Sunday, December 23, 2018

"පියුමි,  පියුමි ඉක්මනින් නැගිටින්න. "

"මොකක්ද ,අම්මේ නිදාගත්තා  විතරයිනේ "

"නිදාගත්තා  විතරයි !  අනිත් ඔක්කොම  නැගිටලා මනමාලි තාම නිදි. " 

අප්පට සිරි ,
මම අද මනමාලි නේ , දඩ බඩ ගාලා නැගිටගත්ත මම wash room  ගියා. 
wash room ගිහිල්ලා   ඇවිල්ලා  deodorant  නුත් ගාලා ටක් ගාලා ඇඳුමක්  ඇන්දා .

"නිෂා, කොහොමද  පියුමි ගේ speed එක". එහෙම  කිව්වේ  සංජු.
"අනිත් ඒවටත් මෙහෙම। speed වෙයිද දන්නේ නැහැ" ඒ නිෂා .
" පව් , sure එකටම රහල්  අයියා නම් බය වෙනවා."
ආයෙත් සංජු.
"කට වහගන්නවා.   අම්මට තාත්තා ට අනිත් නෑයන්ට ඇහෙයි  .    මගේ කාඩ් කුඩු කරන්නද හදන්නේ "
ඒ වචන වලින් නොවුනත් ඒ දෙන්නට මම එහෙම කිව්වා.
කියපු වචන ඔයාලට ලියන්න  බෑනේ.

නිෂා  හා සංජු මගේ bridesmaids ලා මගේ බැචීලා.
කොහොම කොහොම හරි  අපි තුන්දෙනා වෑන් එකේ salon එකට වෙලාවට ආවා.
flower girls ලා ඊළඟ trip එකට එයාලා තාම ඇහැරිලත් නෑ.
 
අපිව ඇදලා ගත්ත salon එකේ අක්කලා  නංගිලා ටික අපිව පුටු තුනක වාඩි කෙරෙව්වා. 
කට්ටිය  දැන් අපිව අන්දන්න යි ලෑස්ති ය.
නෑ නෑ  මේ අපිව මනමාලියෝ කරන්න. 
ඔන්න ඉතින්  මගේ  hair style එක දැම්මා .
දැන් මගේ මූණ අදිනවා හරියට චිත්‍රයක් පාටකරනවා වගේ .
හරිම සංයමයකින්   එයා ඒ දේ කරන්නේ
කණ්ණාඩිය බලපු මට මාව අදුර ගන්න බෑ. මෙච්චර ලස්සනද මම.
 රහල් මාව අදුරගනියිද දන්නේ  නෑ. 
කොහොමත් සතුටුවෙයි.  
 ඔන්න  මාව ඇන්දුවා. 
අනිත් දෙන්නත් අන්දලා.
බටිච්චියෝ ටිකත් ඇවිල්ලා. 
දැන් photo shoot එකට අපි කට්ටියම ආවා.
රහල් ලත් ඇවිල්ලා .

"ආ මේ කවුද, කෝ මගේ girlfriend.?"  රහල් එහෙම කියාගෙන මා ගාවට ආවා.
රහල් ගේ හිනාව හරි අමුතුයි .
රහල්ගේ රදනක දත් දෙක ලොකුවෙලා...... යක් දත් දෙකක් .අනේ දෙවියනේ !
"මොකද  මේ හොල්මනක් දැකලා වගේ."
යකා  අහනවා ඒ අස්සේ.
"කෝ කෝ දෙන්නා දෙන්නා දිහා බලලා හිනාවෙන්න" ඒ cameraman 
අර දත් ,ආයෙත් යකා මාව කන්න වගේ.
"මිස් මොකක්ද  ලස්සන හිනාවක් දාන්නකෝ" ඒ අස්සේ cameraman කෑ ගහනවා
එයාට පේන්නේ නැද්ද  දන්නේ නෑ මේ යකාව.
ආ දැන්  හරි රහල් ආයේ ඉන්නවා .
"රහල් ඔයාට යකෙක් වැහිලා හිටියා ".එහෙම කිව්වේ මම.
"මොකක් , පිස්සු හැදීගෙන එනවද ?"  කියලා හිනාවුන රහල් 
"යකා තාම පෙන්නුවේ නෑ"  මගේ කනට කෙඳිරුවා.  

  යන්තම් ඇති photo shoot එක ඉවරයි. අපි hall එකට ගියා . 
 අම්මලත් ඇවිල්ලා . 
එයාලා  රහල් ලගේ කට්ටිය පිලිගන්නවා.
දැන් පෝරුවේ චාරිත්‍ර පටන් ගන්න හදන්නේ. 
අපි දෙන්නවම පෝරුවට නැග්ගුවා. 
රහල් ගේ හිනාව ආයේ අර දත් දෙක,
මට දාඩිය දාගෙන  එනවා. 
මම අපේ අම්මා දිහා බැලුවා.
එයාගේ  ඇස් වල කදුළු . 
නරි බෑනා කතාවේ වගේ එයා මාව යකෙකු ට දෙන්න පොරොන්දු වෙලාද දන්නේ නෑ.
 යකා රහල් ව හංගලාද දන්නේ නෑ .
මම රහල්ගේ  අම්මා  දිහා බැලුවා.
එයා හිනාවෙනවා අර දත් ලොකු වෙනවා.
රහල් ගේ තාත්තා  එයාගෙත් දත් ලොකුවෙලා .
ඒ පැත්තේ හැමෝගෙම  දත් ලොකුවෙලා .......

