Monday, January 28, 2019

 දුව ව දාලා රැකියාවට යන මුල්ම  දවස. 
එයාට මාස දහයක්. 
රජයේ සේවයේ වැටුප් රහිත  නිවාඩු ත් එක්ක මාස 10ක් ඉන්න පුළුවන්  එකත් කොච්චර  ලොකු දෙයක්  ද 
ඒත් ඉතින් යන්න වෙනවනේ 
සෝමලතා දැන්  මාසයක් විතර දුවව බලා ගත්තනේ එයාට දැන් දුවව හුරුයි.
දුවටත්  එයාව හුරුයි.
"හැමදාම  ගෙදර ඉන්න බෑනේ" ඒ සමන් .
අපි යමු නේද
මම චූටි දුවව ඉඹලා සෝමලතා ට දුන්නා. 
office ආවට තාමත් එක හිතකින් වැඩ කරන්න  බෑ.
හැමවෙලේම  දුවව මතක් වෙනවා. 
දවල්ට  කෑවෙත් නෑ.
call ගත්ත හැම වෙලාවෙම  සෝමලතා  බබා හොඳින්  ඉන්නවා  කිව්වත් අනේ මන්දා  හිතට කිසිම සහනයක් නෑ.
හවස් වෙනකොට  කිරි තදවෙලා. 
ගෙදර යනකොට මට පණ නෑ.
යනකොට ම බබා අඬා ගෙනම ඇඟට ආවා.
මොනවා  කරන්නද  wash එකක්  දාන්නෙ ම නැතුව කිරි දුන්නා. 
සෝමලතා  මම ආපු ගමන්  බබාව දීලා ගියා.
සමන් wash දාලා ඇවිත් දුවව ගත්තා .
මමත් wash දාලා ඇවිත් අපි දෙන්නත් එක්ක  බබාව තියාගෙන ගෙදර වැඩකලා.
බබාට කිව්වා. 
එයාව wash  දාලා  නිදිකෙරෙව්වා
ඒත් එයා වෙනදා වගේ  නිදියන්නේ නෑ
නින්ද යා ගෙන  එන කොට බයවෙලා  වගේ ඇහැරෙනවා. 
මම අද ළඟ හිටියේ නැති නිසා වෙන්න ඇති 
සමනුත්  කිව්වේ  එහෙමයි. 
ඒ සතියම ඒ විදිහට ගෙවිලා ගියා. 
සෝමලතා  කියන්නේ  බබා දවල් දවසේ හොදට ඉන්නවා හොඳට කනවා කියලා. 
සමහර වෙලාවට  එහා ගෙදර සන්ධ්‍යා  ඇන්ටි ත් ඇවිල්ලා  බලලා යනවා කියලා.
සති අන්තයේ  ඉතින්  ගෙදරනේ.
දවල් ට කාලා බබාත් එක්ක අපි දෙන්නත් මිදුලට වෙලා හිටියා. 
අද බබා බලා ගන්න  එක්කෙනා ආවේ නැද්ද ඒ සන්ධ්‍යා  ඇන්ටි
නෑ ඇන්ටි  නිවාඩු දවසට එන්නේ නෑ
එහෙමද එතකොට  ඔයාලා ට හැමදාම  වැඩ වගේ නේද 
මොනවා කරන්නද  ඇන්ටි අපිට හම්බවෙන පඩියෙන්  එයාට පඩි ගෙවා ගන්න පුළුවන්  වෙන්නත් එපායැ සති අන්තයේ  ඉන්න කෙනෙක්  ගන්නවනම්  තව ගාණක්  දෙන්න  වෙනවා
ඔව් ඔව් ඒකත් එහෙම තමයි අද කාලේ එක්කෙනෙක්  හම්බ කරලත් බෑනේ 
ඒක  නෙවෙයි  මම ආවේ  මට හැමදාම  බබා හයියෙන් අඬනවා ඇහෙනවා 
මම ඉතින්  මේ පැත්තට පොඩ්ඩක්  ඔළුව දානවා  
දවස් දෙකක්  එයා බබාට හයියෙන්  කෑ ගහනවා ඇහුනා. 
තාම බබාට හරි චූටියිනේ. 
රිද්දනවද දන්නේ නෑ. 
මගේ පපුව පිච්චිලා ගියා.
එක පාරටම මට හෝ ගාලා ඇඩුනා 
නෑ දුව මට ඔයාට නොකියා ඉන්න බෑනේ 
මමත් නිතර නිතර  ඇවිත් බලන්නම්  හෙමිහිට  තව කවුරු හරි කෙනෙක්  හොයන්න 
"සන්ධ්‍යා  ඇන්ටි  ලොකු උදව්වක්  ඔයා  කිව්වේ නැත්නම්  කවුරු කියන්නද මේ පැටියට කියන්න බෑනේ . "
සමන් ඇන්ටි ට එහෙම  කිව්වා. 
ඒ සති අන්තයේ  අවසානයේ මම හිතුවා රැකියාවෙන් අයින් වෙන්න. 
සමන් ටත් වෙන දෙයක්  හිතා ගන්න  බැරිවුණා. 
ඒත් තව මාසයක් ගෙවන්න ඕන නේ .
ඉතුරු නිවාඩු  ටිකත් අතර මැදට ගන්නවා 
සඳුදා  උදේම මම අස්වීමේ ලියුම භාර දුන්නා 
කාගෙන්වත් ඇහුවේ නෑ.
"නිරූපා මිස් අද දවසෙත්  හොදට හිතන්න
අපරාදෙ නේ"
ඒ ප්‍රාදේශීය  ලේකම්  තුමා.
ඔයාලට කියන්න බැරිවුනා මම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ ලිපිකාරිණියක්.
"නෑ සර් තීරණයේ වෙනසක්  නෑ"
මෙන්න  office  එකේ හැමෝම ටික  වෙලාවකින් මගේ මේසය වටේ.
"ඇයි නිරූපා ටික කාලයක්  විතරයි ඇද ගන්න තියෙන්නේ ඊට පස්සේ  බබා day care දාන්න  පුළුවන්  මොන්ටිසෝරි  දාන්න පුළුවන් "
"ඔයා ට ගෙදර ඉදලා එපා වෙයි" 
"ඉස්සරහට තව වියදම්  වැඩියිනේ"
"එක පඩියෙන්  කොහොමද  වැඩ කරගන්නේ
හදිසි වෙන්න එපා"
"දු ලොකු වුනාම  වුනත් එයාට හොදයිනේ.ඔයා රස්සාවක්  කරන එක  "

