Wednesday, December 26, 2018

කෙටි කතාවකි 

තව කොච්චර  කාලයක් මම ජීවත් වෙයිද?
කොච්චර කල් මට මේක හංගන්න පුළුවන්  වෙයිද
දෙවියනේ මගේ අම්මා තාත්තා 
එයාලා  මේ දේ දැනගත්තොත්  මොනවා කරයිද
මම මැරුනම අපේ ගෙදර අයට මිනිස්සු මොනවා නොකියයිද.
මේ මොහොතේ ම මාව මැරෙනවනම්... 
ඒත් මගේ ගෙදර  අය.....................

"මාව අමතක කරන්න  නවෝද්.
ඔයාලාගේ ගෙදරින්  කවදාවත් මට කැමති වෙන්නේ නෑ . 
 අපේ තාත්තා හැම වෙලේම  කියන්නේ කලු ගල් එක්ක හැප්පෙන්න අපිට බෑ කියලා.
ඔයා කියන විදියට ඔයත් එක්ක ආවොත් ඔයාලගේ තාත්තා අපේ පවුලම විනාශ කරයි.
නවෝද් මට සමාවෙන්න මට ඔයා කියන දේට එකග වෙන්න බෑ
ආයෙත් මට කරදර කරන්න එපා 
ඔයා දිගින් දිගටම කරදර කලොත් මට ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි.  "

චමරි ගේ  වචන  නැවත නැවතත් ඇහෙනවා ඇහෙනවා වගෙයි.

මම කවුද කියලා දැනගත්තොත්  චමරි කවදාවත් මට කැමති වෙන්නේ නෑ කියලා දැනගෙන ම නේද මුල ඉදලම මම කවුද කියන එක එයාට  හැංගුවේ.

ආ දැන් ඔයාලා බලනවා ඇති මම කවුද කියලා.
මම නවෝද් .
මම ඉන්නේ කොහෙද කියලා වැදගත් නෑ.
මගේ තාත්තා මේ ප්‍රදේශයේ ජීවත් වන ඉඩම් හිමි වැවිලිකරුවෙක්.
පලාතේ දේශපාලනයටත් සම්බන්ධ යි.
එතකොට  අම්මා  සමාජ සේවිකාවක් ඔයාලා හිතුවේ එහෙමද ඒ වුනාට  ඒක එහෙම නෙවෙයි එයා දනට පිනට ලැදි බණ භාවනා  කරන බොහොම කරුණාවන්ත කාන්තාවක්. 
තාත්තා නිසාම එයා එහෙම  වුනාද දන්නේ නෑ. 
කොහොම වුනත් ඒවා ඔයාලටත් මටත් වැදගත් නෑ
මම ත් මගේ අක්කාත් අම්මත්  ජීවත් වුනේ මෙහෙ නෙවෙයි.
අපි තුන්දෙනා හිටියේ අපේ නුවර ගෙදර 
අපි ඉගෙන ගත්තේ එහෙ ඉදන් .
අක්කා මං වගේ නෙවෙයි. එයාට හොදට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා එයා දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. 
මම A level කලා. දැන් තාත්තාට ඕන මම business management  private degree එකක් කරලා එයාගේ  business   ටික ටික පුරුදු වෙන්න . 

ඔය අතරේ තමයි මම චමරි ව දකින්නේ
මුලදී හිතුවේ නම් පොඩි fun එකක් ගන්න මෙහෙ යාලුවොත් නෑ .
චමරි අපේ තාත්තාගේ  වතුවල වැඩකරන...ගොඩාක්  කතාවල වගේ.....  නෑ එහෙම නෑ ඒත් දුප්පත් ගෑනු ළමයෙක් .
යාලු වුනාට පස්සේ  අනුකම්පාවත්  එයාගේ අහිංසක කමත්  එක්ක එයාට ඇදිලා යන එක නවත්තන්න බැරිවුණා .

ඒ පාර තමයි මම කවුද කියලා කියන්න  ගියේ ඔක්කොම අවුල් කරගත්තේ ආදරය අන්ධයිනේ😀

චමරි ආයෙත් මං දිහා හැරිලා බැලුවෙවත් නෑ.

මමත් ඉතින් degree  එක කරන්න   කොළඹට ආවා.
යාලුවොත් නුවරනේ.
 බූට් එකකුත් වැදිලනේ හිටියේ .
දවසක් දෙකක්  club එකට යන්න ගත්තම එන්න එන්න කට්ටිය set වුනා.
හැබැයි  ඉතින් බිව්වා  විතරයි 
ඔය අතරේ තමයි එයාව දැක්කේ
එයා කියන්නේ club එකේ අලුත් dancer.
"පට්ට  කෑල්ල "
කට්ටිය එයාට කිව්වේ එහෙම
මටත් එහෙම්මම හිතුනා.
එයාලා dancer s ලා විතරක්  නෙවෙයි තවත් නිල නොලත්  රැකියාවක්  කරන අය. 
Clubs ඊළඟට  sex මටත් ඒක පොදු දෙයක්  වුනා. 