එයාලා  මාව කන්න  වගේ බලන් ඉන්නවා. හිනාවෙනවා . 
"නවත්වන්න , නවත්තන්න   ,ඕක නවත්වන්න,,  කෝ මගේ රහල් !
කොහෙද, එයා ව හැංගුවේ. "කෑ ගහගෙන 
මම පෝරුවෙන් බිමට බැස්සා නෙවෙයි, පැන්නා.
කට්ටිය  මාව අල්ලගෙන  පෝරුවට ආයේ  නග්ගන්නයි හදන්නේ. 
"චූටි  දුව මොකක්ද මේ කරන්නේ 
හොද දුව වගේ ඉන්නකෝ."
 ඒ අම්මා 
"ඇයි අම්මේ ඔයා යකෙකු ට මාව  බන්දලා
 දෙන්න  පොරොන්දු  වුනේ.
කොහෙද රහල් ව හැංගුවේ "
මම මහ හයියෙන්  අඬන්න ගත්තා. 
"අනේ චූටි දුව ඉක්මන් කරන්නකෝ" ආයෙත් අම්මා
ඔන්න යක්කු  ටිකත් මේ පැත්තට  එනවා. 
දැන්මම  මාව කන්නද දන්නේ නෑ .

මම මහ හයියෙන්  කෑ ගහනවා .

"වෙන කරන්න දෙයක් නෑ ඉක්මනින්  hospital  ගෙනියමු .
බලන් ඉන්න බෑ.නම්බුව සල්ලි ඔක්කොම වතුරේ."
කවුද කියනවා ඇහුනා. 
කට්ටියම  මාව උස්සගෙන  van එකකට දාලා hospital  එකට එක්ක ආවා. 
Doctor  ගාවට එක්ක  ආවා.
  "මොකද වුනේ. "  doctor අහන්න පටන් ගත්තා.
"යකෙකු ට මාව බන්දලා  දෙන්න  හැදුවා."
"ආ එහෙමද, ඒ වගේ  දේවල් වෙනවා තමයි
මම ඔයාව වාට්ටුවට ඇතුලත් කරන්නම් 
එතකොට  බේරිලා ඉන්න පුළුවන් නේ"
මම  වාට්ටුවට යන්න  කැමති  වුනා
"doctor ඉන්නවනේ මම බය නෑ"
මාව වාට්ටුවට ඇතුල් කලා.

"මනලෝලි මනමාලියේ "
වාට්ටුවේ  කට්ටිය  කෑ ගහනවා .
nurse  කෙනෙක් මාව admit කරලා  call එකක් ගත්තා  .
"wedding  එක වෙලාවේ aggressive  වෙලා දැන්  නම් හොදට ඉන්නවා ,
නෑ නෑ past history  නෑ .හොදට හිටපු කෙනෙක් "
doctor  ට වෙන්නැති  කියන්නේ .
හැමෝම  මං දිහා බලන් ඉන්නවා .
ඒ අතරේ දෙන්නෙක්  මා ගාවට එනවා.
"ඇයි නංගී" එක්කෙනෙක්  ඇහුවා .
"යකෙක්  මාව බදින්න  හැදුවනේ "
"ඔයා wedding  එක දවසෙම  අදුනගෙනනේ lucky girl අපිට නම්  කාලයක්  ගියා අඳුනගන්න"
 
"ෂා මෙයාගේ  ලස්සන  "


" මේකප්  එක අතරේ නින්ද ගියාද  ඒකත් හොදයි රෑට නිදාගන්න වෙන්නේ නෑනේ "  නිෂා ගේ හැකර කට කොහෙත් එකයි.
මෙයාව  යකෙකු ට බන්දලා දෙන්න හිතෙනවා.

Thanks God හීනයක්ද ඒ .

මාව අන්දලා ඉවර වුනා. 
flower girls  ලත් ඇවිත්. 
ඔක්කොම  photo shoot එකට ගියා
"අම්මෝ මම බය වුනා මෝහිනි කියලා "එහෙම කිව්වේ රහල් 
"මෝහිනි  එනකම් බලන් හිටියද දන්නේ නෑ". මම කිව්වේ නෑ, හිතුවා. 
රහල්ගේ  හිනාව .......අර දත් දෙක ............ ඒ ඒ  දත් දෙක නෑ........
"කෝ දත් " ඒ මම 
"ඔයාගේද " එහෙම ඇහුවේ රහල්. 
"මට ලොකු දත් තියෙනවයි ඔයාටනේ තියෙන්නේ " හිතුවත් මම කිව්වේ නෑ.
 "නෑ ඔයාගේ." ............

රෑට පෙන්නන්නම් කෝ. ...දත්.......!
පූර්ණිමා ලක්මාලි
චුට්ටිගේ ලෝකය  








  
 
 

  


 

No comments:

Post a Comment