Thursday, January 24, 2019

මගේ මහත්තයා  මාව දාලා ගියා
මම එයා ත් එක්ක  ආවේ පාසල් නිල ඇඳුම පිටින්.
මට යාන්තම්  අවුරුදු 18 වුනා විතරයි
ඉස්සර  ඉදන්ම මට හමුදාවේ නිල ඇඳුම  දැක්කම පුදුම ආසාවක් තියෙන්නේ
ධනුක මට වඩා අවුරදු තුනක් වැඩිමල්.
ධනුකට ද හමුදා නිල ඇඳුම ට ද දන්නේ නෑ මම කැමති වුනේ .
කොහොම  හරි මම කැමති වුනා.
ලොකු සල්ලිකාරයන් නොවුනත් රජයේ කාර්යාල වල වැඩකරපු මගේ දෙමව්පියන් හා කුලී වැඩ කරන  ධනුක ගේ දෙමව්පියන්  අතර තිබුන පරතරය , මම පාසල් යන සිසුවියක් වීම, රටේ යුද්ධය ක් පවතින  වෙලාවක ධනුක යුද්ධය  හා සම්බන්ධ වීම
මේ හේතු අපේ  ගෙදර ඇති කරපු තත්ත්වය  මම ධනුක ත් එක්ක   "හොරෙන් පැනලා යන්න " හේතුවුනා.
අපි හිටියේ ධනුක ගේ මහගෙදර මයි .
මමත් ඒ ජීවිතයට අනුගත වුනා.
යුද්ධය කාලයේ  ධනුක හිටියේ ඒ ප්‍රදේශවල.
තොරතුරක් නොමැතිව දවස් ගණන් ගෙවෙන කාලයන් අතරතුර මම මගේ  පලවෙනි දරුවා බිහි කලා. ඒ දුවක්.
 කාලය වේගයෙන් ගලාගෙන  ගියා
ලොකු දුව ලැබිලා අවුරුදු දෙකක්  යනකොට  යුද්ධයත්  ඉවර වුනා.
යුද්ධයෙන්  ධනුකට කරදරයක්  නොවුන එකට මම දෙවියන් ට අනේක වාරයක්  පින් දුන්නා.
කාලයක්  යනකොට  මගේ දෙමව්පියන්  අපට සමාව නොදුන්නත් අපිත් එක්ක  සම්බන්ධතා ඇති කරගත්තා.
අපි එහෙ යන්න පටන් ගත්තා.
මගේ එකම අයියත් විවාහ වෙලා එයා ගේ නෝනා ගේ ගම් ප්‍රදේශ ය වුන නුවර පලාතට ගියා.
මට දෙවන වරටත් දරුවෙක්  ලැබුනා
එයත් දුවෙක්.
 චූටි දුවට අවුරුදු  දෙකක් වෙනකොට ධනුක හමුදා වෙන් පැනලා ආවා
අපි හැමෝම  විරුද්ධ වුනා. අපි කිව්වේ  මම එයාගේ  දෙමව්පියන්  හා අක්කලා දෙන්නා
ඒ දෙන්නා  විවාහ වෙලා වෙනම හිටියේ.
  ඒත් එයා හමුදාවෙන් පැනලා එන්න තව කෙනෙක්  හේතු  වෙලා තිබුනා.
ඒ අපේ ගෙවල් වලට හැතැප්ම  දෙකක්  එහායින් හිටපු ආමි එකේ එයත් එක්ක වැඩ  කරලා යුද්ධයෙන් නැතිවුනු චන්දන ගේ නෝනා . සක්කර වට්ටම"
පුතෙකු ත් ඉන්නවා
ආරංචියේ හැටියට තව ළමයෙක්  හම්බ වෙන්න  ඇවිල්ලා.
කාගෙද කියලා පැහැදිලියිනේ.
පැනලා ආව දවසෙන් පස්සේ ධනුක  ගෙදර  ආවේ නෑ
ධනුක ගේ අම්මා යි මමයි එහෙ කීප සැරයක්  ගියත් ඒ හැම වෙලාවෙම  එයාලා කවුරුත්  ගෙදර හිටියේ නෑ
call කලාට ගන්නෙත් නෑ.
කොහෙ හරි  ඈත පලාතකට ගිහිල්ලා  කියලා ආරංචිය  .
දවස් ගාණක්  මම ඇඬුවා .
ගෙයින් එළියට බහින්නේ  නැතුව දවස්  ගාණක්  හිටියා.
අපේ අම්මයි තාත්තයි  මාව එක්කන්  යන්න ආවා.
දරු දෙන්නා ට තාත්තා  වගේම අම්මා ත් නැතිවෙලා වගේ ඉන්න  එපා කියලා ඒ දෙන්නා  මට කියලා  දුන්නා.
 ඒ දෙන්නා  ගේ වටිනාකම  ආදරය  කවදාවත් නැති විදියට   මට එදා දැනුනා.
 මට තවදුරටත්  ධනුක ගේ ගෙදර ඉන්න  බැරිවුනා.
මම අපේ ගෙදර  ආවා .
මම ගෙදර ඇවිත් ටික  දවසකින්  තාත්තා  එක තැන් වුනා.
හිතා ගන්න  බෑ කරදර එක පිට  එක එන එක.
මට තිබ්බ  ලොකුම  හයිය නැතිවුනා.
මට ධනුක ව හොයාගන්න පුළුවන් නම් එයාව මරන්න පුළුවන් කියලා හිතුනා.
දරු දෙන්නා ඔත්පල වුන තාත්තා අසරණ වුන අම්මා  වෙනුවෙන්  මම ජීවත්  වෙන්න ඕන.
හිත හදාගන්න  ඕන
අම්මාත් මට ලොකු හයියක්  වුනා.
මම ධනුක ත් එක්ක ගිය දවස්වල අම්මා  රස්සාවෙන්  අයින් වෙලා  හිටියේ .
මමත් ඉතින් හරියට ඉගෙන ගත්තේ නෑනේ.
ඒත් අම්මායි මමයි උදේ තුනට නැගිටලා  ඉඳිආප්ප  ලැවරියා
 පෑන් කේක්   හදලා කඩවලට දැම්මා
අම්මට දරුවෝ බාර දීලා   මම උදේ හයට කඩවලට ඒවා දාලා මම ගියා කළු  ගඟට වැලි ගොඩ දාන්න
දෙක  හමාරට ගෙදර ඇවිල්ලා
තාත්තා ව නාවලා ගෙදර වැඩ කරනවා
ඔය කාලයේ ධනුක ත් සක්කර වට්ටම ත් ආයේ ගමට ඇවිත් කියලා ආරංචි වුනා .
ආරංචිය හැටියට පොදු සමා කාලයක දී එයා ආයෙත් හමුදාවට සම්බන්ධ  වෙලා.
ඒකයි මෙයාලා ගෙදර එක්ක ඇවිත් තියෙන්නේ.