හැමෝගෙම  වචන බොඳවෙලා මට මගේ චූටි දුව අඬන ශබ්ද ය විතරක් ඇහෙන්න  ගත්තා. 
"මම තීරණය  කරලා ඉවරයි "
මට ආයෙත්  ඇඩුනා

ඔය  කාලේ  මම හරියට කල්පනා කලා අනාගතය ගැන 
ඒ කාලයේ තමයි Facebook  එකේ ලිපියක් දැක්කේ ආහාර බෝතල් කිරීම ගැන 
එයා කියලා තිබුනා විදිහට මමත් අපනයන සංවර්ධන  මණ්ඩලය ට ගියා. 
ඒ දැනුමත් තවත් අන්තර්ජාලය තුලින් ලබාගත් දැනුමත් ආශ්‍රයෙන් කොහොමත් මට උරුම වෙලා තියෙන ඉවීමේ හැකියාවෙන්  හා ආසාවෙන් ප්‍රයෝජනයක්  ගන්න  හිතුනා . 
මම කලේ මුලින්ම  හැදුවා පොලොස් අච්චාරුවක් බෝතල් දෙකක් දිනය ගහලා අරන් තිබ්බා.  තව දෙක තුනක් හිතවත් යාළුවෝ  දෙතුන් දෙන්නෙකුට  ගෙනිහින්  දුන්නා.
ඊළඟ සතියේ සීනි සම්බෝලයක් හැදුවා.
ඒකටත් ඒ දේම කලා.
"නිරූ පොලොස් අච්චාරුව නම් මරු .
අපේ හබී  බෝතලේ නොකාපු ටික විතරයි. 
කට්ටිය ගේ ප්‍රතිචාරත් එක්ක මම දිරිමත් වුනා."

 මාසය අවසානයේ  මම ගෙදර නැවතුනා. 
හැමෝගෙම  විරෝධතා මැද මම ගෙදර නැවතුනා. 
මම මගේ  business  එක පටන් ගත්තම එයාල ගේ කටවල් වැහෙයි
ටික දවසක්  ඔහේ ගෙවිලා ගියා.
කෑම අසුරන වැඩෙත් මග හැරිලා  ගියා. 
ගෙදර නැවතිලා  මාසයක්ම ගියා.

