Wednesday, April 25, 2018

දරු ප්‍රසූතියෙන් පසුව දුකෙන්ද ඔබටයි මේ

😭😭😭😭පසු ප්‍රසව විශාදය හා baby blues😦😦😦

👻Baby blues
👍මේ තත්ත්වය 80%  විතර අම්මලාට ඇතිවෙන්න පුළුවන්
👍බබා හම්බ වුනා  කියලා සතුටක් නෑ
👍දුකෙන් ඉන්නවා
👍හිතට ගතට හරිම මහන්සියි
👍මේ තත්ත්වය සතියක් දෙකක් යනකොට ඉබේම නැතිවෙලා යනවා

👾👾ඒත්  10% ක් අම්මලට පසු ප්‍රසව විශාදය කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්
👍මේ තත්ත්වය  දරු ප්‍රසූතියෙන්  පෙර කාලයේ ඉදලා පලවන අවුරුද්ද ඇතුලත ඕනම කාලයක ඇතිවෙන්න පුළුවන්

👍අනිවාර්යයෙන්ම  මානසික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න ඕන තත්ත්වයක්
👍ඒ වගේම මේ තත්ත්වය  100% ක් සුවපත්  කරන්න පුළුවන්
👍නිසි ලෙස ක්‍රියාත්මක  නොවුනොත් මවගේ දරුවාගේ ජීවිතය නැතිවෙන්නත් පුළුවන්
👌මානසික රෝග  සායනයට යන්න  කිව්වම ගොඩක්  අය ඒ ගැන  ලැජ්ජයි
👌පසු බසිනවා
👌ඒත් මේ තත්ත්වය  ගොඩක් අම්මලට ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක්
😖😖😖ප්‍රතිකාර නොගෙන සිටීමට නොදැනුවත් වීම ගැන තමයි ලැජ්ජා වෙන්න ඕන
👍නැන්දම්මා  පවුලේ අනිත් අය හමුවේ කියන්න බැරිනම් ස්වාමි පුරුෂයා, අම්මා වගේ විශ්වාස නෑදැයෙක් සමඟ සාකච්ඡා කරලා වෛද්‍ය වරයෙකු වෙත යොමුවන්න
👍මේ තත්ත්වය හදුනා ගන්න පුළුවන්  වෛද්‍ය වරයෙකු ට පමණයි
👍ප්‍රශ්නය  තමයි ගොඩක් අය මේ තත්ත්වය බරපතල ලෙස ගනන් ගන්නේ නෑ
👍👍👍👍ඒත්  පසු ප්‍රසව විශාදය සුවකල හැකි
ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්

💜දැන්අපි බලමු පසු ප්‍රසව විශාදයේ රෝග ලක්ෂණ මොනවද කියලා

😔නිතරම කනස්සල්ලෙන් පසුවීම
😖නිතර දුකෙන් තරහෙන්  පසුවීම
😭හැම වෙලේම අඩන්න හේතුම මතුවෙන ගතිය
😔තමන් තනිවෙලා  යන හැඟීම  හැමෝම බබා ගැනමයි බලන්නේ යන හැඟීම
😝දරුවා ගැන තරහක්  පිළිකුලක් ඇතිවීම
😔බලාපොරොත්තු  කඩවුනා වගේ දැනීම

👍තමන් කරන දේ ගැන විශ්වාසයක් නැති බව
😔බබාට කිරි දුන්නට පෙවුනද දන්නා නෑ
😔බබා නලවන විදිහ වැරදියි
😔මට බබාව නිදිකරවගන්න බෑ
😔මට මගේ දේවල් වත් කරගන්න බෑ
ඒ වගේ දේවල් සිතීම

🙈කෑම අරුචිය වගේ ම වැඩි වැඩියෙන්  ආහාර ගැනීම
😳නින්ද නොයාම

😿තීරණ ගන්න බැරිකම
😿අදහස් ප්‍රකාශ කරන්න බැරිකම
😿පෙර කැමති වූ දේවල් වලට අකැමැති වීම
😿ශරීරය උදාසීන වීම
😿ඇඳෙන් පුටුවෙන් නැගිටින්න හිතෙන්නෙ නැතිකම
😿මේ තත්ත්වය delusions. , hallucinations දක්වා වර්ධනය වෙන්න පුළුවන්
ඒකියන්නේ යම් යම් දේවල් සිතීම පෙනීම ඇසීම දැනීම දක්වා

💜මේ තත්ත්වය ශරීරයේ එකවර සිදුවන හෝර්මෝන වෙනස්‌කම් නිසා
💜ජානමය හේතු නිසා
💜පෙර සිට පැවැති තත්ත්වයන් නිසා
ඇතිවන අතර

💛අලුත් වගකීම් දරාගැනීමේ අපහසුතා නිසා
💛සමාජීය ප්‍රශ්න  නිසා
💛ප්‍රසූතිය අපහසු  වීම නිසා
💛පූර්ව හා පසු ප්‍රසව සංකූලතා නිසා
💛බබාගේ සංකූලතා නිසා
💛බබාට විශේෂ ළදරු  ප්‍රතිකාර අවශ්‍ය වීම නිසා
💛කිරි දීමේ ප්‍රශ්න නිසා
💛ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
හා 💛නොසැලකිල්ල  නිසා
මේ තත්ත්වය වැඩිවෙන්න පුළුවන්

❤❤❤❤ඔයාලට මේ වගේ තත්ත්වයක් තියනවනම්  මම නැවත නැවතත් කියන්නේ අනිවාර්යයෙන්ම වෛද්‍ය  ප්‍රතිකාර සඳහා යොමුවෙන්න
💕තම් අදහන ආගම අනුව වන්දනා මාන කරන්න
💕ඊට අමතරව දරුවා  ගෙදර ගෙනාපු දවසේ ඉදන්ම ජීවිතයට ඉඩ දෙන්න
💕උදේ ඇහැරුන ගමන් ඇඳෙන් නැගිටින්න
💕ඇඟ පත සෝදාගෙන හොඳ ඇඳුමක්  අඳින්න
💕දිනපතා නාන්න
💕බබා නිදියන වෙලාවට ටිකක්  නිදාගන්න
💕shopping කරන්න
💕බබා වෙනුවෙන්  උදව්  ලබාගන්න පුළුවන්  අයගෙන්  උදව් ලබාගන්න
💕සිංදුවක් අහන්න
💕TV එක ටිකක්  බලන්න
💕Fbඑකටත් එන්න
💕ඔයාගේ අත්දැකීම් හා ප්‍රශ්න  හබිත් එක්ක සහ මේ group එකේ  බෙදාගන්න
💕ඉදලා හිටලා ආස කෑමක්  හදන්න
💕ගෙදර වැඩ හෙමින් කරන්න පුළුවන්
💕 ඔයාලාට බබාලා හම්බ වෙලා පලවන මාසයේ ගමේ clinicඑකේදිමේ ගැනත් බලනවා
අනිවාර්යයෙන්ම ඒ සායනයට සහභාගි වෙන්න

No comments:

Post a Comment