Wednesday, January 2, 2019

"කවුද ඔයා ඇයි ආවේ"
මම අපේ කාමරයට යන කොටම  නිහාල් අහන්න ගත්තා .
මම කතා නොකරම  ඇඳෙන් වාඩිවුනා. 
"කවුද ඔයා ඇයි මගේ ඇඳ උඩ වාඩිවුනේ". 
"මම තමයි  ඔයාව බලාගන්නේ
ඔයාට උදව් කරන්නේ
අපි යමුද  wash එකක් දාගන්න "
"එහෙමද, මට මතක් වෙන්නේ  නෑනේ.
ඒත් ඔයා කියන දේ ඇත්ත කියලා හිතෙනවා."

මම  නිහාල් ව wash දාන්න එක්ක ගියා
එයාට හොදට ඇවිදින්න පුළුවන් 
 මම wash room එකට එක්ක ගිහින්  එයාට shampoo සබන් පෙන්වලා shower එක commode එක පෙන්නුවා 
කරන්න  ඕන දේ කියලා දුන්නා 
එයා ඒ කටයුතු කරගෙන  එනකම්  මම දොර ගාව හිටියා
එයාව කාමරයට එක්ක ගිහින්  අපි දෙන්නටම කෑම බෙදාගෙන ආවා 

එයාට කන විදිහ කියා දෙන ගමන් මමත් කන්න  ගත්තා

එයා ආසයි මාළු  ඇඹුල් තියල් ,  පොල් සම්බෝල , අල කිරිහොඳිත් එක්ක ඉඳි ආප්ප  කන්න 🍲
මමත් ආසයි අපි දෙන්නම කාලා අත හේදුවා.
මම laptop  එකයි albums  නුයි  අරගෙන  එයා ගාවට ගියා.
"ඔය මොනවද"
"මේ albums මේ albums වල photos බලමු ද
මේ බලන්න "📷
"මේ කවුද
මේ ඔයයි මමයි  මේ අපේ wedding  album  එක"
"ඒ කියන්නේ අපි බැඳලද"
"ඔව් ඔයා මගේ husband  අවුරුදු 40 ක්"
මම එයාට අපි යාළුවුන කාලයේ විස්තර   wedding  එක ගැන එදා වුන  දේවල් 
කිව්වා
ඊට පස්සේ  දූලා දෙන්නගෙයි පුතාගෙයි පොඩි කාලේ  photos  පෙන්නන්න  ගත්තා ඒවා save කරලා තිබ්බේ Dropbox  එකේ
මම එයාට එයාලගේ පොඩි කාලේ  පාසල් යන කාලේ කියන්න  ගත්තා

උදේ චූටි දුවයි එයාගේ  husband ඒ කියන්නේ  අපේ පොඩි බෑනයි  උදෙන්ම   නැගිටලා උයනවා.
මාත් නැගිටලා එයාලට උදව් කරනවා මම උදේට වෙනම දෙයකුත් හදනවා 
එයාලා ගියාට පස්සේ  තමයි නිහාල්  ඇහැරෙන්නේ
එතකොට මම ආයෙත් කාමරයට එනවා 
නිහාල්ට උදව් කරන්න. 
ඊළඟට  දවසම එයාත් එක්ක තමයි. 

 
"ඇයි  මට මොකුත් මතක් වෙන්නේ නැත්තේ"
"ඒ කාලෙත් ඔයාට අමතක වෙන ලෙඩේ නම් හොඳට තිබ්බා"
හිටපු ගමන් හිතේ කහට පිටකරනවා. 
 අපි බබාලත් එක්ක ගිය trips  වල photos  බලන කොට එයාගේ  ඇස් දිළිසෙන්න ගත්තා.
අපි දෙන්නා  බබාලව දාලා වෙනම ගිය trips වල photos  බලන්න  ගත්තා. 
"දේවි, මේ අපි දෙන්නා නේද ?"
එයාට මගේ නම මතක් වුනා.
එයාට  මාව මතක් වුනා.😙

