Sunday, January 6, 2019

Unconditional love

"මම ආදරෙයි මගේ සීයාට උම්මා.........."
අද අනුකි ගේ තුන්වන birthday  එක
සීයාට කේක් කවලා මං ගාවට එන මගේ ආදරණීය මිනිබිරිය  දිහා මම බලාගෙන හිටියා.
"මගේ අත්තම්මා  මං ඔයාටත් ගොඩාක්. ..ක් ආදරෙයි මම ඔයාට ආදරෙයි අම්මාට ආදරෙයි තාත්තා ට ආදරෙයි සීයාට ආදරෙයි
මල්ලීට ආ.....දරෙයි. එයාට කේක් කන්න බෑනේ"
 මගේ පොඩි දුව නෙතුලි, එයාගේ සැමියා හා දුවයි , පුතයි  මම හා මගේ  සැමියා යි අපි ඔක්කොම  ජීවත් වෙන්නේ එකම ගෙදරක .
මට හිතෙන එකම දේ ලෝකේ සතුටෙන්ම ජීවත් වන පවුල අපි නේද කියලා.
මම දන්නේ නෑ ඒත් මගේ හිත හැම වෙලේම සතුටින්  පිරිලා.

අපි ඔක්කොම ට කේක් කවපු අනුකි සීයාගේ  උකුල ට නැග ගත්තා.
සීයා තමයි එයාගේ ලෝකේ.
චූටි බබාට කිරි දෙන්න නෙතුලි  කාමරයට ගියා.
"අම්මත් එන්නකෝ" ඒ නෙතුලි
"මොකද ළමයෝ"
"නිකම්  තනියි"
"තනියට තමයි කසාදයක්  බන්දලා දුන්නේ"
"කසාද බන්දලා දීලා මගෙන් නිදහස් වෙන්න බෑ"
"ඒක නම් පේනවා ....."

බබාට නින්ද ගියා .
බබාට කිරි දුන්න දුව එළියට  යන්න නැගිට්ටා.
කාමරයෙන්  එළියට යනකොට ම දොර ගාවදී එයාව  ලිස්සුවා.
හොද වෙලාවට  වැටුනේ නෑ
අනුකි සබන් වතුර  වගයක් හලලා.
"අම්මා වැඩකාරයා නිසා සර්කස්  පාරක් දාලා බේරුනා.
අනුකි පැටියා අපි මේක අස්කරමු නේද
සීයාට යි අත්තම්මා ටයි දැන් සර්කස්  බෑනේ"
අනුකි වත් හවුල් කරගෙන දුව   එතන අස්කලා

නෙතුලි පොඩි කාලේ හරිම සැරයි
චුටි දෙයටත් හරියට තරහ යනවා
නෙතුලි විතරක් නෙවෙයිනේ  මමත් ඒ කාලේ එහෙමනේ
මම ඒ කාලේ කොච්චර නපුරු අම්මා කෙනෙක් ද
කොයි වෙලෙත් හරිම පීඩනයකින් ඉන්නේ
ගෙදරට ආව වෙලේ ඉදන්  ළමයින්ට බනින  අම්මා කෙනෙක් වෙලානේ හිටියේ
එයාලා කතා කලත් තරහ යනවා
හැම දෙයකම වැරැද්දක් පේනවා.
අද අනුකි කලා වගේ දෙයක්  කලා නම්
මං මේ birthday  එක දවසේ සතුටෙන් ඉන්න ළමයා ට අනිවාර්යයෙන්ම බනිනවා.

" දුව ඔයා හරිම හොදයි
ඔයා ට තරහ ගියේ නෑනේ .
ඔයා පොඩි කාලේ නම් හරිම සැරයි
දවසක්  අයියා ඔයා ට ඕන දේට කැමති වුනේ නෑ කියලා අයියව තුවාල වෙන්නම හැපුවා"

මගේ ජීවිතයේ ලොකු වෙනසක්  වුන ඒ සිද්ධිය මට ආයෙත් මතක් වුනා.
එතකොට  දුව අනුකි ගේ වයසේ
පුතා දසුන් ට අවුරුදු  හයක්.
අනේ මේ කෙල්ල පුතාව ලේ එන්නම හැපුවා නේ
ඒ මදිවට මූණ.
පුතා හොදටම ඇඬුවා.
දුව එයා ගේ තාත්තා හොයාගෙන ගියා
තාත්තා එයාව ගණන් ගත්තේ  නෑ
හැබැයි  තාත්තා  කිව්වා ඔයා අයියා  ගාවට ගිහිල්ලා සමාව ගන්න කියලා
දුවත් කවුරුත් එයාව ගණන්  ගන්නේ  නැති පාර ඇවිත් අයියව බදා ගත්තා
අයියගේ ඔළුව  අත ගෑවා
ඉම්බා.
අනේ තුවාල වෙලා රිදුනා හිටපු අයියා නංගී ප්‍රතික්ශේප  කලේ නෑ.
එයා නංගී ව තුරුල්  කරගත්තා  අපි සෙල්ලම්  කරමු .
මගේ හිතට දැනුන එකම දේ මේ වගේ  දෙයක් මට වුනා නම් මම මෙහෙම කරයිද
එහෙනම් එදා දවසම ඉවර වෙන්නේ නැතී රණ්ඩුවක් නේද කියලා
මගේ පුතා එදා මට ජීවිතය අළුතෙන් හිතන්න  කියලා දුන්නා
අපිට වෙන දේ අපි කරන දේ තමයි අපේ ජීවිතයේ සතුට කියලා එයා කියලා දුන්නා
හෘද සාක්ෂිය ට අනුව පසුතැවෙන්නේ නැතුව ඉන්න  එයා කියලා දුන්නා.
අපි හිතලා හොද දෙයක්  කලොත්  ලැබෙන හොද ප්‍රතිඵල ය එයා කියලා දුන්නා
දෙයක්  කියන්න කරන්න  පෙර හිතන්න  එයා කියලා දුන්නා.

දුව  මං දිහා බලාගෙන  ඉදලා
"ඉතින්  අම්මේ ඒ ඔයා නිසා නේ දැන් මම හොද වෙලා තියෙන්නේ "
"නෑ දුව ඒ අයියා නිසා
අයියාගේ ආදරයයි අපිව වෙනස් කලේ......:"
පූර්ණිමා ලක්මාලි

No comments:

Post a Comment