Saturday, December 29, 2018

මගේ පවුල මගේ ජීවයයි
සත්‍ය කතාවකි

නිමාලි එදා සිසිර සමග  ඒ ගමන යාමට බසයට නැගුනේ කරන්න කිසිම දෙයක්   නැති නිසා.
ලොකු පුතාටත් තාම අවුරුද්දයි.
සිසිරටත් දැන් ස්ථිර රස්සාවක්  නෑ
හැමදාම  කුලී වැඩක් හම්බ වෙන්නෙත් නෑ
මේක නිසා මොන්ටිසෝරියේ රස්සාවටත් යන්න බැරිවුනොත් ලොකු පුතාට කොහොමද  සලකන්නේ. 
  
"මොනවා කරන්නද මගේ බඩට ආවාට මට ඔයාව භාරගන්න  බෑ.
ඔයාව අද මම මරලා දාන්නයි හදන්නේ "
නිමාලි බඩ දිහා බලාගෙන හිතින් මිමිණුවා.
 
නිමාලි  උසස් පෙල විභාගය ට මාසයක් තියෙද්දී සිසිර එක්ක ආවේ ගෙදර ඉන්නම බැරි වුන නිසා.
නිමාලි ට සිසිර ව ඕන නම් ලෙඩකට මරණයකට වත් ගෙදරට වැද්දගන්නේ නෑ කියූ 
තාත්තා  තාමත් වෙනස් වුනේ නෑ.
ඉදලා හිටලා හම්බ වුනත් අම්මාත් තාම මූණ බලලා  කතා කරන්නේ නැහැ . 
තියෙන එකම ශක්තිය සිසිරගේ  නොවෙනස්  වූ ආදරයම විතරයි.

"නිමාලි ,  බස් එකෙන් බහිමු.
මෙතන තමයි  රන්ජන් කියපු තැන"
නිමාලි  පියවි ලෝකයට ආවේ සිසිරගේ හඬින්. 

නිමාලි යි සිසිර යි බස් එකෙන් බැස්සා.
නිමාලිට පොඩ්ඩක් වමනයට එන්න  වගේ. 
නිමාලි පාර අයිනේ  පදුර ගාවට ගියේ වමනය දාන්න
"සිසිර ඉක්මනට එන්න"
"මේ බලන්න මේ බැල්ලී කොච්චර ආදරෙන් ද පැටවුන්ට කිරි දෙන්නේ අනේ සිසිර අපි අපේ පැටියා මරන්නේ ඇයි
ඇයි සිසිර අපි එහෙම කරන්නේ "

"නිමාලි  අපිට මේ වෙලාවේ බබෙක් හදන්න බෑ .  අපි යමු" සිසිරගේ උත්තරය වුනේ ඒකයි,
" නෑ මම මේ බබා නැතිකරන්නේ නෑ. .කොහොම හරි හදනවා.
කොහොම  හරි හදනවා
කොහොම හරි හදනවා. "නිමාලි  එක හඬින් කියා සිටියා.
" කමක් නෑ නිමාලි
මමත් පවක් කරන මිනිහෙක්  නෙවෙයි .
ඔයා විදින දුක බලන් ඉන්න  බැරුව  තමයි මෙහෙම  කරන්න හිතුවේ. ආයේ මම ඔයාට බලකරන්නේ නෑ. කොහොම හරි අපි මේ බබාත් හදාගමු "  ආපස්සට  ගෙදර ආපු නිමාලි ලොකු පුතා චමත් බදාගෙන  පැය ගාණක් ඇඩුවා. 

හිතට පුළුවන් තරම් දිරිය ගන්නවා.
එදා ඉදන් නිමාලි ත් සිසිරත් නිකම් හිටපු වෙලාවක් නැති තරම් . 
පොඩියට තිබ්බ ගෙදර වත්තේ පලා වැව්වා.
ඉඳි ආප්ප තම්බලා කඩවල් වලට දැම්මා


කොච්චර මහන්සි වුනත් හම්බකරන හැම සතයක්ම වියදම් වුනා. 
චූටි සහන් ගෙදරට ආවා.
නිමාලි ට දැන් ඉස්සර  වගේ සිසිරට උදව් කරන්න අමාරුයි. චමත් සහන් දෙන්නම ටික ටික ලොකු වුනා.
සහන්ට අවුරුදු දෙක වෙන කොට මොන්ටිසෝරියේ  ලොකු මිස් නිමාලිට දරුවෝ දෙන්නත් එක්ක  මොන්ටිසෝරියේ ඇවිල්ලා වැඩ කරන්න  අවසර දුන්නා.
මේ වෙලාවේ  හැටියට  නිමාලිට ඒක ලොකු සහනයක්. 

ඔය විදිහට  කාලය  ගෙවිලා ගියා.
චමත්, සහන් දෙන්නා දැන් ගමේ පාසලට යනවා.

කාලය විදුලියක් වගේ.
සිසිරට නිමාලිට හිතන්න  කාලයක්  නෑ
ළමයි ඉස්කෝලේ යනවා
පංති යන්න  සල්ලි ඉල්ලනවා.
දෙන්න සල්ලි නෑ.
වෙලාවකට නිමාලිට එයත් එක්කම තරහ යන වෙලාව ල් ආවා 
එදා ඒ දේ කරගත්තනම් අද චමත් හරි සැපට ඉන්නවනේ කියලා නොහිතුනාම ත්।  නෙවෙයි.
ඒත් සිසිරගේ ආදරයයි
පුතාලා දෙන්නාගේ දඟකාර  කම් එක්ක  නිමාලිට ජීවිතයේ සතුට මේක නේද කියලත් හිතුනා
එදා ආපසු හැරිලා ආපු එක ගැන සතුටක් හිතුනා.


කාලය ඔය විදිහටම ගලාගෙන ගියා.

"සහන් ලංකාවේ පළවෙනියා නෙවෙයි
මේ දිස්‌ත්‍රික්‌කයේ  පළවෙනියා නෙවෙයි 
ඒත් සහන් ශිෂ්‍යත්ව  විභාගයෙන් ළකුණු  185 ක් අරගෙන  අපේ පාසලේ පළවෙනියා වෙලා තියෙනවා.
මේ දරුවා නගරයේ පංතිවලට ගියේ නෑ.
එහෙම නැතුව දුෂ්කරතා මැද මේ ලබාගත් ජයග්‍රහණය  ලංකාවේ පළවෙනියා වුනාටත්
 වඩා අපිට වටිනවා.
අම්මා  , තාත්තා  ආඩම්බර  වෙන්න ඕන මේ වගේ දරුවෙක්ට මවක පියෙකු වුණාට ".

 විදුහල්පතිතුමා ගේ හඬත් සමඟ නිමාලි ට එදා අවුරුදු 10  කට උඩදී ගිය ගමන 
පැටවුන්ට  කිරි දුන්න බැල්ලිය නිමේෂයකින්  පෙනී නොපෙනී ගියාය.

පූර්ණිමා ලක්මාලි 
චුට්ටිගේ ලෝකය




 
 



 

No comments:

Post a Comment