Saturday, December 29, 2018

"මොනවද අද කරන්නේ"
"කෝ phone එක බලමුකෝ 
u tube"
ආ..මේ තියෙන්නේ 
මේක නම් මරු
අද මං මේක හදනවා 
save කරගන්න  ඕන. 
ආයේ බලමුකෝ.
list එකක් හදාගන්න  ඕන
app එක හරහා three wheeler
එකක් ගත්තා .
ගියා super market  එකට.
ඔක්කොම  ජාති ගත්තා
ආයේ බලමුකෝ video  එක 
ආ ඔක්කොම හරි.
 හබීට අද දෙන්නම් කෝ surprise  එකක් 
ඔන්න ඉතින්  හදන්න  ගත්තා.
දැන් නම් ready . 
photos  ගන්න ඕන
මෙතන හරි නෑ.
කෝ අර අළුත්  plate එක 
ආ මේ තියෙන්නේ 
කොහේ තියලද photos ගන්නේ 
ආ අර අලුත් bed sheet  එක 
ඒක හොදයි 
මේ පැත්තෙන් 
මේ පැත්තෙන් උඩින්
emergency  lamp එක පොඩ්ඩක් අල්ලලා.
ආ නියමයි .
නියමෙට තියනවා.
දාන්න  ඕන photos  ටික fb
searching l kitchen  , b kitchen , c kitchen 
ඔක්කොම  groups වලට 
🍴surprise dinner for hubby 🍴
 likes comments හෝ ගාලා
looks yummy ......

wash එකක් දාගන්න ඕන 
හබී එන කොට fresh පිට ඉන්න ඕන
හබී ආවාද කොහෙද
"මං ඔයාට call  කලා
phone  off කරලා 
මරු සුවඳක් නේ"
"ආ මම  video  එකක් save කරගෙන කෑමක් හැදුවනේ disturb  වෙන නිසා flight mode දාලා තිබ්බා "
"අයියෝ මම කොත්තුවක් ගෙනාවා 
ඒක අහන්න  call කලේ
කමක් නෑ අපි කමු අලුත් කෑම
wash එකක්  දාගෙන  එන්නම් "
ඔන්න අපි දෙන්නා  කන්න  ලෑස්ති වුනා
හබී ගේ මූණ   අවුල්
"ඇයි රස නැද්ද "
"කාලාම බලන්න කෝ"
"අයියෝ මේකට ලුණු නෑ
ටිකක්  තිත්තයි ත් වගේ 
අනේ sorry darling" 

"කමක් නෑ අපි කොත්තු ව කමු"

"එහෙම වත් කරමු."

කොත්තුව ඒක නම් මාර රසයි

ආ අරකේ photo එකක්  fb wall   එකට දාන්න ඕන හබී වත් tag කරලා
🍸eating  dinner 
m.....ම්.....delicious. . . . . . 🍷

 

 


No comments:

Post a Comment