ඒ වුනත් අන්තිමට මගේ හිතට ඇතිවුනේ කලකිරීමක් .
මට අම්මා ව මතක් වුනා.
අක්කා ව මතක් වුනා.
චමරිව මතක් වුනා.
club යන එක එපාවුනා.
මේ වෙද්දි මට යාලුවොත් හැදිලා
ඔහොම දවස් පහ හයක් ගියා.
මාර කේස් එක.
මූත්‍රා  කරන කොට දැවිල්ලයි.
මූත්‍රා  කරන තැනින් සැරව වගෙත්
 යනවා.
මොකද කරන්නේ  .
ඔයාලට වගේම මටත් තේරුනා අරක නිසා තමයි කියලා.
මොනවා කරන්නද  doctor  කෙනෙක් ගාවට යන්නත් ලැජ්ජයි.
ඒත් යන්නත් ඕනනේ.
කොහොම හරි  ගියා doctor  කෙනෙක්  ගාවට.
ගිහිල්ලා  ඔක්කොම  කිව්වා. 
මාව STD clinic  ( සමාජ රෝග සායනය) ට යොමුකලා 
මාව ඒ clinic එකේ register  කලා.
මැරි මැරී  ඉපදෙනවා කියන්නේ මේකට තමයි. 
මූණ වහගෙන  මම clinic  එකට යන්නේ.
එහෙදි මගේ ලේ මූත්‍රා සැරව හැමදේම test කලා.
"ඔයාට තියෙන්නේ ගොනෝරියා කියන සමාජ රෝගය 
ඒකට අපි ප්‍රතිකාර කරනවා 
අනිත් ප්‍රශ්නය HIV
මොකද මේ වෙලාවේ ඒක negative කියලා පෙන්නුම් කලාට ඔයාට ඒක තියෙන්න පුළුවන් 
මාස තුනක් යනකම් හරියටම කියන්න බෑ
කාලයක්  ඔයාට අපිත් එක්ක මේ පරීක්ෂණ වලට සම්බන්ධ වෙයි
තව අය ත් එක්ක සම්බන්ධතා තිබ්බනම් එයාලව එක්ක එන්න ඕන. ලිංගික එක්වීමකදී කොන්ඩම්  පාවිච්චි  කරන්න අමතක කරන්න එපා""doctor  එහෙම කියන කොට මට  මතක් වුනේ එදා වෙරිමතේ හිටපු මම එයා දුන්න කොන්ඩම් එක විසිකරපු හැටි. රාගයත් අන්ධයිනේ. 
ඒක විසිකලේ නැත්නම් මේ මොකක්වත් නෑනේ.  
Club  එකේ girl ව එයාලා  හොයාගෙන. 

මාරම අවුලෙන් ඉන්නේ
ජීවත් වුනා නෙවෙයි මැරි මැරී  ජීවත් වුනා
ඒඩ්ස්  කියලා හංගන විදිහ දවස ගානේ plan කලා.
නිදාගත්ත රෑ ගණනට වඩා නිදා නොගත්ත රෑ ගණන වැඩියි
අද මුළු රෑම නින්ද ගියේ නෑ
ඉතින්  මම හිතුවා මම වගේම මේ තත්ත්වය ට පත්වෙන ඔයාලා වෙනුවෙන් මගේ කතාව කෙටියෙන් ලියන්න. 

"ඔයාට  HIV නෑ
ඔයාට HIV  නෑ කියන්නේ ආයේ කවදාවත්  HIV  හැදෙන්නේ  නෑ කියන එක  නෙවෙයි
ඒ නිසා  මීට පස්සේ  හිතලා බලලා වැඩකරන්න "
 
ඔයාලට ලිව්ව දවසට පස්සේ දවසේ STD clinic  එකට ගිය මට doctor කියපුදේ.

ඔයාලා හිතුවේ ආයෙත් මම චමරි ගාවට යයි කියලද 
නෑ මොකටද මම මාත් එක්ක  කට්ටක් කන්න බැරි කෙල්ලෙක්  ගාවට යන්නේ 
Chapter closed😉

අළුත්  chapter  එකක් පටන්ගන්න යි යන්නේ 😜
ඒක ඔයාලට ඕන නෑ........
චුට්ටිගේ ලෝකය 
පූර්ණිමා  ලක්මාලි. 



 
 



 





1 comment: