Tuesday, February 12, 2019

love is giving







මොකක්ද ඒ
ඇයි ඒ තදට දැනෙන්නේ
මටත් පුංචි වගේද
මොකද කරන්නේ
අම්මාට කියනවා
ඒත් කොහොම ද
පුංචි ත් හැංගුව නිසානේ ඔක්කොම වුනේ
හෙට උදේම අම්මාට කියනවා
නින්ද යන්නේ නෑ
මොනවා කරන්නද
FB එකට යනවා
ඒත් සතුටක් නෑ
විරාජ් ට call කරනවද
නෑ ඕන නෑ හරියට දැනගන්න කම් එයාට call කරන්නේ නෑ
රෑ තිස්සෙම නින්දක් නෑ
අම්මා නැගිටලා ද කොහෙද
"අම්මේ..."
"මොකද මේ කවදාවත් නැතුව උදේ පාන්දරම
ඇඳේ අනිත් පැත්තෙන් ද බැස්සේ"
"නින්ද ගියේ නෑ
අම්මාට කියන්න දෙයක් තියෙනවා "
"ඇයි මේ "
මං ඔක්කොම අම්මා ට කිව්වා 
අපි දෙන්නා ම ඇඬුවා 

මගේ පුංචි මීට අවුරුදු 5 කට ඉස්සෙල්ලා නැතිවුනා
එයාට කන්න අප්පිරියා වුනා. ඇස් කහ වෙන්න ගත්තා 

අවසානයේ පරීක්‍ෂණ ගොඩාක් කරලා පියයුරු පිළිකාව ක් අක්මාව ට හා පිට කොන්ද ට පැතිරිලා කියලා තමයි හොයාගත්තේ
අපේ පුංචි ඒ කාලයේ ගොඩක් දුක් වින්දා 
එයාලාට පියයුරු වල ගැටිත්ත දැනිලත් ඒක ගණන් අරගෙන නෑ
කොන්ද කැක්කුම ත් මල්ලී වඩාගෙන ඉන්න නිසා කියලා නිකම් ඉදලා
ඒ වෙලාවෙ අපිට කිව්වේ පියයුරු පිළිකා ව මුලින් හදුන ගත්තා නම් සනීප කරන්න පුළුවන් කියලා 
පියයුරු පිළිකා වලින් පස්සේ හොඳින් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා කියලා 

ඒත් අපේ පුංචි සෑහෙන දුක් වින්දා
මේ දැන් මතක් කරන කොටත් ඒ දැනුන වේදනාව ආයෙ ආයෙ මට දැනෙනවා වගේ
පුංචි නම් මාස හයක් විතර තමයි ජීවත් වුනේ 
පුංචි ට එතකොට අවුරුදු 40ක් වත් නෑ 
මල්ලීට අවුරුදු 3යි

අනේ ඔයා දැනගත්ත ගමන් ප්‍රතිකාර ගත්තනම්
ඔයා තාමත් ඉන්නවා නේ

ඒ කාලයේ අපිට උපදෙස් ලැබුණා මාසයකට සැරයක් ස්වයං පියයුරු පරීක්ෂා වක් මාසයක් ගානේ කරන්න
අවුරුදු තුනකට සැරයක් clinic එන්න
අම්මාට වාර්ෂිකව mammogram කරන්න 
අපි කලාද
නෑ අම්මත් නෑ මාත් නෑ
කවදාවත් මට මාස් ශුද්ධිය හැදුන දවසට හිතනවා මේ සැරේ නම් කරනවා කියලා සතියෙන් අමතක යි
අම්මාට නම් මම මතක් කලා
ඒක ඉතින් කරුමේ කියලා  එයත් නිකම් ඉන්නවා

Phone එක ring වෙනවා
විරාජ් ....
Cut කරනවා
සනීප කරන්න පුළුවන් වුනත් මොකටද පිළිකාවක් හැදුන කෙනෙක් කසාද බැඳගන්නේ
එයා කැමති වුනත් එයාගේ ගෙදර අය කැමති වෙන්නේ නෑ නේ
ආයෙත් call කරනවා
මොන කරදරයක් ද Phone එක off කරනවා

Office එකට call කරලා නිවාඩු ගත්තා 
විරාජ් ව හම්බ වෙන්නෙත් නෑනේ එතකොට. 