ඒ දෙන්නා ඉන්න තැනට ගිහිල්ලා  මරන්න  තරම් කේන්තියක්  ආවත් මම ඒ කේන්තිය යටපත් කරගත්තා.

මම එයාලා  ගැන හිතන එක නැවැත්තුවා.

දැන් දුව පාසල් යවන්නන්  කාලේ හරි.
ධනුක  ගේ අම්මා ට කිව්වා ධනුක ට දුවව පාසලට ඇතුළත් කරන්න  උදව්  කරන්න  කියලා
එයා ක්‍රියාන්විතයේ හිටිය  නිසා අපිට දුවව ඉස්කෝලේ  දාන්න පහසු  වුනා.
දුවගේ සෙල්ලම්  ගෙවල් දවස් වල ඉස්කෝලේ ට යන්න වුනා.
ඒ දවස්වල  තමයි මම දැන ගත්තේ සන්ධ්‍යා  මිස් ගේ  cakes and bakes පාඨමාලාව  ගැන .
වැලි ගොඩ දාලා  ඇවිත් තාත්තාව නාවලා
හවස 4.30 class එකට මාත් ගියා.
ඒ මාස තුනේ අවසානයේ කරේ තිබ්බ  මාලේ උකස් කරලා oven එකකුයි  අනිත් උපකරණයි ගත්තා .
උදේට අනිත් දේවල් හදන ගමන් මාළු පාන් බනිස් වර්ගත් හදන්න  ගත්තා.
කේක්  එකක් බේක් කරලා  හවසට කෑලි කපලා। decorate කරලා කඩවලට දාන්න  ගත්තා
ගමේ  ඇතුල් පාරවල් වල කඩවලට විතරයි දාන්න පුළුවන්  වුනේ
පාර අයිනේ කඩවල් වලට ටවුමේ ලොකු බේකරි වලින් කෑම දානවනේ.

