Wednesday, December 19, 2018

💖අවධානමට පෙර සුදානම💖

සුනීතා  තරුෂි සමඟ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ කාමරයෙන් නික්ම ගියේ හිතේ වූ විශාල බරත් සමඟයි.

එදත් කොයිතරම් නම් දුකක්  වින්දා ද
අද මම නිසා මගේ දුවත් කොතරම්  දුකක් විදිනවද?

තරුෂි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ  උපාධිය හදාරන තරුණියක් පුහුණුව සඳහා අගනුවර පිහටි  පෞද්ගලික  ආයතනයක ට බැඳෙන ඇයට එහිදී නෙත ගැටුනේ සුපුරුදු රුවක්.

හපෝ ආඩම්බරකාර  හේෂාන් !
 බස් එකේදි නිතරම හමුවුනත් කවදාවත් හිනාවක් නෑ     .

කාත් එක්කද මේ හේෂාන් හිනාවෙන්නේ ?
වටපිට බැලුවත් කවුරුත් නෑ.
මෙන්න දැන් එයා මේ පැත්තට එනවා කකුලුත් වෙව්ලනවා 😮
සිනාමුසු මුහුණින් පැමිණි හේෂාන්  කතාකලාම තරුෂි ට   හිතාගන්න බැරිවුණා.   හේෂාන් හා තරුෂි ආදරය වචනයෙන් නොකී ආදරවන්තයෝ බවට  පත්වුණේ කාලයටත් හොරෙන් 💑

හේෂාන් ගේ අම්මා ශාන්ති තරුෂි ට කොහෙත්ම කැමති වුනේ නෑ.
පවුල්  දෙක අතර කියන්න  නොගැලපීමකුත් නෑ.
ඇය බොහොම  කරුණාවන්ත  කාන්තාවක්
ඒත් තරුෂි ගැන නම්  පොඩි හෝ නැමීමක් නෑ.

තරුෂිත් හේෂානුත් දැනන් සිටියේ  තරුෂි  පොඩි කාලයේදී අසනීප වූ තරුෂිගේ  අම්මා රැකියාවෙන්  ඉවත් වෙන්න  පෙර එකම රක්ෂණ සමාගම ක සේවය කල බවත් ඔවුන් දෙදෙනා  හොදම යෙහෙළියන් වී සිටිය බවත් ය.
සුනිතා රැකියාවෙන් ඉවත් වූ පසු පෙර පැවති මිතුරු බව ඇඳුනුම්කමකට සීමාවිය . 

තරුෂි උපාධිය ලබාගත් පසු පෞද්ගලික බැංකුව කට සම්බන්ධ වී අගනුවරින් ඈත පිහිටි  ශාඛාවකට යන්නේ හේෂාන් ගේ සිතින් ඈත්වීමේ අරමුණ ත් නිසාවෙනි.

නමුත්  හේෂාන් ගේ බලකිරීම හමුවේත් ශාන්ති ගේ කරුණාවන්ත ආයාචනා අතරත් අසරණවන තරුෂි   වේදනා නාශනාශනපෙති අධික මාත්‍රාවක් ගන්නේ සියදිවි හානි කරගැනීමටත් වඩා පීඩනය දරා ගැනීමට නොහැකි වූ නිසාය. 
ප්‍රතිකාර වලින් පසුව  ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනවා .

වෛද්‍ය වරයාගේ කාමරයෙන් නික්ම යන සුනීතා තරුෂි හා තරූෂ  පුංචි  කාලෙ ට සිත ගෙනියනවා .
යුධ හමුදා වේ සේවය කල මංගල හිටියේ කිළිනොච්චියේ .  තරුෂි ට අවුරුදු  හතරක් වෙනකොට තරූෂට අවුරුද්ද ක් .

තරුෂි ව දවා සුරැකුම් මධ්‍යස්ථානයටත් තරූෂව මහගෙදරටත් ඇරලන සුනීතා රැකියා වට යනවා.
ඒ කාලයේ තමයි සුනීතා තුන්වන වතාවටත්  ගැබ් ගන්නේ
සුනීතා  සහ  මංගල කලලය  ගබ්සා කරන්න ඕන කියන තීරණය  ගන්නේ පුදුමාකාර වේදනාව කින්.
ගබ්සාවෙන් දෙවන දවසේ මංගලට   නැවතත් කිළිනොච්චියට යන්න වෙනවා.
ගබ්සාවෙන් පසුව උණ හැදුන නිසා සුනීතා දරු දෙදෙනා ත් සමග මහගෙදර නවතිනවා
අම්මා උණට ප්‍රතිකාර  ගන්න  යන්න  කතාකලත් නීතිවිරෝධී ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ගන්න යන්න සුනීතා බයවෙනවා.
. ඒත් හදිසියේම රෑ සුනීතාට හොදටම අසනීප වෙනවා .
වයසක අම්මා හා තාත්තා  ශාන්ති ට කතාකරපු  ගමන් ශාන්ති හා සුදත් ඇවිත් සුනීතා රෝහලට එක්ක යනවා
සුනීතා ට ආය මතකයට එනකොට  සුනීතා දැඩි සත්කාර ඒකකයේ .
බෙල්ල සිදුරු කරලා බටයකුත්  දාලා.
සති තුනක්  විතර සුනීතා දැඩි සත්කාර  ඒකකයේ  ඉදලා.

ඒ හැම දවසකම සුනීතා ව බලන්න  ආව ශාන්ති සුනීතා සුව වීමත් සමග සුනීතා ගේ ජීවිතයෙන්  ඈත්වෙන්න වුනා.

