Sunday, December 23, 2018


😄නිම්මි ගේ සිත පිරිලා
සිත සැහැල්ලු  වෙලා.
වසර තුනක්  ගොඩනැගුණු  ආදරයේ අග්‍ර ඵලය ෂෙහාන් අද ඇගේම වෙලා.

නිම්මි ගේ පියා විදුහල්පතිවරයෙක්. 
මව ලිපිකාරිණියක්.
පෞද්ගලික  ආයතනයක විධායක  නිලධාරිනියක් වූ වැඩිමහල් සොහොයුරිය
විවාහ වී අගනුවර ආසන්නයේ පදිංචි වෙලා
නිම්මි  යි අම්මයි තාත්තයි  විතරයි  ගෙදර හිටියේ.

නිම්මි ට  විශ්ව විද්‍යාල  යට යාම සඳහා  සුදුසුකම්  තිබුනත් උසස්  පෙල  සමත් වීමත් සමග  පෞද්ගලික බැංකුව ක ලැබුණු  රැකියාව  අත හරින්න බෑ කියන හැඟීමකුයි එයාට තිබුනේ.

😘ෂෙහාන් ව නිම්මි ට මුණ ගැහෙන්නේ ඇය රැකියාව ට ගිය මුල්ම දිනයේදී මයි
කාලයත් සමග ෂෙහාන් හා නිම්මි පෙම්වතුන් බවට පත්වෙනවා. 

☺නිම්මි ගේ තාත්තා විදුහල්පතිවරයෙක් නේ
නිම්මි හා අක්කා දෙදෙනාම  තාත්තා නිසාම බොහොම  ස්වයං පාලනයක්  සහිතව යුවතියන්  දෙදෙනෙක්. 
නිම්මිගෙත්  ෂෙහාන්ගෙත් ආදරය සිප වැළදගැනීමකට වඩා දුර නො ගියන්න නිම්මි  ප්‍රවේශම්  වුනා. 

 💑තරහ වීම් යාළු වීම් අතර ගෙවුන මේ දෙදෙනා ගේ ආදරයට වසර තුනකුත් ගෙවුනා. 
 ෂෙහාන් හා නිම්මි  අද නීතිය හමුවේ ඔවුනොවුන්ගේ බවට පත්වුනා.
 විවාහ  උත්සවය ට තව මාස තුනක්  තියෙනවා. 

දැන් නිම්මි , ෂෙහාන් හා ගෙවල් දෙකේ දෙමාපියන් බරටම වැඩ .

නිම්මි, ෂෙහාන් දෙදෙනා ගේ සිරුරුවල ආකර්ෂණය දෙදෙනා ට වඩ වඩා  දැනෙන්නට වුනා. තවදුරටත් හැඟීම් වලට තහංචි දමන්න බැරිවුණා. 💏
 නීතියෙන්  එක්වූ දෙදෙනා  සිරුරු වලින් එක්වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.
ෂෙහාන් කියලා දුන්න අමුතු  දේවල් වලට වසඟ වුනු නිම්මි ට දෙලොව රත්වුනේ මාස් ශුද්ධිය  සතියක්ම පරක්කු  වුනාමයි.

"අනේ ෂෙහාන් මට හරි බයයි මේ පාර තාම මෙන්සස් වුනේ නෑනේ "
නිම්මි ෂෙහාන් ට කිව්වම ෂෙහාන් ගේ පිලිතුර වුනේ 
"මොන මඟුලක්ද ලබන මාසේ wedding  එක ගන්නවනේ"
යන්නයි.
ගෙදරට හොරෙන් urine hcg බලපු නිම්මි  ඒක positive  වෙලා තියෙනවා දැක්ක ගමන් ආයෙත් ෂෙහාන් ට කතාකලා
ෂෙහාන්  ගේ සැනසිලි වදන් හමුවේ නිම්මි සැහැල්ලු  වුනා. 

නිම්මි ව මට මුණගැසෙන්නේ මගේ සීමාවාසික පුහුණුව අතර තුරේ මාතර මහ රෝහලේදීයි .
ලොකු බඩේ කැක්කුමක්  එක්ක ශල්‍ය වාට්ටුවට ඇතුලත් වූ නිම්මි වටයක් ගසා මා සේවය කල නාරිවේද වාට්ටුවට එන කොට සෑහෙන  අවධානම් අවස්ථාව ක සිටියේ. 
මොකද එයා pregnant  බව පවසා තිබුණේ නෑ.🙈

Scan පරීක්ෂණයකින් පසුව  ruptured  ectopic pregnancy  (ගර්භාෂයෙන් පිටත කලලය පැලෝපීය නාලයේ පිහිටීම නිසා  පැලෝපීය නාලය පිපිරී යාම) යන්න  තහවුරු  කරගත් ජේෂ්ඨ වෛද්‍ය නිලධාරි තුමා නිම්මි ව හදිසි ශල්‍ය කර්මයකට භාජනය කලා.🙉
ක්‍රමයෙන්  සුව අතට හැරුනු  නිම්මි අපිත් එක්ක බොහොම මිතුරුවුනා.
ෂෙහානුත් රෝගින් බලන්න එන හැම වෙලාවකම නිම්මි ව බලන්න  ආවා. 
 discharge වෙලා ගියේ wedding  එක ඉවර වෙලා අපිට cakes නුත් අරන් එන්න පොරොන්දු  වෙලා🎂

ටික කාලයකින්  මම සීමාවාසික පුහුණුවේ ඉතුරු මාස හය සම්පූර්ණ කිරීමට කායික  රෝග වාට්ටුවට මාරු වුනා. නිම්මි  ෂෙහානුයි cakes 🎂ගෙනාවද  හොයන්න  අමතක වුනා.

මම නැවත නාරිවේද  වාට්ටුවට  පැමිණෙන්නේ සීමාවාසික පුහුණුව ඉවර වුනාට පස්සේ  RHO period  එකේදි.
ඒ කාලය වෙනකොට මම මගේ පලවන බබා බලාපොරොත්තු වෙන් සිටි කාලය. 

දවසක් මමත් අපේ වාට්ටුවේ  හෙදියන්  දෙදෙනකු යි එයාලා off වුනාට පස්සේ। 12-2 මටත් වැඩක් තිබ්බේ නෑ
ඉතින් අපි shopping  කලා👜

"Doctor ට මතකද ectopic  එකක් එක්ක  අමාරු වෙලා වාට්ටුවට  ආපු නිම්මි  
අන්න එයත් shopping   ඇවිල්ලා "
රේණු මිස් කියනවත් එක්කම නිම්මි ලස්සන හිනාවක් එක්ක අපි ගාවට ආවේ
"හානේ  doctor  pregnant   ද" කියාගෙනමයි.
ඒත් එක්කම  රේණු මිස්,
 "කතා කරන්න එපා  doctor   ඔය බොරු කාරිත් එක්ක . 
කෝ අපිට  wedding  cakes  ගේනවා කිව්වා ට පැත්ත පලාතක ආවේ වත් නෑනේ "
  
 නිම්මි ගේ හිනාව බලා ඉන්න කොට ම වෙනස් වුනා.
ලොකු කල්පනාවකට වැටුන නිම්මි   
  කටහඩ  අවදි කලේ 
"cakes ගේන්න wedding  එකක් ගත්තේ නෑනේ. ෂෙහාන්  මාව දාලා ගියා මිස්
එයා කියන්නේ මට ආයේ බබාලා හදන්න බෑ කියලා "😔
 කියමින්. 
"ගොඩක්  දේවල් වුනා.
වුන ලැජ්ජාවට අපි මෙහෙ අතහැරලා  ගියා
දැන් ඉන්නේ අක්කලා ගේ ගෙදර
තාත්තා ට ආතතියට ප්‍රතිකාරය ගන්නත් වුනා
තාත්තා  retire වුනා
අම්මානම් නිවාඩු දාලා මාරුවීමක්  හදාගත්තා.
මට අනුකම්පා  කරලා මට ත් බැංකුවෙන් එහේ branch එකට හදලා දුන්නා 
අම්මයි තාත්තයි නිසා ඔළුව  කෙළින්  තියාගෙන  ඉන්නවා . 
පිරිමි සංහතියම එපාවෙලා ඉන්නේ
මෙහෙ ආපුවාම අම්මා  කියවන්න ගන්නවා.
ආසාවකට නෙවෙයි ඒකෙන් බේරෙන්න shopping   කලා."

