෙන්න වත් එයාව බෙදා ගන්න වත් ඕන නෑ
දරුවෝ වෙනුවෙන්  ගොඩනගා ගත් දේවල්  බෙදා ගන්න  ඕන නෑ
මම දැන් ශක්තිමත්ව ගැහැණියක්.

 අවසානයේ   මම ද්වේෂ සහගතව අත්හැර යාම මත ධනුකට විරුද්ධව  දික්කසාද  නඩුවක්  ගොනු කලා මට නිර්මලා ත් උදව් කලා.
අමාරුවෙන්  උනත්  මම දික්කසාද ය ගත්තා.
මට මගේ වගකීම  ගැන අවබෝධයක්  තියෙනවා .
මට හිතෙනවා හොදම දේ තමයි මම කලේ කියලා.
ඕන වෙලාවක  ඒ වගකීම  ගන්න මම ලෑස්තියි

මේ පාරේ ශ්‍රී පාදයට  රත්ගම පුංචි  දඹදිවට දෙහෙන ඇල්ල ට අළුපොල ඇල්ල ට හපුගස්තැන්න ට යන අය අතරින් මගේ ලස්සන pastry shop එකට එන්නේ නැතුව  යන්නේ එහෙමත් කෙනෙක්  තමයි.

මගේ හීනය ඔයාලා වෙනුවන්  ජාත්‍යන්තර මට්ටමේ coffee  වර්ග තියෙන coffee  shop  එකක් හදන්න .
මගේ දරුවෝ දෙන්නගේ අනාගතය යහපත් කරන්න .
මගේ දෙමව්පියන් ව හොදින්  බලාගන්න
ගොඩක්  දුරට යන්න  තියෙනවා.
ඔයාලාගේ ආශිර්වාදය  මට දෙනවා නේද?
ඔයාල ත් මේ පාරෙන් යනවා නම් රසට පිරිසිදුවට  තේ කෝප්පයක්  බොන්න මගේ පුංචි  pastry shop එකට එන්න.
පූර්ණිමා  ලක්මාලි
චුට්ටිගේ ලෝකය

Sunday, January 6, 2019

<meta name="google-site-verification" content="3WBzQ6fdv1vb_HCOqdH26tbV8MJ0UYHLIAV-zxhFmCY" />