"අනේ ඔයා කොච්චර වයසට ගිහිල්ලද?" එයා මං දිහා බලාගෙන  දුකෙන් කියන්න  ගත්තා.
මට දැන් මාව බලන්න  ඕන
මං එයාව කණ්ණාඩි මේසය ළඟට එක්ක ගියා.
එයා මාවත් එයා ළඟට අරගෙන   මගේ කර උඩින් එයාගේ  අත දාලා තුරුල් කරගත්තා.
"අපි දෙන්නා දැන් නාකි ජෝඩුවක්". 💕💕💕
ආයෙත් අපි laptop  එක බලන්න  ගත්තා.
සැරෙන් සැරේ අපි හදපු ආහාර වල photos 
"ඔයා හරි රසට කෑම හදනවා
මට මතකයි ඔයා හරිම ආසාවෙන්  ඒ දේවල් කලේ. "
අපි දෙන්නත් එක්කම ලෑස්ති  වුනා දවල් කෑම ට
එයා මට කෑම බෙදුවා ඉස්සර වගේම.
මම වලන් පිඟන් හෝදලා අස්කලා. 
එයා මට බත් කටක් කැව්වා
මාත් එයාට කැව්වා.
"හරිම රසයි"
අපි දෙන්නටම දැන් දවල්ට  නින්ද යන්නේ නෑ
අනිත් එක මට බයයි නිදාගෙන  නැගිටින කොට නිහාල් ට ආයේ අමතක වෙයි  කියලා හැම දෙයක්ම 
ඒ නිසා  මම නිදියන්න දෙන්නෙත් නෑ.
නිහාල් දැන් අවුරුදු තුනක ඉදන් dementia  ඒ කියන්නේ  අමතක වීමේ රෝගයක්
 එක්ක තමයි ඉන්නේ .
කාලා ඉවර වෙලා අපි දෙන්නා ත් එක්කම මිදුලට ගියා.
අපේ එළවළු වගාවට පැයක් දෙකක් අපි සාත්තු කලා 
ඒ කාලයේ නිහාල්ගේ විනෝදාංශය වුනේ එළවළු වගාව. දැනුත් අපි දෙන්නගේ  විනෝදාංශය  වගේම ව්‍යායාම යත් ඒකමයි.   දැනුත් මෙතනට ආපුවාම පුදුම  සතුටක් එයාට තියෙන්නේ . 
හෙට උදේට ඕන එළවළු, පලා, පලතුරු  කඩාගෙන  අපි ගෙට ආවා.
තේ එකක් බීලා අපි රෑට කෑම හදන්න ගත්තා
ඊට පස්සේ අපි දෙන්නා wash දාලා මල් කඩලා බුදු ගෙයි පහන තියලා වැන්දා 
අපි දෙන්නත් එක්ක බණ භාවනා කලා.
මං ආයේ photos  පෙන්නන්න  ගත්තා
"මේ අපේ චූටි දුව මේ එයාගේ husband චූටි දුව දැන් pregnant දැන් ලොකු බඩක් තියෙනවා. "
"අපිට ටික දවසකින් එයාගේ බබත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් නේද"
නිහාල්නුත් දැන් පොඩි බබෙක් වගේ වෙලාවකට. 
මම හැමදාම  දුවලා ගෙදර එන්න ඉස්සෙල්ලා එයාලගේ  photos  පෙන්නනවා 
අනිත් දුවයි පුතයි එයාලගේ පවුල් වල අයයි එන්න ඉන්නවනම්  ඒත් එහෙමයි 
නැත්නම් එයාට අඳුනගන්න බෑ.
මම එයාට මතක් කරලා දෙනවා.
එයාට depression එන්න දෙන්න බෑනේ.
චූටි දූලා ආවා.
ආපු ගමන් අපේ කාමරයට එනවා.
නිහාල් " දිලූ අද කොහොමද " කියලා අහපුවම "අනේ තාත්තා මම දිලූ නෙවෙයි ඒ අක්කා නේ"
"ඔන්න කට "ප"යන්න කරගත්තා" 
ඒ නිහාල් .
එයාලත් wash දාලා කට්ටියම කෑවා.
අපේ චූටි දුව කොහොම ත් තොරතෝංචියක් නැතුව කියවනවනේ.
කාලා එයාලත් එක්ක  කතා කර කර ඉන්නවා 
ඔය අතරට අනිත් අයත් කතා කරනවා.
එයත් හරි සතුටින් කතා කරනවා
හැම දවසක්ම මේ වගේ
කතා කරලා ඉවර වෙලා අපි දෙන්නා කාමරයට ආවා
I love you  දේවි 💖
ඒත් හෙට උදේට එයාට මාව මතක නෑ..............
පූර්ණිමා ලක්මාලි
චුට්ටිගේ ලෝකය 

 

. . 














No comments:

Post a Comment