අපිත් නිම්මි ත් එක්කම වෙළඳසලෙන් එලියට ආවා.
හැබැයි  අපි එයාට කියන්න අමතක කලේ නෑ 
එයාගේ එක පැලෝපීය නාලයක්  තියෙන බව
එයාට අම්මා කෙනෙක්  වෙන්න පුළුවන් බව.
එයා හිනාවුනා.
"මිනිස්සු කසාද එපාවෙලා තියෙන්නේ " නිම්මි ගේ පිලිතුර. 

 නිම්මි යි අම්මයි තාත්තයි එදා මාතර ඇවිත් තිබුනේ එයාලා  හිටපු ගේ විකුණන්න. 


ලොකු කාලයක්  ගතවුනා. 
අපේ ජීවිත වලත් ලොකු වෙනස්කම් වුනා. 💁අපි රත්නපුර ආවා. නිම්මි ව අමතක වෙන එක ඉතින්  අහන්න දෙයක්  නෙවෙයි  නේ.
ජීවිත කාලයක් තුල කොයිතරම් අය හම්බ වෙනවද

දැනට මාස දෙක තුනක් ඇති
මම එදා පුතාට පාසල්  ඇරෙනකම් පාසල ළඟට වෙලා හිටියා.
ලස්සන කාන්තාවක් දැකලත් පුරුදු වගේ
මම ඉන්න  තැනට ආවා👧
"මාතර හිටියා  වගේ මතකයි" එයා මාව ගාවට ඇවිත් එහෙමයි කිව්වේ.
"ඔව්"  මගේ පිලිතුර 
"doctor  නේද"
"ඔව්, මටත් ඔයාව දැකලා පුරුදුයි ඒ වුනාට කවුද කියලා මතක් වෙන්නේ නෑ"
"මම නිම්මි"
එහෙම  කිව්ව එයා මට ඒ අතීතය මතක් කරලා දුන්නා. 
රත්නපුර  ප්‍රදේශයේ මැණික්  වෙළඳ වයාපාරිකයෙක් ගේ බිරිඳ වූ නිම්මි දැන් දුවෙකුගෙයි,  පුතෙකුගෙයි අම්මා කෙනෙක් 
එයා ගේ දුව මගේ දෙවන පුතාට අවුරුද්ද ක් බාලයි.

නිම්මිට  නඳුන් ව  හමුවන්නේ  නිම්මි සේවය කල පෞද්ගලික  බැංකුවේ ප්‍රධාන ශාඛාවේදියි.  නඳුන් වයාපාරික කටයුත්තක්  සඳහා  බැංකුව ට ආපු වෙලාවක.
නිම්මිට නඳුන්  ව දුටු දිනයේම සසර පුරුද්දක සෙවණැලි දැනුනත් නිම්මි  දිගින් දිගටම නඳුන් ව ප්‍රතික්ශේප කලා.
හැබැයි  නඳුන්  නෙවෙයි අතහැරියේ.
නිම්මි ගේ සිතත් නඳුන්ව ඉල්ලන කොට නිම්මි  එයා ගැන  හැම දේම නඳුන් ට කිව්වා. 

"ඔයා ඔය ගැන නම් කරදර වෙන්නේ
මම ඒ හැමදේම  දන්නවා
මම ඒ හැමදේම හොයලා බලලා තමයි ඔයා ගාවට ආවේ
ඔයා ගේ කැමැත්ත  විතරයි මට ඕනේ
ඔයා කැමති නම් මට අද වුනත්  ඔයාලගේ ගෙදරින් අහන්න පුළුවන් "
නඳුන් ගේ උත්තරය ඒකයි.
 
ජීවිතයේ හැම හොඳ දෙයක්ම  හොඳ දෙයක් වගේ එන්නේ නෑ. 
නරක වගේ පේන දේවල් වලින් අපේ ජීවිතයේ නරක අයින් කරන වෙලාවල් නුත් තියෙනවා. 










 










No comments:

Post a Comment