නිරෝෂා call කලා.
එයා මගේ  office  එකේ යාලුවෙක්. 
"මමයි වරුණියි චාමරියි   අද වරුවෙන් ඔයාව බලන්න එන්න හිතුවා  අපි කන්නේ නැතුව එන්නේ 
ඔයා ගේ රස බත් මුලේ  රස බලන්න  වුනේ නෑනේ කාලෙකින්."

මාර වැඩේ මේ හදිසියට මොනවා හදන්නද
කිරට උයන්න නම් එළවළු  තියෙනවා 
මාළු ත් තියෙනවා 
හදිසියේම මට පොලොස් අච්චාරුව යි සීනි සම්බෝලයයි මතකෙට ආවා මේ වෙනකම්  මතක් වුනේම නෑ  නේ.
ඇරලා බැලුවම තාම සුවඳයි. කරපිංචා  එනසාල් කුරුඳු හොඳටම  දැම්මනේ. 
හොඳට තියෙනවා. 
ඉතින්  ලේසියෙන්  කෑම වේල සකස් කරගත්තා.
"ෂා නිරූ ගේ කෑම නම් කියලා වැඩක්  නෑනේ,
ඔයා අන්තිම දවස්වල මේවා හදලා අපිට ගෙනත් දුන්න නේ"
 "ඒ මතක් වෙන්න තියාගන්න නේ
"කොහෙ තියා ගන්නද සතියක් යන්නඉස්සෙල්ල බඩට යනවනේ"

"රස නම් මතක තියාගන්න පුළුවන්" 

"ඒ දවස් වල හදපුවා තමයි ඔය"
"හොඳට තියෙනවනේ අළුත්  වගේ "
"business  එකක්  පටන් ගන්න  හිතුවේ"
" ඒක නම් නියමයි ඔන්න අපි තමයි මුල්ම  customers  ලා මුලින්  ගන්න අයට discount 
ඇත්තටම  උදේ office  යන්න බත් බඳින කොට ලේසියිනේ.  "
"අපි කාලා හරි help කරන්න ම්."
එදා සමන් එනකම් මම හිටියේ ඇඟිලි  ගැන ගැන
"අද නිරෝෂා  ලා ආවානේ.
දවල් කෑමටත් එක්ක  "
"ඔයා කොහොමද  බබා ත් එක්ක කරගත්තේ"
ඇයි හිනා වෙන්නේ බබත් එක්ක කොහොමද  උයා ගත්තේ
ඔයාට මතකද අර පොලොස් අච්චාරුව යි සීනි සම්බෝලයයි 
පුස් අල්ලලා ද දන්නේ නෑ බලන්නත් බැරි වුනා 
නෑ ඒක හොඳටම තියෙනවා 
අද එයාල ට කෑම දෙනකොට  මම ඒවත් දුන්න සුවඳට රසට තිබ්බා. 
එහෙමද රෑට කමු . 
සමන් ..මට ආයෙත් කෑම බෝතල් කරන අදහස් ආවා 
ඔයා ආසනම් මම උදව් කරන්නම් 
හා අපි කරමු


දැන් බබාට අවුරුදු තුනක්   වුනා.
දැන් මට ආයෙත්  බබෙක් ලැබෙන්න ඉන්නේ.
ඔයාලා  කවුරු හරි මම බෝතල් කරපු කෑම කාලා තියෙනවද නෑනේ
කොහෙ කන්නද

ඔන්න ඔය විදිහට  තමයි බබාට අවුරුද්දක්  වත් වෙන්න ඉස්සෙල්ල මම ආහාර බෝතල් කිරීමේ ව්‍යාපාරයක් අරඹන්න සිහින දැක්කේ 
අපේ රටේ කෑම බෝතල් කරලා පිටරට යවන්න සිහින දැක්කේ.
අපරාදේ  කියන්න බෑ .........
අදත් හිටපු ගමන් ඒ සිහිනය සැරෙන් සැරේට පේනවා.
පූර්ණිමා ලක්මාලි 
චුට්ටිගේ ලෝකය













No comments:

Post a Comment