Monday, June 11, 2018

දරුවන් රැක ගැනීම

💱post එකක් දැක්කා බබාට රුපියලේ  කාසියක් ගිලිලා මොකද කරන්නේ කියලා
දැන් තියෙන  රුපියලේ කාසිය නම් පොඩියි ගොඩක් වෙලාවට හිරවෙන්නේ නෑ
🔕ඒත් හිරවෙන බබාලත් ඉන්නවා 

📚මගේ අත්දැකීම්  කිහිපයක්  බෙදාගන්නම් මේ වගේ අවස්ථාවක කරන දේ කියන්න කලින් 
🎈ටිකක් ලොකු පුතෙක් අවුරුදු 16  ක විතර පෑනක පිටුපස කොටස කටේ තියාගෙන ඉදලා
එක පාරටම  ගිලිලා
එයා හොදට ඉන්නවා
ඒත් ගෙදරට කිව්වම කෝකටත් කියලා රෝහලට එක්ක ඇවිත්
බලන කොට එක පැත්තක පෙනහැල්ලකට වාතය එනවා අඩුයි
පෑනේ කොටස හිරවෙලා තියෙන්නේ ආහාර මාර්ගයේ නෙවෙයි ස්වශන මාර්ගයේ

🎈රෙදි වැල්වල රෙදි රදවන්න ගන්න  කටු ඔයාලා දැකලා ඇති අවුරුදු පහක පමණ දරුවෙක් මේ කටුව ගිලලා
ආහාර මාර්ගය  (oesophagus ) සිදුරු වුනා
මේ දරුවා දැඩි සත්කාර ඒකකයෙත් ඉදලා ආහාර මාර්ගය සදහා ලොකු ශල්‍ය කර්මයක් කරන්නත් වුනා

🎈තව දුවක් අවුරුදු හතක විතර ඒත් පෑනක කොපුවක් සෙල්ලමට ගිලලා
එයාට  ඒ වෙලාවෙම අමාරුවෙලා
ළඟම තියන මූලික රෝහලට ගෙනිහිල්ලා පරක්කු වෙලත් නෑ
යනකොට සිහිය නෑ
එතනින් ඒ දුවව කෘතිම ස්වශනයත් සමග මහ රෝහලට  යවලා
.  එතනදී පෑන් කොපුව අයින් කලා.
ඉස්සර  හොදට හිටපු ඒ දුව දැන් මොලය කොටසක් මැරුන තත්ත්වයට පත්වෙලා
මොකද  පෑන් කොපුව එයාගේ  ස්වශන මාර්ගයටයි ගිහිල්ලා  තියෙන්නේ ඒකෙන් ස්වශන මාර්ගය block  වෙලා 

🎈තව අවුරුදු  දෙකක විතර දරුවෙක් උණ කන්නේ නෑ
බෙල්ල හොලවන්නේ නෑ කෙලත් ගලනවා
x-ray ගත්තම retropharyngeal abscess 
අම්මා දවස් තුන හතරකට පෙර මාළු දීලා මාළු කටුවක්  ඇනිලා බබාට කියන්න  තේරෙන්නේ නැහැ 

🎈තව දරුවෙකුට  මොනවා කලත් කැස්ස අඩුවෙන්නේ නෑ
xray ගත්තම ස්වසන මාර්ගයේ යමක් හිරවෙලා
කවුරුත්  දන්නේ නෑ 
 
✏ගොඩක්ම  ළමයි එන්නේ කාසි ගිලිලා
සමහර වෙලාවට  පොඩි කාසි කක්කත් එක්ක යනවා
සමහර වෙලාවට හිරවෙනවා හිර වුනොත් සිහි නැති කරලා ගන්න ඕන
ඒ නිසා  රෝහලට එක්ක යන්න 

✏ඊලගට මාළු කටු 
රෝහලට එක්ක යන්න 

✏සෙල්ලම් බඩු වල තියන පොඩි බැටරි 
මේවා  ආහාර මාර්ගය තුවාල කරනවා අනිවාර්යයෙන්ම රෝහලට යන්න 

✏ කාන්දම්  දෙකක් හෝ කාන්දමක් සමග ලෝහ දෙයක් ආහාර මාර්ගය තුවාල කරනවා 
රෝහලට යන්න 

✏තියුණු උපකරණ  ආහාර මාර්ගයේ තුවාල සිදු කරනවා। ඉක්මනින්
රෝහලට යන්න 

✏පොඩි පොඩි මොට දේවල් ආහාර මාර්ගයට හානියක් කරන්නේ නැහැ 
ඒ වුනත් චූටි බබෙක් ගිලිනවා දැක්කොත් වෛද්‍ය උපදෙස් ගන්න ස්වශන මාර්ගයේ හිරවෙන්න පුළුවන් 

🎠සමහර වෙලාවට ඔයාලා නොදැනුවත්ව බබාලා යම් යම් දේවල් ගිලිනවා 
🎠බබාලා ගැන  අවධානයෙන් ඉන්න 
🎠බබාලට ඒ වගේ පොඩි දේවල් අහුනොවෙන්න තියන්න 
🎠පොඩි පොඩි කෑලි ගැලවෙන සෙල්ලම් බඩු දෙන්න එපා
🎠පොඩි බැටරි තියෙන සෙල්ලම් බඩු දෙන්න එපා
🏩🏩බබාලා ගේ ආරක්ෂාව දෙමව්පියන් ගේ වගකීමක්