රැකියාවෙන් ඉවත් වෙන සුනීතා එයා වෙත වූ රෙදි මැසීමේ හැකියාව වයාපාරයක්  බවට පත් කරගන්නවා .

සිල් මාතා ආරාමයේ  සුමනා මෑණියන්  වහන්සේ  සැතපෙන්නයි ලෑස්ති වුනේ .
තරුෂි, හේෂාන් හා දරු තිදෙනා  සවස් වරුවේ ආරාමයට පැමිණ  සමුගෙන ගිය සැටි ඡායාවක් සේ මැවී පෙනුන සුමනා මෑණියන් ආයෙත් අතීතයට ගියා
එදා තරුෂි වෙනුවෙන්  මංගල හා සුනීතා  ශාන්ති හමුවට ගිය ගමන 💬
එදා තරුෂිට අකැමැති  වුවත්  ශාන්ති අද ඇයට දක්වන ආදරය දකිනා එදා  සුනීතා ව  සිටි සුමනා සිල් මෑණියන්ට වඩා සතුටු වෙන්නේ කවුද ?
සියලු  සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා !
චුට්ටිගේ ලෝකය ❤

තව දුරටත්  මේ කතාව දිගට ගෙනියන්න  ඕන නෑ

👻නීති විරෝධී  ගබ්සා ව

💀ගබ්සා ව ලංකාව තුල නීතිවිරෝධී යි
💀නමුත්  ලංකාව තුල ගබ්සා කිරීම් වෙන්නේ නැද්ද
💀වර්තමානයේ  සිදුවන ගොඩක් මාතෘ මරණවලට හේතුව මේ නීතිවිරෝධි ගබ්සාව

💀ඇයි එහෙම වෙන්නේ
එක හේතුවක් තමයි නිවැරදි උපත් පාලන ක්‍රමයක් පාවිච්චි  නොකිරීම
💛
දරුවට කිරි දෙනවා වුනත් ඔයා නැවත ගැබ් ගන්න පුළුවන්.

💛දරුවෝ ලොකු වුනත් ඔයා නැවත ගැබ් ගන්න පුළුවන්

💛සැමියා ඈතක සේවය කලත් ඔයාගේ සරුකාලයේ එකතු වෙන්නේ නෑ කියලා හිතුවත් සරු කාලය වෙනස් වෙන්න පුළුවන්
ඒ නිසා ඔයා ගැබ් ගන්න පුළුවන්

💛සැමියා නැතිවුන හෝ අත්හැර තනිවූ ඔයා අතවරයට  ලක් වීමේ අවධානම ක ඉන්නේ
අතවරයකට ලක්වූ අයෙක් ක්‍රියා කරන ආකාරය ගැන  පූර්ව නිගමනයකට එන්න බෑ
ඒ නිසා  ඔයා ගැබ් ගන්න පුළුවන් 

💚සැමියා යුධ හමුදා  සේවයේ යෙදී සිටින කාන්තාවක්  නීතිවිරෝධී  ගබ්සාවෙන් පසුව රෝහල් ගතවී දැඩි සත්කාර  ඒකකයේ දි මරණයට පත්වූ අයුරු මම මීට වසර දහයකට පෙර අත් වින්දා।               
   ඇය රෝහල් ගතවුනේ septic shock  අවස්ථාවේ
අනෙක්  කාරණය  තමයි ගබ්සාවක්  කරගත් කාන්තාවක් රෝහලට පැමිණෙන්නේ අන්තිම අවස්ථාවේදී
ජීවිතය බේරා ගැනීමට තියෙන අවස්ථාව  ඒ වෙලාවට හොදටම අඩු වෙන්න පුළුවන්.
ඒ වගේම  රෝහලට පැමිණි  පසු සත්‍ය  සඟවනවා
අහලා තියෙනවද වෛද්‍ය වරයාටයි නීතිඥයාටයි කිසි දෙයක්  හංගන්න  හොද නෑ කියලා
මොකද  ඔයාලා දෙන තොරතුරු  මත ප්‍රතිකාර  තීරණය වෙනවා.


💚ගිය වසරේ මට අහන්න  ලැබුනා සැමියා මිය ගිය කාන්තාවක්  නීතිවිරෝධී  ගබ්සා ව නිසා මරණයට පත්වුන පුවතක්.
එයා සිටි  ප්‍රදේශයෙන්  අතුරුදහන් වෙලා තිබුනා
පසුව ගමේ අයට ආරංචි  වුනේ මරණය.
අවුරුදු පහක දරුවෙක් ගේ මවක්
එයා අතවරයකට ලක්වෙන්න ඇති.

💚මෑත කාලයේ උගත් කාන්තාවක් ගබ්සා කිරීමකින් පසුව දැඩි සත්කාර  ඒකකයේ  ඉන්න කතාවක් ආරංචි වුනා.

💛ඔයාලට සුදුසු  උපත් පාලන ක්‍රමය  ඔයාලාට තීරණය කරන්න පුළුවන්
💛පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනියන් හෝ වෛද්‍ය වරයෙක් ගේ උදව්වෙන් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය  පවුල් සැලසුම් ක්‍රමය තෝරගන්න

💙හදිසි උපත් පාලන පෙති,
💙ගිලින පෙති,
💙නික්ෂේපන,
💙ලූප්,
💙ජඩෙල්
💙කොන්ඩම්
 ඔය ඕන එකක් පාවිච්චි කරන්න  පුළුවන්
💙ස්ථිර ක්‍රමයක් ලෙස LRT. කරන්න පුළුවන් 

අවධානමට පෙර සුදානම් වෙන්න 💜💜💜💜
චුට්ටිගේ  ලෝකය ❤

No comments:

Post a Comment