Thursday, April 26, 2018

බබාට ගුඩුස් යැවීම

burping  බබාට ගුඩුස් යැවීම

💜තව වචන තියනවද  දන්නෙ නෑ
උපතේ  සිට මාස හය දක්වා බබාලට කිරි දෙන කොට ඒ වගේම  කෑම දෙන කොටත් එයාගේ ගුඩුස්  යවන්න  ඕන
බබා වාඩි වෙන්න ගන්නකම්

💖මුල්ම බබා  අම්මා තාත්තා ට අළුත් ම අත්දැකීමක්
සමහර වෙලාවට අපි ත් එක්ක වැඩිහිටි කෙනෙක්  නැති වෙන්නත්  පුළුවන්
මම මගේ පලවෙනි  බබා ලැබිල අම්මා සති 2ක්  විතර තමයි හිටියේ ඊට පස්සෙ ඔක්කොම තනියම කරගන්න වුනා
මම doctor  කෙනෙක්  වුනත්
වැඩිමහල් සහෝදරයින්  හිටියේ  නැති නිසා මමත්  බබාව handling කරන්න  හරි බයයි

😯එහෙම අය ඕන තරම්  ඉන්නවනේ පලවෙනි බබා බලාපොරොත්තු වන   family  support  අඩු

😔බබාට කිරි උරන කොට  ඒත් එක්ක හුලං බබාගේ අමාශයට ඇතුළු වෙනවා
😨සමහර වෙලාවට මේනිසා බබා කිරි වමනය දාන්න පුළුවන් ඒකේ තියන භයානක කම මේ වමනය පෙනහළු තුලට ඇතුළු වෙලා බොහොම අවධානම් වෙන්නත් පුළුවන්
වමනය නොදැම්මත් මේක බබාට ලොකු  අපහසුවක්
💓මේ නිසා තමයි හැම කිරි වේලකට පස්සේ ගුඩුස් යවන්න ඕන

💚💛💜බබාලගේ ගුඩුස් යවන ක්‍රම කිහිපයක්  තියනවා

💚💚💚බබාව පපු පෙදෙස ට තුරුල් කරගෙන බබාගේ නිකට උරහිස ට තියලා එක අතකින් බබාව අල්ලාගෙන අනිත් අතින්  බබාගේ පිටට මුදුව තට්ටු  කරන්න

💛💛💛බබාව බඩ පැත්තෙන් උකුලේ තියාගන්න එක අතකින් ඔලුව support කරන්න ඕනේ බබාගේ chest  level එකට. අනෙක් අතින් පිටට මුදුව තට්ටු කරන්න

💜💜💜මේ ක්‍රම ය නම් මං කලේම නෑ බබාව වාඩිකරව ගන්න  බබාගේ ඉස්සරහින් නිකට පපුවයි  එක අතකින් අල්ලාගෙන
අනිත් අතින් බබාගේ පිටට මුදුව තට්ටු කරන්න

ගුඩුස් යනකොට  දැනෙනවා  මේ විදියට ගුඩුස්  ගියේ නැතොත්
 💕💕💕බබාව  බඩ පැත්තෙන් ඇදේ තියල මුදුව  පිටට තට්ටු කරන්න මම ලොකු බබාට ගොඩක් වෙලාවට ගුඩුස් යැව්වේ මේ  විදියට

මම මගේ බබාලා තුන් දෙනාම නිදිකෙරුවේ  පැත්තට හරවලා හදිසියේ වමනෙ ගියත්  බයවෙන්න ඕන නෑ නේ
ඔලුව ඇදවෙනව කියලා  මතයක් තිබෙනවා  ඒත් එහෙම වෙන්නේ නැහැ
නොතේරෙන දෙයක්  තියනවා නම් රූප වලින් පැහැදිලි වෙයි

No comments:

Post a Comment