කඩවල් වලට කිව්වා  උත්සව අවස්ථා සඳහා  කේක්  නිර්මාණ  භාර ගන්නවා  කියලා
සමහර අය  මට උදව්  කලා.
මමත් ඒවා ලස්සනට පිරිසිදුවට ලාභයට කරලා දුන්නා .
අපේ ගෙදර  තිබුනේ පාර අයිනේ
ඔය කාලයේ තමයි රත්නපුර  වේවැල්වත්ත පාර හදන්න  ගත්තේ .
අපේ ඉඩමෙනුත් කොටසක් ගියා.
ඒක මගේ ජීවිතයට ආශිර්වාදය ක් වුනා.
ඒ ලැබුන වන්දියෙන් අපි කඩයක් හදා ගත්තා.
මම දැන් වැලි ගොඩ දාන්න යන්නේ නෑ.
මගේ ම ලස්සන  පොඩි pastry shop එකක් කරනවා.
තාමත් මම සෑහෙන මහන්සි වෙනවා
තව නංගිලා දෙන්නෙකුත් උදව් වට ඉන්නවා.
ඔය අතරේ තමයි ධනුක  ආයෙත් අපේ ජීවිත වලට එන්න පාර හොයන්න  ගත්තේ.
දෙවන දුව පාසලට දාන වැඩ වලට මට ආයෙත් එයා ගෙන් උදව්  ගන්නත් වුනා නේ.
මට දරුවෝ නිසාවත් ධනුක ට සමාව දෙන්න හිත හදා ගන්න  අමාරුයි.
ඒත් දරුවෝ දෙන්නට තාත්තෙක් ඕන නේ කියන එකත් පැත්තකින් තියෙනවා
ඒ මදිවට අරයා ට ධනුක ගෙන් ළමයි දෙන්නෙක්  ඉන්නවා
ධනුක කියන හැටියට සතුටකින්  නෙවෙයි  එයාලා ඉන්නේ
එයා මෙයා ව රවට්ටලා බබෙක් නේ.
ඒ ත් මට ආයෙත් ඒ ප්‍රශ්නත් එක්ක ගැටෙන්න බෑ
දූල ට තාත්තා  ඕනි තමයි
ඒත් ධනුක ආයේ නිර්මලා ගාවට නොයා ඉඳියි ද
නිර්මලා  නිකම්  ඉඳියි ද
ආයෙත් මම රැවටිලා මේ දේවල් ඔක්කොම  නැති කරගන්නවද
මට ආයෙත් දුක් විදින්න පුළුවන් ද

නෑ මම එහෙම  කරන්නේ  නෑ
මට තව කෙනෙක්  එක්ක රණ්ඩු වෙන්න වත් එයාව බෙදා ගන්න වත් ඕන නෑ
දරුවෝ වෙනුවෙන්  ගොඩනගා ගත් දේවල්  බෙදා ගන්න  ඕන නෑ
මම දැන් ශක්තිමත්ව ගැහැණියක්.

 අවසානයේ   මම ද්වේෂ සහගතව අත්හැර යාම මත ධනුකට විරුද්ධව  දික්කසාද  නඩුවක්  ගොනු කලා මට නිර්මලා ත් උදව් කලා.
අමාරුවෙන්  උනත්  මම දික්කසාද ය ගත්තා.
මට මගේ වගකීම  ගැන අවබෝධයක්  තියෙනවා .
මට හිතෙනවා හොදම දේ තමයි මම කලේ කියලා.
ඕන වෙලාවක  ඒ වගකීම  ගන්න මම ලෑස්තියි

මේ පාරේ ශ්‍රී පාදයට  රත්ගම පුංචි  දඹදිවට දෙහෙන ඇල්ල ට අළුපොල ඇල්ල ට හපුගස්තැන්න ට යන අය අතරින් මගේ ලස්සන pastry shop එකට එන්නේ නැතුව  යන්නේ එහෙමත් කෙනෙක්  තමයි.

මගේ හීනය ඔයාලා වෙනුවන්  ජාත්‍යන්තර මට්ටමේ coffee  වර්ග තියෙන coffee  shop  එකක් හදන්න .
මගේ දරුවෝ දෙන්නගේ අනාගතය යහපත් කරන්න .
මගේ දෙමව්පියන් ව හොදින්  බලාගන්න
ගොඩක්  දුරට යන්න  තියෙනවා.
ඔයාලාගේ ආශිර්වාදය  මට දෙනවා නේද?
ඔයාල ත් මේ පාරෙන් යනවා නම් රසට පිරිසිදුවට  තේ කෝප්පයක්  බොන්න මගේ පුංචි  pastry shop එකට එන්න.
පූර්ණිමා  ලක්මාලි
චුට්ටිගේ ලෝකය

No comments:

Post a Comment