හවස අම්මත් එක්ක ගියා doctor ගාවට. 
Scan එකකට ලියලා දුන්නා
අම්මාට ත් mammogram කරන්න කිව්වා 

එයාලා කියපු විදිහට නම් බයවෙන්න දෙයක් නෑ 
ඒත් විදලා ශයිල පරීක්ෂණයක් කරන්න ඕන කිව්වා 
ඔක්කොම ඉවර වෙලා ගෙදර යනකොට විරාජ් ගෙදර. තාත්තා මොනවා කිව්වද දන්නේ නෑ 
මම දැක්කේ නෑ වගේ ගෙදරට ගියා
අම්මා ත් ආවා කාමරය ට
"ඇයි විරාජ් එක්ක කතා කලේ නැත්තේ" 
"මට බයයි අම්මේ"
"බයවෙන්න දෙයක් නෑ කිව්වනෙ"
"ඒත් මට බයයි
Report එනකම් කියන්න බෑ නේ "
"ඒ වුනාට ගිහිල්ලා කතා කරන්න මම තේ හදාගෙන එන්නම්"
"තාත්තා කිව්වා ඔයාට බෙහෙත් ගන්න ගියා කියලා ඇයි මට කතා කලේ නැත්තේ 
Phone එකත් off කරලා"
මම බුම්ම ගෙනම හිටියා
"මොකද බුම්ම ගෙන" 
"ඒක තමයි ලෙඩේ"
"ඒක නම් ඉතින් හැමදාම තියෙන එකනෙ හදිස්සිය බෙහෙත් ගන්න ඕන නෑනේ
ඇත්තටම මොකටද හදිසියේ බෙහෙත් ගන්න ගියේ"
"ඒඩ්ස් වලට"
"බයේ බෑ එහෙනම් මම යන්නම් "
මට ඇත්තටම ඇඩුනා 
විරාජ් ලොකු අසනීපයක් හැදුනොත් ඔයා මාව ඇත්තටම දාලා යනවද
"අනේ පිස්සියේ විහිළු වට නේ කිව්වේ" 
"විහිළු නෙවෙයි විරාජ්" 
මම එයාට විස්තර කිව්වා
"ඇයි ඔයා බොරුවට බය වෙන්නෙ "
"පුංචි දුක් විදපු හැටි මම ඇස් දෙකෙන් දැක්කා
බාප්පා මල්ලී ත් එක්ක දුක් විදින හැටි
ඇයි මම ඔයා වත් දුකකට ඇදලා ගන්නේ"
"ඔයාට මුකුත් වෙන්නේ නෑ සැහැල්ලු වෙන් ඉන්න" 

අද reports ගන්න තියෙන දවස
විරාජ් ආවා මාත් එක්ක 
අපි reports පෙන්නන්න ගියා 
"මේකෙත් තියෙන්නේ fibroadenoma කියලා 
පිළිකාවක් නෙවෙයි කියලා
මොකද කරන්නේ මාස හයකින් ආයෙ බලනවද"
"Operation කරන්න බැරිද"
"පුළුවන්" 

කාලය ගෙවිලා ගියා
අම්මා ගෙත් mammogram එක normal 
මගෙත් operation එක කලා
හැම දේකදිම මම ළඟ හිටපු විරාජ් අද මගේම වුනා. 

"ඔයාටත් අපේ බාප්පා වගේ වෙයිද දන්නේ නෑ" 
"බාප්පා වගේ නෙවෙයි මම 
මම ගානට පරීකෂා කරන්නම් කෝ" 

පූර්ණිමා ලක්මාලි 
චුට්ටිගේ ලෝකය 
















No comments:

Post a Comment